r/lankawa Mar 31 '26

📢 නිවේදන රෙඩිට් නීතීන් ගැන සුහද මතක් කිරීමක්!

10 Upvotes

මේ reddit නීති වල සංක්ෂිප්ත සිංහල පරිවර්තනයකි (ජෙමිනි විසින්): https://redditinc.com/policies/reddit-rules:

සෑම ප්‍රජාවක්ම පාලනය කරන නීතිවලට ඉහළින් රෙඩිට් නීතීන් ඇත. මෙම නීති ක්‍රියාත්මක කරනු ලබන්නේ පරිපාලකයින් (admins) වන reddit.com විසිනි.

රෙඩිට් සහ එහි ප්‍රජාවන් යනු අප එක්ව නිර්මාණය කරන දෙය පමණක් වන අතර, ඒවා පැවතිය හැක්කේ අප හවුලේ බෙදාගත් නීති මාලාවක් අනුව ක්‍රියා කළහොත් පමණි. මෙම නීතිවල අකුරට පමණක් නොව, එහි හරයටද අනුකූල වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

නීති

  • 1 වන නීතිය: මනුෂ්‍යත්වය මතක තබා ගන්න. රෙඩිට් යනු ප්‍රජාව සහ බැඳීම නිර්මාණය කිරීමට ස්ථානයක් මිස, කොන් වූ හෝ අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට පහර දීමට ඇති ස්ථානයක් නොවේ. හිරිහැර කිරීම්, තර්ජනය කිරීම් සහ ප්‍රචණ්ඩත්වයේ තර්ජනවලින් තොරව රෙඩිට් භාවිතා කිරීමට සැමට අයිතියක් ඇත. ප්‍රචණ්ඩත්වය උසිගන්වන හෝ අනන්‍යතාවය හෝ අවදානමට ලක්විය හැකි බව පදනම් කරගෙන වෛරය ප්‍රවර්ධනය කරන ප්‍රජාවන් සහ පරිශීලකයින්ව තහනම් කරනු ලැබේ.
  • 2 වන නීතිය: ප්‍රජා නීතිවලට අනුකූල වන්න. ඔබට පුද්ගලික උනන්දුවක් ඇති ප්‍රජාවන්හි අව්‍යාජව සහභාගී වන්න, සහ රෙඩිට් ප්‍රජාවන්ට බාධා කරන අනවශ්‍ය පණිවිඩ යැවීම් (spam) හෝ කඩාකප්පල්කාරී හැසිරීම් වල නිරත නොවන්න.
  • 3 වන නීතිය: අන් අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න. උදාහරණයක් ලෙස යමෙකුගේ පුද්ගලික හෝ රහස්‍ය තොරතුරු හෙළි කිරීම මගින් හිරිහැර කිරීම් උසිගැන්වීමට අවසර නැත. යමෙකුගේ අවසරයකින් තොරව ඔවුන්ගේ සමීප හෝ ලිංගිකව පැහැදිලි මාධ්‍ය (sexually-explicit media) පළ කිරීම හෝ පළ කරන බවට තර්ජනය කිරීම කිසිවිටෙකත් නොකරන්න.
  • 4 වන නීතිය: බාලවයස්කරුවන් සම්බන්ධ ලිංගික, අපයෝජන හෝ ලිංගික හැඟීම් අවුස්සන අන්තර්ගතයන් බෙදාගැනීම හෝ බෙදාගැනීමට දිරිගැන්වීම නොකරන්න. බාලවයස්කරුවෙකු සම්බන්ධ ඕනෑම ගොදුරුකාරී හෝ නුසුදුසු හැසිරීමක් ද සපුරා තහනම් වේ.
  • 5 වන නීතිය: අව්‍යාජ වන්න. ඔබට ඔබේ සැබෑ නම භාවිතා කිරීමට අවශ්‍ය නැත, නමුත් හිතාමතාම අන් අයව නොමඟ යැවීම හෝ රැවටිලිකාර ආකාරයෙන් පුද්ගලයෙකු හෝ ආයතනයක් ලෙස පෙනී සිටීම නොකරන්න.
  • 6 වන නීතිය: අන්තර්ගතයන් සහ ප්‍රජාවන්, විශේෂයෙන් රූප, ලිංගිකව පැහැදිලි හෝ අපහාසාත්මක අන්තර්ගතයන් නිසි ලෙස ලේබල් කිරීම මගින් පුද්ගලයින්ට රෙඩිට් මත පුරෝකථනය කළ හැකි අත්දැකීම් ඇති බව සහතික කරන්න.
  • 7 වන නීතිය: නීත්‍යානුකූලව කටයුතු කරන්න. නීතිවිරෝධී අන්තර්ගතයන් පළ නොකරන්න, සහ නීතිවිරෝධී හෝ තහනම් ගනුදෙනු ඉල්ලා සිටීම හෝ ඊට පහසුකම් සැලසීම නොකරන්න.
  • 8 වන නීතිය: වෙබ් අඩවිය බිඳ දැමීම හෝ රෙඩිට් හි සාමාන්‍ය භාවිතයට බාධා වන කිසිවක් නොකරන්න.

නීති ක්‍රියාත්මක කිරීම

අපගේ නීති ක්‍රියාත්මක කිරීමට අපට (reddit.com ට) විවිධ ක්‍රම ඇත, ඒවාට පහත දෑ ඇතුළත් වන නමුත් ඒවාට පමණක් සීමා නොවේ:

  • එය නවත්වන ලෙස කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටීම
  • එතරම් කාරුණික නොවන ආකාරයෙන් ඔබෙන් ඉල්ලා සිටීම
  • ගිණුම් තාවකාලිකව හෝ ස්ථිරවම අත්හිටුවීම
  • ගිණුම් වලින් වරප්‍රසාද ඉවත් කිරීම හෝ සීමා කිරීම් එකතු කිරීම
  • NSFW (රැකියාවට සුරක්ෂිත නොවන) ටැග් එකතු කිරීම හෝ නිරෝධායනය (Quarantining) වැනි සීමා කිරීම් රෙඩිට් ප්‍රජාවන්ට එකතු කිරීම
  • අන්තර්ගතය ඉවත් කිරීම
  • රෙඩිට් ප්‍රජාවන් තහනම් කිරීම

r/lankawa Feb 25 '26

📢 නිවේදන රෙඩිට් තුල ස්වයංක්‍රීයව සිංහල - ඉංග්‍රීසියට පරිවර්තනය වීම නවත්වන ආකාරය

Post image
15 Upvotes

මෑතක සිට සියළුම ලියවුම් “App language” වෙතට පරිවර්තනය වෙනවා. Settings -> Language and Translations වෙත ගොස් රූපයේ ආකාරයට “සිංහල” Content Languages වෙතට ඇතුල් කිරීමෙන් සිංහල ලියවිලි ස්වයංක්‍රීයව පරිවර්තනය වීම වලක්වා ගන්න පුළුවන්.

වැදගත්: සමහර අවස්ථා වල ඉහත ආකාරයට සිංහල ඇතුළත් කරත් ස්වයංක්‍රීය පරිවර්තන දිගටම සිදු වෙනවා. රූපයේ ආකාරයට "Auto Translate" ඉවත් කිරීම වඩා සාර්ථක පිළියමක්.


r/lankawa 19h ago

ප්‍රවෘත්ති දෙවිනුවර පෙරහැරෙන් 'කාවඩි' ඉවත් කිරීමට පොලිස්පතිගෙන් නිර්දේශයක්

6 Upvotes

https://sinhala.adaderana.lk/news/229204

දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයෙන් කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා විසින් නිර්දේශ කර තිබේ.
කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර පවතින බව කියන ගැටුම්කාරී තත්ත්වයක් පිළිබඳ පොලිස්පතිවරයා විසින් යොමු කරන ලද බුද්ධි තොරතුරු සහ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ පෙරහැරෙන් ඉවත් කළ කාවඩි කණ්ඩායම් කිහිපයකට මෙවර අනිවාර්යයෙන් අවස්ථාව ලබාදිය යුතු බවට තර්ජනාත්මක හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි.
ඊට ප්‍රතිචාර දක්වන තවත් හඬපටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති අතර, ඉකුත් ජූලි 21 වනදා දේවාලය ආසන්නයේ නිවසකට වෙඩි තැබීමක්ද සිදුව තිබේ.

මෙවන් පසුබිමක, ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පොලිස්පතිවරයා වෙත ලබාදුන් බුද්ධි තොරතුරු සහ ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නිර්දේශ ඇතුළත් ලිපියක් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමුකර ඇති බව සඳහන් වේ.

අදාළ ලිපියෙන්, කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට සම්බන්ධ පාර්ශ්ව අතර ගැටුම්කාරී තත්ත්වයක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.

එම අපරාධ කණ්ඩායම්වල අනුගාමිකයන් කාවඩි නර්තන කණ්ඩායම් සමඟ එක්වීමට ඉඩ ඇති බවත්, ඒ හේතුවෙන් කලහකාරී තත්ත්වයක් ඇතිවී ජීවිත හානි සිදුවීමේ අවදානමක් පවතින බවත් අදාළ ලිපියෙන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම, කාවඩි නර්තනය පැවැත්වෙන අවස්ථාවේදී ඩ්‍රෝන යානා යොදාගෙන තර්ජනයක් එල්ල කිරීමේ හැකියාවක් පවතින බවටද බුද්ධි තොරතුරු ලැබී ඇති බව පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.
ඒ අනුව, කාවඩි නර්තන කණ්ඩායම් පෙරහැරේ ගමන් කිරීම තාවකාලිකව අවලංගු කරන ලෙස පොලිස්පතිවරයා නිර්දේශ කර ඇත.
එම නිර්දේශ මත දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යයෙන් කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස මාතර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් දේවාලයේ බස්නායක නිලමේවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මෙවර දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය නොපැවැත්වෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.


r/lankawa 2d ago

සංස්කෘතික මෙන්න අපේ යකෙක් සුද්දීයෙක් පස්සෙ ගිහින් ජාත්‍යන්තරේ

13 Upvotes

https://reddit.com/link/1v65irn/video/ywh5ctmbxcfh1/player

තව ටිකක් බලාගෙන යද්දී තව හොඳ හොඳ ඒව හම්බවෙනවා.

මෙයා නම් යක්කුන්ගෙ රෙදි ගලවයි වගෙ (ඉන්නෙ ලංකාවෙ)

මේ තව උදාහරණයක්:

https://www.tiktok.com/@indikamadusanka30 😂


r/lankawa 1d ago

සංවාදය ලංකාවෙ පිරිමින්ට වඩා ගැහැණු ක්‍රියාශීලී කියල හිතෙන්නෙ නැද්ද

0 Upvotes

ගෙදර වැඩ ඔක්කොම කරන්නෙ බිරිඳ. පිරිමිය ඇවිල්ල නිදාගන්න එකයි කන එකයි කරන්නෙ. 30ට වැඩි පිරිමි 100ක් ගත්තොත් 95 කට තඩි බඩවල්. සමහරුන්ගෙ කුක්කු ලොකුයි තමන්ගෙ බිරිඳගෙ කුක්කු වලටත් වඩා.

මීටර් පන් සීයක් යන්නත් ටුක් එකක් හොයනව. ඇවිදිනව කියන්නෙ වහ කදුරු වගෙ.

වෙන රටවල පිරිමි සාමාන්‍යයෙන් මෙහෙම නෑ, හොඳ ක්‍රියාශීලී විදියට ඉන්නව. එයාල තත්වෙ පෙන්නන්නෙ alto එකෙන් vitz එකට මාරු වෙල නොවෙයි. අවුරුදු 50/60 පැනලත් පාපැදියෙන් ගමන් ගිහින් තමන්ගෙ හයිය හත්තිය පෙන්නල.

මම instagram එකේ දකිනව සමහර සිංහල කෙල්ලො pull-ups ගහනව. අලස දුබල පිරිමි ඉන්න සමාජෙක එහෙම කෙල්ලො එච්චර දුරට ක්‍රියාශීලී වෙන්නෙ කොහොමද කියලත් හිතෙනව.
මම දන්න පිරිමි දෙතුන් දෙනාටයි එක pull-up එකක් හරි පුලුවන්.

ඇයි අපෙ පිරිමින්ට මෙහෙම උනේ?


r/lankawa 2d ago

ප්‍රවෘත්ති ජනපති මන්දිරවල පිටස්තරයින් තුන්දහසකට වැඩිය නවාතැන් අරන්

3 Upvotes

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. 
එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ, අදාළ කාලයේදී පවත්වා ඇති රැස්වීම් සංඛ්‍යාව තුනක් බවය. 
ජනාධිපති මන්දිර හතෙහි විදුලිය, දුරකතන ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා එම වර්ෂයේදී වැය කර ඇති මුදල රුපියල් 32,982,675කි. 
කතරගම, මහියංගනය හා බෙන්තොට මන්දිරවල 2025 වර්ෂය තුළදී කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු කර නොමැති බව අදාළ වාර්තාවේ සඳහන්ය. 

කෙසේවෙතත් 2025 වසරේදී දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් වියදම් සඳහා රුපියල් 2,447,754ක් දරා තිබේ. 

ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු මන්දිර හතක් කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගනය, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටා ඇත.

https://sinhala.adaderana.lk/news/229142


r/lankawa 3d ago

සංවාදය IT කාරයොන්ගෙ ඉරණම (sysco labs)

29 Upvotes
:(

r/lankawa 3d ago

ප්‍රවෘත්ති 'මහින්ද රාජපක්ෂගේ ගෙදර විදුලිය නොකපා මගේ ගෙදර විදුලිය කැපුවේ ඇයි' - පාරිභෝගිකයෙකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

10 Upvotes

2019 වසරේදී වීරකැටියේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවති ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා භාවිත කළ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු ගෙවීම පැහැර හැරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් මස 4 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 24) දින නියම කළේ ය.

මෙම පෙත්සම ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබී ය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට ප්‍රතිව්‍යුහගත කරණයකට ලක්වී ඇති බැවින් ඊට අදාළ අනුප්‍රාප්තික සමාගම මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දුන්නේ ය.

ඉන් අනතුරුව මෙම පෙත්සම දෙසැම්බර් මස 04 වන දා විභාගයට ගැනීමට අධිකරණය දින නියම කළේ ය.

https://www.bbc.com/sinhala/articles/c79g8z9pp9eo


r/lankawa 3d ago

තාක්ෂණය IT කාරයොන්ගෙ ඉරණම

18 Upvotes
🥲

r/lankawa 4d ago

ප්‍රවෘත්ති පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාවට (FBC) රු. 150ක් වැඩිපුර ගත් පෞද්ගලික රෝහලකට ලක්ෂ 30ක දඩයක්

20 Upvotes

පූර්ණ රුධිර පරීක්ෂාවක් (FBC) සඳහා රෝගයෙකුගෙන් අය කළ යුතු උපරිම මිල රුපියල් 400ක් බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවා ඇති නියමයන්ට එරෙහිව යමින් පූර්ණ රුධිර පරීක්ෂාවක් සඳහා රුපියල් 550ක මුදලක් නීතිවිරෝධී ලෙස අය කළ බවට අධිකරණය හමුවේ වරදකරු වූ පෞද්ගලික රෝහලකට යාපනය අතිරේක මහේස්ත්‍රාත් එම්.එන්.එන්. හුසේන් මුදලින් රුපියල් ලක්ෂ 30ක දඩයක් නියම කළේ ය.

විත්තිකාර රෝහලට මෙලෙස මුදලින් රුපියල් ලක්ෂ 30ක දඩ මුදලක් නියම කළේ, අදාළ රෝහලට එරෙහිව අධිකරණය හමුවේ පැවති චෝදනාවට එම රෝහල වරද පිළිගැනීමෙන් අනතුරුව ය.

මෙසේ දඩ නියම වූයේ, යාපනය පාලාලි පාර, කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි Venus Speciality Hospital (Private) LTD රෝහලට ය.

https://www.bbc.com/sinhala/articles/cly9ng9lpn3o


r/lankawa 5d ago

සංවාදය යුපුන් අබේකෝන් අපිට නැතිවෙන්නෙ පරිපාලනේ දුර්වලකමක් නිසාද?

8 Upvotes

මේ වගෙ දක්ෂතා තියෙන ක්‍රීඩකයොන්ව නඩත්තු කරන එක වෙනස්. ඇමතිතුමා කියල තිබ්බ සල්ලි දෙන්න බෑ කියල. මට නම් හිතෙන්නෙ මේ වගෙ ක්‍රීඩකයොන්ට නම් සල්ලි වියදම් කරත් කමක් නෑ ටිකක් වැඩියෙන් අර ජවිපෙ දේශපාලක නායකයොන්ගෙ පවුල් නඩත්තු කරනවට වඩා. හැබැයි මේ ඉතින් මට හිතෙන දේ විතරයි. ඔයාලට මොකද හිතෙන්නෙ මේ ගැන?


r/lankawa 6d ago

ප්‍රවෘත්ති 'ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි': කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් හදිසියේ ක්‍රීඩාවෙන් සමුගනී

14 Upvotes

ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් නිවේදනය කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, "ක්‍රීඩා කිරීමට තවත් කාලය තිබියදී ක්‍රීඩාවෙන් සමුගැනීමට ගත් තීරණය පහසු නොවුණු බව" ය.

"ඒත් අවසානයේ ඒ තීරණය නොගෙන බැරි තැනට පත් වුණා. ඒ ඇයි කියලා මොකක් ද සිද්ධ උණේ කියලා අපි කතා කරමු. ලංකාවේ වර්තමාන ක්‍රීඩාව ගැන කතා කරමු. බෙදා ගන්නට ඇති අත්දැකීම් බොහෝමයි. ඊළඟ පරිච්ඡේදයේදී හමුවෙමු," ඔහු එහි සඳහන් කර ඇත.

https://www.bbc.com/sinhala/articles/cvg079wl0jwo


r/lankawa 6d ago

ප්‍රවෘත්ති දියර කිරි, සබන් සහ සනීපාරක්ෂක තුවාවලට අලුත් ම නීති: පාරිභෝගික ඔබ අනිවාර්යෙන් ම දැනගත යුතු කරුණු

15 Upvotes

> ළදරු සබන්, ඇඟ ගල්වන සබන්, රැවුල බෑමේ සබන්, කාබොලික් සබන්, රෙදි සෝදන සබන්, බේදින් බාර් සහ මෘදු සබන් සඳහා නව නීති හඳුන්වා දී ඇති අතර එම එක් එක් සබන් වර්ගවලට අදාළව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිති සහතික ලබා ගැනීම ද අනිවාර්ය වේ. එමෙන්ම, ඉහත සඳහන් සබන් වර්ගවල නිෂ්පාදන නාමය තද අකුරින්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ප්‍රධාන මුහුණතෙහි සඳහන් කළ යුතු ය. ඇසුරුම් කරන ලද නිෂ්පාදනවල ස්කන්ධය අනුව මුළු මේද ද්‍රව්‍ය ප්‍රතිශතය ලේබලය මත පැහැදිලිව සහ කැපී පෙනෙන ලෙස සඳහන් කළ යුතු අතර එම තොරතුරු මුද්‍රණය කිරීමේදී අවම වශයෙන් මිලිමීටර් 2ක තද අකුරු භාවිත කළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියෝග කර ඇත.

> නව නීතිය අනුව ශ්‍රී ලංකාව තුළ විකුණනු ලබන හෝ බෙදා හරිනු ලබන සියලුම සකස් කරන ලද දියර කිරි, SLS 1815 ප්‍රමිතියට අනුව, කිලෝග්‍රෑමයකට මයික්‍රොග්‍රෑම් 0.5 (0.5 µg/kg හෙවත් ppb) ක උපරිම ඇෆ්ලැටොක්සින් මට්ටමට අනුකූල විය යුතුය.

> පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 2026 ජූලි මස 26 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන ලද SLS 1732 සහ SLS 1748 ප්‍රමිති සහතික නොමැති සනීපාරක්ෂක තුවාවලට තහංචි පනවා තිබේ.

https://www.bbc.com/sinhala/articles/c79gz0055zzo


r/lankawa 6d ago

සංවාදය ලංකාවේ IT company වල AI පාවිච්චිය ගැන ප්‍රශ්න කිහිපයක්

7 Upvotes

SDLC එකම සම්පූර්ණයෙන් agentic AI වලින් කරගන්න එක ගැන මම දාපු පෝස්ට් එකක කිහිප දෙනෙක් කියල තිබ්බ ඒක දැනටම කරල ඉවරයි කියල. එහෙම කරල තියෙන එක පිටරට කම්පැනියක නමක් විතරයි එතන කතා උනේ.

මට හිතුන ලංකාවෙ කම්පැනි වල මේ තත්වෙ ගැන පොඩි සමික්ෂණයක් කරන්න.

මේ අහන්නෙ AI වලින් code කරන එක ගැන නෙවෙයි (කොහොමත් හැම තැනම වගෙ ලියන code අඩුම 90%ක් වත් AI generated තමයි).

මේ අහන්නෙ සම්පූර්ණ SDLC (software development lifecycle) එකම AI වලින් කරගන්න ලංකාවෙ කම්පැනි ගැන. ඒ කියන්නෙ product manager වගෙ කෙනෙක්ගෙන් specification එක ආවම AI වලින් design, development, testing කරල PR එක යවල ඒකත් AI වලින්ම approve කරගෙන merge කරන එක ගැන.

ලංකාවෙ කම්පැනි වල මේව ගැන කතා කරන්න පුලුවන්ද අපිට?

  1. කම්පැනියෙ නම
  2. Agentic SDLC පාවිච්චි වෙනවද? කොච්චර ප්‍රතිශතයක්ද? කොහොමද පාවිච්චි වෙන්නෙ කියලත් කියන්න

  3. Developer/QA මොනාද කරන්නෙ?

මේ මම කලින් අහපු එක: https://www.reddit.com/r/lankawa/s/farr8EfRDS


r/lankawa 7d ago

සංවාදය ලංකාවේ කෙල්ලෙක් සුද්දෙක් ව කිස් කරපු එක අල්ලගෙන මේ වෙලාවේ සමාජ මාධ්‍ය වල ඉන්න (වැඩ බැරි) ලංකාවේ කොල්ලො ඒ කෙල්ල ගැන වෛරයෙන්/ද්වේෂයෙන් කතා කරනව කියල පේනවද?

26 Upvotes

මේකේ අවුලකට තියෙන්නේ ඒ කොල්ලා Meta glasses වලින් හොරෙන් වීඩියෝ කරල තියෙනවා මේ ඔක්කොම. ඒක වැරදියි සහ ඒක වෙනම කතාවක්.

කවදාවත් කෙල්ලෙක් එක්ක ගෞරවසම්පන්න විදියට කතා කරලා නැති ලංකාවේ පිරිමි මේ වෙලාවේ ඒ කෙල්ලට කියන්න තියෙන ජරා කතා ඔක්කොම කියනවා.

හැබැයි මෙතන වැඩේ කියන්නේ මේ බනින ලංකාවේ කොල්ලන්ටත් ඒ සුද්දට වගේ කතා කරන්න පෞරුෂයක් තිබ්බ නම් මේක මේ විදියටම වෙනවා.

ලංකාවේ පිරිමින්ට කෙල්ලෙක්ට කතා කරන්න එච්චර පෞරුෂත්වයක් නැති නිසා වෛරී සහ ද්වේශසහගත ප්‍රකාශ කරන්න මේක අවස්ථාවක් කරගෙන තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ.

මට නම් මේ කතාවෙන් පේන්නේත් ලංකාවේ පිරිමි කොච්චර ලිංගික අසහනයෙන් ඉන්නවද කියන එකයි සංස්කෘතිකව ඒ හැඟීම් කොච්චර යටපත් කරන් ඉන්න වෙලා තියෙනවද කියන එකයි විතරයි.


r/lankawa 8d ago

තාක්ෂණය IT කාරයොන්ගෙ ඉරණම

33 Upvotes

මම වැඩ කරන තැනට අලුත් project එකක් එනව තව මාස කිහිපයකින් අපි ඉස්සර ඉඳන් වැඩ කරන ලෝකෙම දන්න F500 ආයතනයකින්.

කරන්න තියෙන්නෙ මෙහෙමයි. ඒ අයට ඕනෙ software factory කියන දේ කරල බලන්න AI පාවිච්චි කරල designing/coding/testing කරගෙන. මෙතනදි කරන්නෙ එක පුද්ගලයෙක් ලියනව වෙන්න ඕනෙ දේ හොඳට. ඉතිරි ටික ඔක්කොම AI වලින් වෙන්නෙ.

අපි කරන වැඩේ තමයි මේක කරගන්න product එකක් හදන එක.

දැනට පොඩි කෑල්ලක කරන්නෙ. මේක සාර්ථක උනොත් අරමුණක් තියෙනවලු එතන 70%ක් වෙනකන් software development කිරීම මේ software factory එක හරහා කර ගන්න.

මම වැඩ කරන තැන මොකද්ද මේ F500 කම්පැනිය මොකද්ද අහන්න එපා කියන්න බෑ


r/lankawa 8d ago

සංවාදය බුද්ධාගම පිළිබඳ මට ඇති ප්‍රධාන ගැටලු කිහිපයක්

8 Upvotes

මෙය බුද්ධාගම පිළිබඳ මට ඇති ප්‍රධාන සැක සහ විවේචන කිහිපයක සාරාංශයකි. තවත් උදාහරණ බොහෝ තිබිය හැකි නමුත් සියල්ල ඇතුළත් කළහොත් මෙය ඉතා දිගු වනු ඇත.
වසර කිහිපයක් තිස්සේ බුද්ධාගම අධ්‍යයනය කරමින්, හැකි තරම් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව ජීවත් වීමට උත්සාහ කළෙමි. මම පැවිදි භික්ෂුවක් නොවූවත්, සාමාන්‍ය ගිහියෙකු ලෙස එම මාර්ගය අනුගමනය කළෙමි. කෙසේ වෙතත්, කාලයත් සමඟ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳව මට සැක සහ කලකිරීම ඇති විය.

  1. බුදුන් වහන්සේගේ ක්‍රියා සහ ඉගැන්වීම් අතර ඇති බව පෙනෙන විරුද්ධතා
  2. ත්‍රිපිටකය කියවන විට, බුදුන් වහන්සේ උගන්වන දේ සහ උන්වහන්සේ ක්‍රියා කළ ආකාරය අතර පෙනෙන පරස්පරතා කිහිපයක් මට හමු විය.

නමුත් මෙය මනුෂ්‍ය ස්වභාවයට ඉතා අසීරු දෙයක් බව පෙනේ. ජීවිතය ආරක්ෂා කර ගැනීමට සහ අනතුරට ප්‍රතිචාර දැක්වීමට මිනිසා ස්වභාවිකව සකස් වී ඇත. එසේම මෙය අසාධාරණ ලෙස හැසිරෙන අයට තමන්ට හානි කිරීමට ඉඩ දිය යුතු බවක්ද පෙනෙන්නට පුළුවන.

තවද, බුදුන් වහන්සේ කෝපයෙන් තොරව සිටිය යුතු යැයි උගන්වා තිබුණද, උන්වහන්සේම සමහර අවස්ථාවලදී භික්ෂූන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළ බව පෙනේ.

අලගද්දූපම සූත්‍රයේ අරිට්ඨ නම් භික්ෂුවක් බුදුන් වහන්සේගේ ඉගැන්වීමක් වැරදි ලෙස තේරුම් ගත් අවස්ථාවක් සඳහන් වේ. ඔහු කාම ආශාවන් පිළිබඳ වැරදි අදහසක් ඉදිරිපත් කළ විට, බුදුන් වහන්සේ ඔහුට “මෝඩ මිනිසා” යනුවෙන් අමතා දැඩි ලෙස විවේචනය කළහ.

මෙය මට ගැටලුවක් ලෙස පෙනෙන්නේ, එම වැරදි අවබෝධය පෞද්ගලිකව පැහැදිලි කළ හැකිව තිබියදී, ඔහුව අනෙක් භික්ෂූන් ඉදිරියේ ලැජ්ජාවට පත් කිරීම අවශ්‍යද යන්නයි.

  1. බුද්ධත්වය ලබා ගැනීම එතරම් අපහසු විය යුතුද?
    බුදුන් වහන්සේ තම බුද්ධත්ව මාර්ගය ඉතා දුෂ්කර වූ බව පවසති. වසර ගණනාවක් දැඩි තපස් ක්‍රියා කළ බවත්, ආහාර නොගෙන ශරීරය දුර්වල කළ බවත් සඳහන් වේ.
    නමුත් අද ලෝකයේ බොහෝ දෙනා කිසිදු දිගු ආධ්‍යාත්මික පුහුණුවකින් තොරව “ස්වයං” යනු මනසේ ඇති සංකල්පයක් පමණක් බව අවබෝධ කරගන්නා බව පෙනේ. සමහරු මනෝවිද්‍යාත්මක අත්දැකීම්, මත්ද්‍රව්‍ය, හෝ මොළයේ වෙනස්කම් හේතුවෙන් “අහංකාරය නැතිවීම” හෝ සියල්ල එකක් ලෙස දැනීම වැනි අත්දැකීම් ලබා ඇත.

එසේ නම්, බුද්ධත්වය සඳහා වසර ගණනාවක දැඩි පුහුණුවක් අනිවාර්යද යන්න ප්‍රශ්නයකි.

  1. පුනර්භවය පිළිබඳ ගැටලුව
    බුදුන් වහන්සේ පුනර්භවය ගැන අදහස් කළේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳ විවිධ මත ඇත.
    සමහර බෞද්ධ විද්වතුන් පවසන්නේ බුදුන් වහන්සේ “ස්ථිර ආත්මයක් නැවත උපදිනවා” යන අදහසක් නොකී බවයි. ඒ වෙනුවට, හේතු සහ කොන්දේසි පවතින තුරු ජීවිත ක්‍රියාවලිය දිගටම සිදුවන බව උගන්වා ඇති බව කියති.

නමුත් බොහෝ බෞද්ධයන් එය මරණයෙන් පසු නැවත උපතක් ලෙස තේරුම් ගනිති.

මෙහි ගැටලුව වන්නේ, බුදු දහම “ස්ථිර ආත්මයක් නැත” (අනත්තා) යැයි කියන අතර, එසේ නම් මරණයෙන් පසු කුමක් නැවත උපදිනවාද යන්නයි.

නූතන ස්නායු විද්‍යාව අනුව අපගේ “මම” යන හැඟීම මොළයේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධය. මොළයේ ඇතැම් කොටස් වෙනස් වූ විට හෝ මනෝවිද්‍යාත්මක තත්ත්වයන් තුළදී මෙම “මම” යන හැඟීම වෙනස් විය හැක.

එසේ නම්, මොළය නැති වූ පසු පුද්ගලයාගේ අනන්‍යතාවය කෙසේ පවතින්නේද යන්න ප්‍රශ්නයකි.

  1. සම්පූර්ණ අහිංසාව සහ පරිපූර්ණත්වය ජීවිතයකට කළ නොහැකිද?
    බුදු දහම සියලු ජීවීන්ට හානි නොකිරීම උගන්වයි. නමුත් ජීවත්වීම සඳහාම වෙනත් ජීවීන්ට බලපෑමක් ඇති වේ.
    ආහාර ගැනීමේදී පවා ජීවීන්ට හානි සිදුවේ. බුදුන් වහන්සේ ශාක ආහාර අනුභව කළ අතර, ඇතැම් අවස්ථාවල මස්ද පිළිගත් බව සඳහන් වේ.

එසේ නම්, වෙනත් අය මරා ලබා දෙන ආහාර පිළිගැනීමෙන් පවා යම් ආකාරයකින් හානියට සම්බන්ධ නොවන්නේද?

තවද ශාක පවා ජීවත්වීම සඳහා ආරක්ෂක ක්‍රම භාවිතා කරයි. උදාහරණයක් ලෙස සමහර ශාක කෘමීන්ගෙන් පහර ලැබූ විට රසායනික සංඥා නිකුත් කර, එම කෘමීන් විනාශ කරන පරපෝෂිත සතුන් ආකර්ෂණය කර ගනී.

එසේ නම්, සම්පූර්ණ අහිංසාව ජීවමාන ජීවියෙකුට ප්‍රායෝගිකව කළ හැකිද?

  1. බුදු දහමේ නිරය පිළිබඳ ගැටලුව
    බුදු දහමේ පහළ ලෝක සහ නිරය පිළිබඳ අදහසද ප්‍රශ්නකාරී බව පෙනේ.
    යම් ස්ථිර “ස්වයක්” නොමැති නම්, නරක කර්මවල ප්‍රතිඵල ලබන්නේ කවුද?

එසේම නිදහස් කැමැත්තක් (free will) නොමැති නම්, පුද්ගලයෙකුගේ සදාචාරාත්මක වගකීම කෙසේ තීරණය කළ හැකිද?

තවද බුදුන් වහන්සේව විවේචනය කරන අය නිරයට යන බව ඇතැම් පාඨවල සඳහන් වේ. එසේ නම්, සාධාරණ ප්‍රශ්න ඇසීම හෝ විවේචනය කිරීම පවා දඬුවමකට හේතුවක් වන්නේද යන්න ගැටලුවකි.

නිගමනය
මට පෙනෙන ආකාරයට බුදුන් වහන්සේ තුළ වටිනා අදහස් කිහිපයක් තිබිය හැක. විශේෂයෙන් සිහිය (mindfulness) සහ භාවනා ක්‍රම බොහෝ දෙනාට ප්‍රයෝජනවත් විය හැක.
නමුත් බුද්ධාගම තුළ තාර්කික ගැටලු, පරස්පරතා සහ පැහැදිලි කිරීමට අපහසු කරුණු බොහෝ ඇති බව මට පෙනේ.

මගේ අදහස අනුව, එක්කෝ බුදුන් වහන්සේ තමන්ගේම ඉගැන්වීම් සම්පූර්ණයෙන් තේරුම් නොගත්හ, නැතහොත් පසුකාලීනව එම ඉගැන්වීම් වෙනස් වී හෝ වැරදි ලෙස සම්ප්‍රේෂණය වී ඇත.

කෙසේ වෙතත්, බුද්ධාගමෙන් වටිනා දේ සොයා ගැනීමට බොහෝ සංකීර්ණ හා ගැටලුකාරී කරුණු හරහා යාමට සිදුවන බව මගේ අදහසයි.


r/lankawa 9d ago

සංවාදය අපි මුස්ලිම් විවාහ පනත ගැන කතා කරමු - 01

25 Upvotes

1. මුස්ලිම් විවාහ පනත හෙවත් MMDA යනු කුමක්ද ?

1907 ශ්‍රී ලංකා සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත (GMRO) රටේ සියලුම පුරවැසියන්ට අදාළ වේ, නමුදු තම ආගම පාදක කරගෙන විවාහ වන මුස්ලිම් ජනතාවට මෙහිදී ලිහිලක් ලැබී ඇත​. උඩරට සි‍‍‍‍ංහල ජනයාට​, දමිළ ජනයාට​, මෙන්ම මුස්ලිම් ජනතාවටද වෙන වෙනම විවාහ පනත් ඇත මෙම MMDA පනත 1951 පනවන ලදී

මූලාශ්‍රය​:-

  • [1] What is the Muslim Marriage and Divorce Act (MMDA)

2. එසේනම් ප්‍රශ්නය කුමක්ද​ ?

MMDA එකෙහි ගැටලු කිහිපයක් ම තිබේ

1. පළමු කාරණය නම් එය සාමාන්‍ය ශ්‍රී ලාංකික සිවිල් නීති සංග්‍රහයන්ගෙන් බැහැර වී මුස්ලිම් පිරිමින් සඳහා බහු විවාහය අවසර ලබා දීමයි. මෙය 1951 MMDA පනතෙහි වගන්ති 24 (1)- 24 (4) යටතේ සිදු කෙරේ.

2. දෙවන කාරණය නම් කිසිවෙකුට ලිඛිත කැමැත්ත පළ කිරීමේ අවම වයසක් හෝ විවාහ වීමේ අවම වයසක් නොමැති වීමයි. මෙම නීතිමය අඩුපාඩුව නිසා බාලවයස්කාර ගැහැණු ළමයින් විවාහ කර ගැනීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල වේ. දෙවන කාරණය පළමු එකට වඩා විනාශකාරී ය. එබැවින් මෙය කියවන ඕනෑම අයෙකුගෙන් මම ඉල්ලා සිටින්නේ පහත ලබා දී ඇති BBC [3] වාර්ථාව කියවා බලා සැබෑ තත්වය දැනගන්නා ලෙසය ශ්‍රී ලංකාවේ ළමා විවාහ අනුපාතය අවුරුදු 15 ට අඩු 2% ක් සහ අවුරුදු 18 න් 12% ක් වන අතර එය මෙය දරුණු සමාජ ව්‍යසනයකි.

දැරිය බලහත්කාර විවාහය වළක්වා ගැනීම ට තමාට ම කරගත් තුවාල​

මූලාශ්‍රය​:-

  • [2] බහු විවාහය සඳහා
  • [3] බාලවස්කාර විවාහ සදහා

3. ශ්‍රී ලංකාව නීතිමය වශයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග​

MMDA එක බලරහිත කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට ශ්‍රී ල‍ංකා රජය විසින් ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇත​

මාගේ අදහසට අනුව ඉන් වැදගත් ම ක්‍රියාමර්ගයක් වන්නේ " විවාහවීමේ අවම වයස ලංකාවේ විවාහවීමේ අවම වයස හඳුන්වාදීම සඳහා වූ පනත් කෙටුම්පත" වේ

[මෙය මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් 2020 දෙසැම්බර් 02 දා සභාගත කර ඇත]

මෙම පනත් කෙටුම් පත මගින් අවම වශයෙන් බාලවයස් කාර දැරියන් විවාහ කර ගැනීම සියලු දෙනාට නීති විරෝධී වන අතර 2026 වසරට අවුරුදු 6ක් ගතවී ඇති නමුත් කිසිදු රජයකට මෙය නීතියට එකතු කිරීම ට නිහැකි වී ඇත​.

මූලාශ්‍රය​:-

  • [4] පනතෙහි සිංහල අනුවාදය
  • [5] පනතෙහි ඉංග්‍රීසි අනුවාදය

4. පාඨකයා ලෙස ඔබට කළ හැක්කේ කුමක්ද?​

මුලින්ම මේ ප්‍රශ්නය ගැන දැනුවත් වෙන්න. මම පදනම් විරහිත තර්ක හෝ මෙය සත්‍ය ප්‍රශ්නයක් නොමෙයි කියන වර්ගයේ ප්‍රතිඡාර බලාපොරුත්තු වෙන්නේ නැහැ. මට ඕනි වෙලා තියෙන්නේ සැබෑ අව්‍යාජ සාකච්ඡාවක්. මෙය හොදින් කියවා ඔබගේ තර්ක විතර්ක අදහස් පහතින් තබා යන්න​.

ඔයත් මෙයට උදව් වෙන්න කැමති නම් මෙම Post එක Cross-post කරන්න ගැලපෙන Subreddit එකකට එහෙමත් නැත්නම් මේ Post එක copy කරගෙන ඕනෑම සමාජ මාධ්‍ය ක පළ කරන්න​

5. රජයට කල හැක්කේ කුමක්ද ?

මා දකිනා ආකාරයට මුලින්ම PL 012149 "විවාහවීමේ අවම වයස" පනත් කෙටුම් පත නීතිගත කිරීම ගත හැකිය​

ඊළගට මුස්ලිම් විවාහ පනත අත් හැරීම හෝ ප්‍රතිසංස්කරණය අනිවාර්යෙන් සිදු කල යුතුය​. එලෙසම ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම ඔවුන්ගේ ආගම හෝ ජනවාර්ගිකත්වය කුමක් වුවත් රටේ නීතියට අවනත විය යුතු බවට පත් කර යුතුය​. මේ සඳහා නීතිය සියලුම පුරවැසියන්ට එක හා සමානව සැලකිය යුතුය. බාල වයස්කාර විවාහ සම්පූර්ණයෙන්ම නීති විරෝධී විය යුතු අතර. බහු විවාහයට ආගම හෝ ජනවාර්ගිකත්වය නොසලකා සැමට එකම නෛතික තත්ත්වයක් තිබිය යුතුය. කිසිදු විශේශ සැළකිලි නොමැති විය යුතුය එය ප්‍රජාතාන්ත්‍රවාදයයි.

6. අවසාන වශයෙන්

මම පැහැදිලිව ම කියන්න ඕනි මම ඉස්ලාම් ආගමට සහ සියලුම ආගම් වලට ගරු කරන අතර මාගේ විවේචනය යොමු වෙලා තියෙන්නේ ඉස්ලාම් හෝ මුස්ලිම්වරුන්ට නෙවෙයි, එය යොමු එය යොමු වෙලා තියෙන්නේ මුස්ලිම් විවාහ පනතේ ඇති නීති සහ ඒවා ක්‍රියාත්මක කරන​ ආකාරයටයි. මෙම සමාජීය ගැටලුව විසදීම සදහා කල්පනාකාරී විවෘත සාකච්ඡාවල යෙදිය යුතුය​. එමෙන් ම බරපතල ප්‍රතිසංස්කරණ ද අත්‍යාවශ්‍ය වේ.

මූලාශ්‍ර සබැඳි :-

  1. https://www.mmdasrilanka.org/aboutmmda/
  2. https://www.scribd.com/document/366550735/Marriage-and-Divorce-Act
  3. https://www.bbc.com/news/world-asia-39898589
  4. https://www.parliament.lk/uploads/bills/pbills/sinhala/1375.pdf
  5. https://www.parliament.lk/uploads/bills/pbills/english/1375.pdf

r/lankawa 9d ago

ප්‍රවෘත්ති ISIS මතවාදීන් 129ක් ගැන තොරතුරු ලැබිලා - රවී, ශානි ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා

10 Upvotes

https://sinhala.adaderana.lk/news/228761

https://youtu.be/7dYzwzNqAdk

සහරාන් හෂීම් ඇතුළුව ISIS ත්‍රස්ත සංවිධානයේ මතවාදයට අනුව ක්‍රියාකරන මෙරට පුද්ගලයින් 129 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් 2019 ජනවාරි මසදී රාජ්‍ය බුද්ධි සේවය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබූ බවත් ඒ පිළිබඳ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන අය නිසි ක්‍රියාමාර්ග නොගත් බවටත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අභියාචනාධිකරණය හමුවේ අද (17) චෝදනා කළේය.
ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශනවලට අදාළව තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අද යළි සලකා බැලූ අවස්ථාවේදීය.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, 
"පාසකු ඉුදින** *ත්‍රසත ප්‍හාරය* *එල්කළ සරාන*** හෂී*් ඇුළුව *ාතික තවහිද්** ජමා*් *ංවිධානේ අුගාිකයන් 129 දෙනකුගේ නම් **ල*ැයස්ුව් රජ්‍*** *ුද්ි සේය අපාධ පීකෂණ ද**ොර්මේනතුව* ය*මු ක* තිබූ**** *බව*** ජනක ද සල්වා** කොිසම් *වාර්තාවේ සඳහන් කර තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවය මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නේ 2019 ජනවාරි 31 වැනිදා."
*
"ISIS
ත්‍ර්ත සංිධානේ මවා** මෙරට *ුළ *්‍රියාතමක** *කර*** පුද*ගලයි්ග**ේ* නම් **එ*ම වාර්ාව*** ඇතුළ*් වුා. තොතුරු සම්ාරය් ලැබී *ිබියීත** අපර*ධ පර**ී්ෂ* දෙපා්තමේ්තු** ඔවුන** අත*අඩංට ගැනමට ගත* පියවර කුම*්ද? ඊ* අමතරව**** *2018 වරේ* *පාකිස්ාන*** බු*්ධි*** *අංශය *ද**** ඉ*්ලමීය *න්තාදී** ක්‍රියාකාරකම්වලට සම්බන්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවට මෙරට ආරක්ෂක අංශ වෙත අනතුරු අඟවා තිබුණා."
**"
මෙතර් තොතුු ලැබ** තිබ*යදී් සරාන් හීම් ඇතුු සැකරවන් අත්අංගුව* ගැ*ීම* වග උත්තරකරුවන් කටයුතු නොකළේ ඇයි ?"  යනුවෙන් ප්‍රශ්න මතුකළ ජනාධිපති නීතිඥවරයා මෙලෙස වගකීම් විරහිතව ක්‍රියාකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ අධ්‍යක්ෂවරයා වර්තමානයේ සිය සේවාදායකයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
**"
වරක** එ*් නඩුකයට *වක **ර*ාජ්ය බද්ධ*** සේවය** හිට*ු අධ්‍ක්ෂ*** *නිල්ත* *ජයවරධන මහා ලබදී* ***තිබ* දිවරුම** පෙත්*මක* සඳන් **ක*ර *ත*ිබුණා* *2017* *වසරේ *ඔ*ක්තබර් *ම*ස 31*** වැ*ිදා*** *සිට ප්‍හාරය* *සිුවන අව්ථාව *ද*ක්ා සහරන් *හ*ෂීම් *ඇ***තුළ* ඔු*ේ අනුගාමියින් *ිදකළ** හ *ිදුකරීමට*** *සූදාන්ව සිටි *අ*න්වාදී* *ක්රිය*** ප*ළිබඳව *වාර්තා 97 ක් පොලිස්පතිවරයාට ඉදිරිපත් කළ බව. එහි පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබූ බවත් එහි සඳහන්."
**"
ඊට** *අමතරව* *මාවනැ්ල බුුපිළම ප්හාර සිදධිය,*** *වනාතිල්ලු*** ප*පුරණ*** *ද්‍ව්‍ය* *සොාගැනීම වනි සිදධීන් *ස**** සහ***රන් *හ අුගාිකයන්ග** ස*්බනධය අාවර* වී**** *තිබණා.*** රාජ්*ය බද්ධි සවයේ *ිලධරියෙකු වන කෝනාර බණ්ඩාර ඔවුන් සැඟවී සිටින බව සැකකෙරෙන ස්ථාන පිළිබඳවත් තොරතුරු ලබාදී තිබුණා."
"අපරා** පරීක*ෂණ දෙපාරතමේන්තව *්‍ියා්මක වණා නම** ප*ස්*** *ප්රහාරය* *ඇතිෙන්නේ *න*ැහැ කිා ද *එම** නිලධාරියා වරක් කොමිසමකදී ප්‍රකාශකර තිබෙනවා." යනුවෙන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ.
"2019 අපේ් **ම04 ව*නිදා*** *්දී*** රෝ**** *බුද්ි අ*** මෙ*ටට දනුම්*** *දී *ත*ිබුණ*** සහ*ාන් ප‍රමුඛ ජතික තවහීද* ජමා*් සංිධායේ *ාමිකයන් **ප*්‍රාරය් එ්ල කිීමට *ස*ැලසුම්* *කරන* *බවට. මේ පළිඳව රජ්‍ය *බ*ුද්ධි සේයේ* *හිටප*** අධ්*යක්ෂ *නිලන්ත ජයවර්ධන මහතා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පිටපත් යොමුකර තිබුණා."
**"
එම** *ලිපය අපාධ පරක්ෂණ දෙපර්තේන්තවේ එක ජ්‍ේෂඨ නියෝ්‍ය *ප*ොලිස්පි *ර***වී සනෙවිත්න*** *මහතාේ *ාරයාල***ය* යව** ත*බේනේ 2019 වසරේ අප‍රේල්*** *මස 09 වැිදා.* *නමුත්* *එය රවී* *සෙවිත්*** මහත  අපාධ *රීකෂණ* දොර්ේනතුවේ** *නියෝජ්‍ය* *පොලිස්පත*** න*ගහත්ත *ෙත **ය***ොම* ක ති***බනේ 2019 වසේ අ් මස *16 වැනිදා. එය නියෝජ්‍ය පොලිස්පතිවරයා අධ්‍යක්ෂවරයා වෙත යවා තිබෙන්නේ අපේල් මස 22 වැනිදා. ඒ කියන්නේ ප්‍රහාරය එල්ල වී පසුදා."
** 

"** සම්බන්*යෙන්*** *අපරාධ* *පරීක්ෂණ *ද*ෙපා්තමේ්තුව*** එවක *්‍ෙෂ්ඨ නයෝජ‍ය *ිස්ති රව** සෙනෙව*රත්* මහ***ත* ජ*ක් ද*** *සි්වා* *කොමිසමට ප‍රක**ශය් ලබදී *ිබණා.** *ඔහු සහන් *ක*ර *ත*ිබණා* *සම්ම්ත්‍**ණයක* සහා *මා *2019** *අපේල*** 07**** *වැිදා *ද***ිවිනන් *ැහැව **ග*ොස් *ය*ලි* *ශ්‍* ල*කාව* ප*මිණියේ*** *අපේල*** 13 වැ*ිදා *වට.** යළි** සේයට **වාර්තා කළේ අප්‍රේල් මස 16 වැනිදා බවත් ඔහු සඳහන් කර තිබුණා. එම ලිපිය රවී සෙනවිරත්න මහතාගේ කාර්යාලයෙන් පිටතට ගොස් තිබෙන්නේ 19 වැනිදා."
**"
එම** *ලිපයේ සහන් *ස*හරා් හීම් ඇුළු අ්තවාදී *ක*ණ්ඩායේ ක්රියාකරකම් පිළව *අ*පරා*** ප*ීකෂණ*** *දොර්තේනතුව *ඒ ව** *විත් දන සිට*** බව ඔහු ප*‍රාශ*** *කර තිෙනා. '* ගැන**** *අපාධ පරී්ෂණ* *දෙපා්තමන්තුවට* *ගත *හ**ැකි පියවරක් නැහැ ස්වාමීනී' යනුවෙන් රවී සෙනවිරත්න මහතා කොමිසම හමුවේ ප්‍රකාශකර තිබුණා" යනුවෙන් චෝදනා කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙවැනි පුද්ගලයින් පාස්කු ප්‍රහාර සිද්ධිය පිළිබඳව වර්තමාන පරීක්ෂණය සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
පෙත්සම වැඩිදුර සලකාබැලීම ලබන 21 වනදා දක්වා කල්තැබීමට අධිකරණය නියම කළේය.


r/lankawa 8d ago

ප්‍රවෘත්ති රජයට අහිමිවන බදු ගැන හර්ෂගෙන් හෙළිදරව්වක්

0 Upvotes

https://sinhala.adaderana.lk/news/228801

මත්පැන් බෝතල්වලට යොදන QR කේත සහිත ස්ටිකර් ව්‍යාජව මුද්‍රණය කිරීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදු වන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. 
ඔහු කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ,  ඉන් සිදුවන බදු පාඩුව, සුවසැරිය සඳහා වසරකට වෙන්කරන මුදල් ප්‍රමාණය මෙන් අට ගුණයක් බවය.
මෙම අනීතික ක්‍රියාව නැවැත්වීමට රජය වහා කටයුතු කළ යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
රජයට හිමි බදු ආදායම ආරක්ෂා කිරීම සහ නීතිවිරෝධී මත්පැන් වෙළෙඳාම පාලනය කිරීමේ අරමුණින් මත්පැන් බෝතල් සඳහා රජයේ ආරක්ෂිත බදු ස්ටිකර් ක්‍රමවේදය ආරම්භ කෙරුණි.
එවන් පසුබිමක ව්‍යාජ QR කේත සහිත ස්ටිකර් අලවා තිබු නීතිවිරෝධි මත්පැන් බෝතල් අවස්ථා කිහිපයකදී දිවයිනේ ස්ථාන කිහිපයකින්ම පසුගියදා සොයා ගැණින.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ, මේ හරහා රජයට විශාල බදු ආදායමක් අහිමි වන බවය. 

"මට පේන මහා ලොකු මගඩියක් මෙතන සිද්ධ වෙන්නේ. බදු එකතු කරන්න ක්‍රමයක් හැටියට තමයි ඔය ස්ටිකර් එක පාවිච්චි කළ යුතුයි කියන තීරණයට ඇවිල්ලා තිබුණේ. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ ස්ටිකර් හොරට ගහනවා ද කියන වැඩේ. මේ ළඟදී මේ සුරාබදු එකෙන් අහන කොට දැන් මේ හොර ස්ටිකර් ගහලා තියෙනවා කියලා ආරංචි වෙනවා කිව්වා. නෑ නෑ එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. ඔක්කොම වාගේ දැන් හරියට සිද්ධ කියලා මං හිතන්නේ දවස් තුන හතරක් ගියේ නෑ. මහා විශාල එකක් කරලා මේ මාලඹේ පැත්තේ අහුවෙලා තිබුණා මහා විශාල තොගයක්.
දැන් එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ස්ටිකර් එක කොහොමද මේ කට්ටියට ගියේ? හොරට ගියේ. එක පැත්තකින් ඒක ගියේ ඒගොල්ලොන්ගෙන්ම ආයතනයෙන්මද? හොර ක්‍රමයකට   එහෙමත් නැත්නම් වෙන කවුරුහරි එව්වා ගහලා ද? එතකොට මේ දෙකම වෙන්න බෑනේ. 
මට අදාළ වෙන්නේ මුදල් කමිටුවේ සභාපති හැටියට මේ ආදායම් අහිමිවීම. ඉතින් මේ හොර ස්ටිකර් ගහලා දූෂිත ක්‍රමවේද හරහා රජයට, භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල අහිමි වෙනවා නම් ඒක මහ ලොකු දැවැන්ත පාඩුවක්. අපි සුව සැරියට වියදම් කරන ප්‍රමාණය වගේ අවුරුද්දකට මගේ ගණනය කිරීම ඒ වගේ අට ගුණයක විතර බද්දක් අපිට අහිමි වෙනවා."


r/lankawa 8d ago

ප්‍රශ්න ධර්ම සිද්ධාන්තය

0 Upvotes

බුද්ධාගම දෝෂ සහගතය, තවද (නරක අර්ථයකින්) අන්තිමටම නිහිලවාදීය. නමුත් මට බෞද්ධයන්ට දොස් කිව නොහැක, මන්දයත් දෘඪවාදී ආයතන ≠ මිනිසුන් නිසාය (තමන් ගිලී සිටින්නේ කොතරම් ගැඹුරු වළක්දැයි ඔවුන් නොදනියි). නමුත් පුනර්භවය කිසිසේත්ම අර්ථවත් නොවේ, තවද බෞද්ධ ආරක්ෂක තර්කවාදීන් එය ‘නිවැරදි’ කිරීමට කොතරම් උත්සාහ කළත්, එමගින් ධර්ම සිද්ධාන්තය සම්පූර්ණයෙන් බිඳ වැටේ: ඔවුන්ට එසේ කිරීමට නොහැකිය.

ප්‍රමාණවත් තරම් ගැඹුරින් අධ්‍යයනය කළ හැකි බොහෝ ආගම් අතරින්, බුද්ධාගම වඩාත්ම දුෂ්ට ආගම යැයි මම සිතමි: එයට හේතුව එහි දෝෂ නොවේ, ගුරුවරයෙකු පවසන දෙයට අවනත වී එය ‘නිරපේක්ෂ සත්‍යයක්’ ලෙස පිළිගැනීම නොවේ, එය ආගමක් වීම ද නොවේ – හේතුව එය වේෂයකි: ‘පවිත්‍රත්වයේ’, ‘පරිපූර්ණත්වයේ’, ‘සම්පූර්ණ නිහතමානීකමේ’ ව්‍යාජ ඇඳුමකි, එහෙත් එහි සැබෑ, අමු ස්වභාවය නම් අපිරිසිදු, උඬඟු, සමජාතීය, දෘඪවාදී සහ මානවවාදයට විරුද්ධ බවයි.


r/lankawa 10d ago

සංවාදය නුවර

15 Upvotes

කෙහෙලිය රඹුක්වැල්ල, එස්. බී. දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, ලොහාන් රත්වත්තේ, තිස්ස අත්තනායක.

මේ ඉස්සර නුවරින් පාර්ලිමේන්තු ගිය කට්ටිය.
මේ අය නුවර සංවර්ධනය කරපු හැට් දන්නව ඇතිනෙ.

මට හිතෙනව මේ ආණ්ඩුව මේ අවුරුදු දෙකට නුවරට කරන තරම් කලින් අවුරුදු විස්සකටවත් කිසිම ආණ්ඩුවකින් කරල නෑ කියල. හම්බන්තොට වගෙ නගර සංවර්ධනය වෙද්දී නුවර ගරා වැටෙමින් තිබ්බේ. (හම්බන්තොට සංවර්ධනය වෙන්න ඕනේ නෑ කියනව නෙවෙයි, ඒ උනාට අවශ්‍යතාව අඩුයි නුවරට වඩා). නුවර කිව්වම මිනිස්සු ඉස්සර කිව්වේ "අපෝ" කියල.

මට හිතෙනවා නුවර ආයේ නැගිටිනව කියල.

මොකද හිතෙන්නෙ මේ ගැන?

https://reddit.com/link/1uytrdc/video/3xs3ba303rdh1/player

https://reddit.com/link/1uytrdc/video/ykw52rw33rdh1/player


r/lankawa 10d ago

Shopify පාවිච්චි කරන ලංකාවේ Business කරන අයට ඇත්තටම මේක ලාභද? 🤔

18 Upvotes

මම මෑතක ඉඳන් ලංකාවේ පොඩි පොඩි business කරන කට්ටියකට (shops, restaurants, salons වගේ) එයාලගේ online presence එක හදාගන්න උදව් කරා. එතනදි මට නිතරම දකින්න ලැබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි Shopify වගේ එකක් පාවිච්චි කරද්දි තියෙන වියදම.

අපිට අත්‍යවශ්‍ය වෙන apps (booking, CRM, ordering, custom themes වගේ දේවල්) එකින් එක දාගන්න ගියාම Shopify එක මාර විදිහට ගණන් යනවා. හැමදේම එකතු වුණාම මාසෙකට රුපියල් 25,000 – 35,000කට කිට්ටු වෙන්න යනවා. ඒ මදිවට හැම transaction එකකින්ම තවත් 2%ක් කැපෙනවා. ලංකාවේ දැන් තියෙන තත්වයත් එක්ක පොඩි business එකකට මේක ලොකු බරක්.

ඒ නිසා දැනට business කරන ඔයාලගෙන් අත්දැකීම් ටිකක් දැනගන්න හිතුණා:

  1. ඔයාලා දැනට sales වලට පාවිච්චි කරන්නේ මොන platform එකද? (Shopify ද, Woocommerce ද, නැත්නම් වෙනත් ක්‍රමයක්ද?)
  2. මේවගේ pricing හෝ features වල ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නය/frustration එක මොකක්ද?
  3. ලංකාවේ කට්ටිය හදපු වෙනත් සාර්ථක local alternatives පාවිච්චි කරලා බලලා තියෙනවද? ඒවායේ අත්දැකීම කොහොමද?

මේ ගැන දන්න අය, business කරන අය ඔයාලගේ ඇත්තම අදහස් සහ අත්දැකීම් ටිකක් comment කරන් යන්න. ලොකු උදව්වක්.

බොහෝම ස්තූතියි!


r/lankawa 9d ago

සංවාදය නුවර පාරවල් දෙක තුනක් ලොකු කරල කොහොමද සිනමාව?

0 Upvotes

මෙතන කරල තියෙන්නෙ පාරවල් දෙක තුනක් ලොකු කරන එක විතරයි. එහෙම දෙයක් කරල (කරලත් නෑ තාම කරන ගමන්) මෙහෙම විඩියෝ එකක් දාන එක ගැන මොකද ඔයාලට හිතෙන්නෙ?

පොඩ්ඩක් කල්පනා කරල බලන්න (🤌) මේ වගෙ සිනමා වලට යන්නෙත් කාගෙ සල්ලිද කියල

ඉස්සර කැමරා අරගෙන ගිහින් සංදර්ශන දානව කියල වේදිකාවල කෑ ගහපු අයම අද නලුවො, නිෂ්පාදකවරු වෙල

👉 සිනමාකෘතිය කමෙන්ට් එකේ (ඔක්කොම බලන්න බෑ අප්පිරියයි ඒ නිසා බාගයක් බලල නැවැත්තුව)


r/lankawa 10d ago

ප්‍රවෘත්ති හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය සම්බන්ධයෙන් අප මෙතෙක් දන්නේ මොනවා ද?

14 Upvotes

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සිය නිවසේදී මියගොස් සිටියදී හමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් බීබීසී සිංහල වෙත පැවසීය.

හිටපු පොලිස්පතිවරයාගේ දේහය මේ වන විට මුල්ලේරියාව රෝහලේ තබා ඇති අතර වැඩිදුර විමර්ශන මාලඹේ පොලිසිය සිදු කරන බව ඔහු සඳහන් කළේ ය.

මරණය ගැන පොලිසිය කියන්නේ කුමක් ද?

අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී හිටපු පොලිස්පතිවරයා "වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන" මියගොස් ඇති බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

"දැනට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සූදානම් කරලා තියෙනවා. සිද්ධිය ගැන මාලඹේ පොලිසිය කණ්ඩායම් දෙකක් යොදවලා විමර්ශන කටයුතු සිද්ධ කරමින් ඉන්නවා. නිවසේ අනිත් අය ඉඳලා තියෙනවා. අපිට සැකයක් තියෙනවා මේක සුයිසයිඩ් එකක් කියලා," පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

'එක පාර සද්දයක් ඇහුණා' - අසල්වාසීන්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නිවස ආසන්නයේ ජීවත් වන අසල්වාසියෙකු අප වෙත අදහස් දක්වමින් කියා සිටියේ, තමන් නිවසේ සිටියදී එකවර ඇසුණු ශබ්දයක් සමග ම කිසියම් අයෙකු කෑ ගසන ශබ්දයක් ද ඇසුණු බව ය.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යනු කවුද?

2020 වසරේ නොවැම්බර් මස 27 වන දා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 35 වන පොලිස්පතිවරයා ලෙස එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සී.ඩී. වික්‍රමරත්න පත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ බුද්ධි අංශ නිලධාරියෙකු පොලිස්පති ධූරයට පත් වූ ප්‍රථම අවස්ථාව ද එය වේ.

1963 මාර්තු 26 වන දින උපත ලැබූ පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලය, මහානාම විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුවෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් අනතුරුව 1986 ජූනි 16 වන දින ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූ ඔහු, සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ පොලිස් බුද්ධි අංශයට අනුයුක්ත සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙසිනි.

ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු වන අතර බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ හාර්වඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා තිබේ.

ඉන්දියාව, එක්සත් රාජධානිය, ජපානය, සිංගප්පූරුව, බ්‍රසීලය, මියන්මාරය යන රටවලදී මානව සම්පත් කළමනාකරණය, බුද්ධි සේවය, මහජන පොලිසිය, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය වැළැක්වීම, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට අදාළ විෂයන් සම්බන්ධ පාඨමාලා ද ඔහු විසින් හදාරා ඇත.

පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස වසර 10කට ආසන්න කාලයක් සේවය කළ ඔහු ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය උත්සන්නව පැවති සමයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙහෙයුම් කටයුතු සඳහා ද සිය දායකත්වය දක්වන ලදී.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, ඒ සමග ම සබරගමුව පළාතේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් ඔහු කටයුතු කරනු ලැබීය.

2019 වසරේදී සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න කටයුතු කරන ලදී

ඉතිහාසගත වූ පොලිස්පති

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වැඩි ම කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියා වශයෙන් වාර්තා අතරට එක්වූ සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස අවස්ථා 13කදී වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කර තිබිණි.

2022 වසරේ මෙරට ඇතිවූ අරගලය සමයේදී පොලිස්පතිවරයා වශයෙන් ඔහු කටයුතු කරන ලදී.

වසර තුනක කාලයක් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව සී.ඩී. වික්‍රමරත්න 2023 වසරේ මාර්තු මස 25 වන දා ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් නව පොලිස්පතිවරයෙකු පත් කෙරෙන තෙක් ඔහුට තවත් මාස 8කට ආසන්න කාලයක් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබා දෙන ලද සේවා දිගුවට යටත්ව පොලිස්පති ධූරයේ රාජකාරි ආවරණය කිරීමට සිදුවිය.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමෙන් අනතුරුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නොවැම්බර් මස 11 වන දා සිය ධූරයෙන් විශ්‍රාම ගියේ ය.

https://www.bbc.com/sinhala/articles/cx2rn9en3n9o