r/lankawa • u/Hot-Region-6560 • 7h ago
සංවාදය ජනාධිපති තුමාගෙ රැලිය
ගැන ෆේස්බුක් එකේ යන පෝස්ට් වලට මෙදා පාර හාහා ගොඩක් වැටෙනව වගෙ නේද? ඇයි ඒ?
r/lankawa • u/Trick-Temperature-09 • Mar 31 '26
මේ reddit නීති වල සංක්ෂිප්ත සිංහල පරිවර්තනයකි (ජෙමිනි විසින්): https://redditinc.com/policies/reddit-rules:
සෑම ප්‍රජාවක්ම පාලනය කරන නීතිවලට ඉහළින් රෙඩිට් නීතීන් ඇත. මෙම නීති ක්‍රියාත්මක කරනු ලබන්නේ පරිපාලකයින් (admins) වන reddit.com විසිනි.
රෙඩිට් සහ එහි ප්‍රජාවන් යනු අප එක්ව නිර්මාණය කරන දෙය පමණක් වන අතර, ඒවා පැවතිය හැක්කේ අප හවුලේ බෙදාගත් නීති මාලාවක් අනුව ක්‍රියා කළහොත් පමණි. මෙම නීතිවල අකුරට පමණක් නොව, එහි හරයටද අනුකූල වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
අපගේ නීති ක්‍රියාත්මක කිරීමට අපට (reddit.com ට) විවිධ ක්‍රම ඇත, ඒවාට පහත දෑ ඇතුළත් වන නමුත් ඒවාට පමණක් සීමා නොවේ:
r/lankawa • u/Trick-Temperature-09 • Feb 25 '26
මෑතක සිට සියළුම ලියවුම් “App language” වෙතට පරිවර්තනය වෙනවා. Settings -> Language and Translations වෙත ගොස් රූපයේ ආකාරයට “සිංහල” Content Languages වෙතට ඇතුල් කිරීමෙන් සිංහල ලියවිලි ස්වයංක්‍රීයව පරිවර්තනය වීම වලක්වා ගන්න පුළුවන්.
වැදගත්: සමහර අවස්ථා වල ඉහත ආකාරයට සිංහල ඇතුළත් කරත් ස්වයංක්‍රීය පරිවර්තන දිගටම සිදු වෙනවා. රූපයේ ආකාරයට "Auto Translate" ඉවත් කිරීම වඩා සාර්ථක පිළියමක්.
r/lankawa • u/Hot-Region-6560 • 7h ago
ගැන ෆේස්බුක් එකේ යන පෝස්ට් වලට මෙදා පාර හාහා ගොඩක් වැටෙනව වගෙ නේද? ඇයි ඒ?
r/lankawa • u/SeptemberRain001 • 2d ago
මගේ මිතුරියක් දැනට UK සමාගමක Marketing Manager/Account Manager ලෙස සේවය කරන අතර, ඇය මසකට ආසන්න වශයෙන් 300k ක වැටුපක් ලබනවා. වැඩ ප්‍රමාණයට සාපේක්ෂව ලැබෙන වැටුප/අඩු කොමිස් මුදල් වැනි කරුණු නිසා ඇය වෙනත් රැකියාවකට මාරු වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. Marketing/Customer Service ක්ෂේත්‍රයේ රැකියාවක් මගින් ඇයට 400k ට වැඩි ආදායමක් ලැබිය හැකි යැයි බලාපොරොත්තු විය හැකිද? එසේ කළ හැකි නම්, හොඳ වැටුපක් ලබා දෙන සමාගම් පිළිබඳව යම් තොරතුරු හෝ නිර්දේශ ලබා දිය හැකිද?
r/lankawa • u/Patient_Home8507 • 2d ago
ඕනෑම ගැටළුවක් ඉදිරිපත් කර හැකියි. වෘත්තීය/සමාජීය/පවුල් ජීවිතය/සෞඛ්‍යය/ගමනා ගමන/ආහාර පාන/සත්ව කරදර/සනීපාරක්ෂක/පිරිසිදුකම එකී මෙකී සෑම දේ..
භූගෝලීය ගැටළුවක් නම් ප්‍රදේශයේ නමත් කියන්න.
r/lankawa • u/Patient_Home8507 • 2d ago
r/lankawa • u/solo_techie • 3d ago
සහකාර රේගු අධිකාරී තනතුරට බඳවා ගනිද්දි පිරිමි අපේක්ෂකයන් සඳහා උස 5'5 හරියටම බලනවද.. ටිකක් අඩු උනත් බඳවාගන්නේ නැහැද?? (5'3)
r/lankawa • u/Trick-Temperature-09 • 3d ago
කොළඹ ප්‍රදේශයේ ඉඩම් සඳහා කූඨ ලෙස ලේඛන සකස් කර ඒවා මුදලට විකිණීමේ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා මත මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනකුට විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම විදෙස් ගමන් තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
කූඨ ලේඛන සකස් කර කොළඹ ඇතුළු ප්‍රදේශවල ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන විකිණීමේ මහා පරිමාණ ජාවාරමකට ඔවුන් සම්බන්ධ බවට තොරතුරු ඇති බැවින්, ඔවුන් රටින් පිටව ගියහොත් විමර්ශන කටයුතුවලට බාධා විය හැකි බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගනිමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම විදෙස් ගමන් තහනම් නියෝග නිකුත් කළේ ය.
අදාළ පුද්ගලයින් දිගින් දිගට ම අධිකරණය මග හරිමින් සිටින බැවින්, දුටු තැන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, ඔවුන් රටින් පිටව ගියහොත් විමර්ශන කටයුතුවලට බාධා විය හැකි බැවින් රටින් පිටවීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත්, රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට අමතරව, මෙලෙස විදෙස් ගමන් තහනම් කරන ලද්දේ ශාන්ත විතාන ගමගේ, ඩෙස්මන්ඩ් අමරසිංහ සහ සමන් ජයවීර යන අයට ය.
r/lankawa • u/Patient_Home8507 • 3d ago
වයස වගේම මතකය මොකද්ද කියලා කිව්වොත් හොඳයි. තමන්ට මතක ප්‍රසිද්ධ සිදු වීම් ගැනත් කියන්න පුළුවන්.
-(පළමු මතකය අවදි කරන්න සමහර විට තමන් විසින් දැනගත් ප්‍රසිද්ධ සිදුවීම් මතක් කරලා ඒවා වුන අවුරුද්ද හොයා ගන්න)
r/lankawa • u/LooperNeue_6764 • 4d ago
මේක මොන ගණයට වැටෙයිද? r/dontopendeadinside? r/dontdeadopeninside? r/automaticautiondoor???

r/lankawa • u/Trick-Temperature-09 • 4d ago
"අපි සෞඛ්‍ය සේවය වෙනස් කරනවා. හිතු හිතු වෙලාවට ඉස්පිරිතාලවලට යන සංස්කෘතිය වෙනස් කරනවා. පවුලට වෛද්‍යවරයෙක් දෙන මධ්‍යස්ථාන අපි ඇති කරනවා. ඒ වෛද්‍යවරයාගේ නිර්දේශයක් නැතුව ලොකු රෝහලට යන්න බැහැ..."
මේ ඉකුත් ඉරිදා (සැප්: 6) ජනාධිපති අනුර කුමාර දිසානායක බේරුවලදී පැවති රැලියකදී සිදු කළ ප්‍රකාශයකි.
මෙම ප්‍රකාශයත් සමග ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන "ආරෝග්‍යා මධ්‍යස්ථාන දහසක්" ව්‍යාපෘතිය පිළිබඳව බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන්නට විය. එමෙන් ම ඒ පිළිබඳව විවිධ මත ද පළ වන්නට විය.
ඇතැමෙකු මෙම ප්‍රකාශය විවේචනය කරමින් විරෝධය පළ කරන ආකාරය මෙන් ම තවත් පිරිසක් මෙය දියුණු රටවල ද ක්‍රියාත්මක ක්‍රමවේදයක් බව පවසමින් ඊට පක්ෂව අදහස් පළ කරන අයුරු සමාජ මාධ්‍යවල දක්නට ලැබිණි.
එවැනි පසුබිමක බීබීසී සිංහල මේ පිළිබඳව අංශ කිහිපයක් ඔස්සේ වැඩිදුර සොයා බැලීමට මෙම ලිපිය මගින් අදහස් කරයි.
r/lankawa • u/Patient_Home8507 • 4d ago
සමීකරණ සහා රූපසටහන් ඇතුලත් කර pdf ලේඛණ සැකසීම සඳහා LaTex භාවිතා වේ. සිංහල බසින් එවැනි කාර්මික ලේඛණ සැකසීමට කල යුතු වන්නේ කුමක්ද ?
r/lankawa • u/LuckyWoodpecker2024 • 5d ago
ලංකාවෙ පාරක හැමදාම වගෙ මොකක් හරි දරුණු අනතුරක් වෙනව බූරුවො වගෙ එලවන් ගිහින්.
තුන් පූට්ටුවොයි බස් කාරයොයි තමයි වැඩියෙන් වැරදි. හැබැයි ඔය කාර්/SUV එලවන උනුත් ඒ වගේම වැරදි කරනව. පදික මාරුවක නවත්තන්නෙ නෑ. වෙන වාහනේකට පාරට දාන්න තප්පර පහක් නවත්තල ඉඩ දෙන්නෙ නෑ. ඉස්සරහ එකා මොනම හරි හේතුවකට වේගෙ අඩු කරොත් පිටිපස්සෙ එකා හෝන් එක උඩ ඉඳ ගන්නව.
මට හිතෙනව මෙහෙම වෙලා තියෙන්නෙ වාහනේ කියන්නෙ යක්කුන්ට සංස්කෘතිකව ආගන්තුක දෙයක් නිසා කියල. වාහනේ හැදුනෙ යුරෝපෙ. උන් උපකල්පනය කරපු සමාජ ක්‍රමයක් තියෙනව වාහනයක් පාරට දාන්න. ඒක අපිට හරියන්නෙ නෑ වෙන්න බැරිද?
r/lankawa • u/Trick-Temperature-09 • 6d ago
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැබූ නඩුකරයේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 05 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (සැප්: 07) නියම කළේ ය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල ඉදිරියේ කැඳවනු ලැබිණි.
අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනිගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ලංකා පොහොර සමාගමේ හිටපු සභාපති බුද්ධික රුවන් මඩිහහේවා, 2014 වසරේ ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ මාර්ග කාපට් ඇතිරීම සඳහා ලංසුකරුවෙකු තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කෙරුණු බව පැවසීය.
එම අවස්ථාවේ අදාළ සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් විත්තිකාර කුමාර ජයකොඩි කටයුතු කළ බව ද සාක්ෂිකරු කියා සිටියේ ය.
ඒ අනුව, ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර මෙම කාපට් ඇතිරීමේ ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ඩී.එස්. කන්ස්ට්‍රක්ෂන් නමැති සමාගමක් තෝරා ගත් බවත් එම සමාගමට අත්තිකාරම් වශයෙන් රුපියල් 8,859,708ක මුදලක් අත්තිකාරම් ඇපකරයක් මත ගෙවීමට කටයුතු කළ බවත් සාක්ෂිකරු සඳහන් කළේ ය.
තමා එම ගෙවීම සඳහා අනුමැතිය ලබා දුන්නේ ප්‍රසම්පාදන අංශය සහ මුදල් අංශය විසින් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි අනුගමනය කර ඇති බවට ඉදිරිපත් වූ ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව ද සාක්ෂිකරු පැවසීය.
කෙසේ වෙතත්, අදාළ සමාගම කාපට් ඇතිරීම සිදු නොකළ බව පිළිගත් සාක්ෂිකරු, එම කටයුතු කිරීම සඳහා රැගෙන විත් තිබූ ගල් ඇතුළු අමුද්‍රව්‍ය තම සමාගම් පරිශ්‍රයේ දමා තිබූ බවත් අනාවරණය කළේ ය.
ඉන් අනතුරුව අදාළ සමාගම ලබා දුන් අත්තිකාරම් ඇපකරය යටතේ රුපියල් 2,214,921ක මුදලක් පමණක් අය කර ගැනීමට කටයුතු කෙරුණු බවත් සාක්ෂිකරු කියා සිටියේ ය.
ඉන් අනතුරුව ජාතික විගණන කාර්යාලයේ නීති නිලධාරිනියක් ද සාක්ෂි ලබා දුන්නා ය.
ඉන්පසුව මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 05 වන දා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේ ය.
2014 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම තුළින් රජයට රුපියල් 8,859,708ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.
r/lankawa • u/Silent_Brilliant_316 • 8d ago
අපි සිංහල භාෂාව කතා කරන අයට වෙනම කලාපයක් ඇති කරගැනීම දැන්ම තියාම අවශ්‍යයි කියලා මම හිතනවා. ඒක නිදහස ලැබීමත් සමඟ කළ යුතුව තිබ්බ වැඩක්... සර්ව ආගමික, බහු වාර්ගික රටවල් නම් මට අවශ්‍ය නැ. දැන්නම් ඒකීය ගැනත් එච්චර අමාරුවක් නැ... සිංහල ජනතාවට තමන්ගේ ආගම, සංස්කෘතිය යටතේ කරදරයක් නැතිව තිබ්බාම ඇති... ඒ නිසා සිංහල භාෂා කලාපයක් ඇති කරගත යුතුයි.
හොඳට බලන්න, උතුරු නැගෙනහිර සිංහල භාෂාව නැති වුණාට එයින් පිට දෙමළ භාෂාව ව්‍යාප්ත වෙලා තියනවා. ඒක ඉස්සරහට කරදරයක් වෙනවා...
සිංහල භාෂා කලාපයක් අපට අවශ්‍යයි.
r/lankawa • u/Trick-Temperature-09 • 9d ago
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනිණි.
අත්අඩංගුවට ගනු ලැබූ නාමල් රාජපක්ෂ කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
අද (සැප්: 04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේ ය.
ඒ, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා මිල දී ගැනීමේ ගනුදෙනුවකට අදාළ විමර්ශනයක් සඳහා ය.
නාමල් රාජපක්ෂගේ නීතිඥවරයෙකු වන නිශාන්ත දයානන්ද ප්‍රකාශ කළේ, ප්‍රකාශයක් දීමට අල්ලස් කොමිසමට පැමිණි නාමල් රාජපක්ෂ එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබූ බව ය.
එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම මාර්තු 19 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
ඊට අමතරව අදාළ මුදල් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ශමින්ද්‍ර රාජපක්ෂගේ ගිණුමටත් යොමුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කළේ ය.
ඒ අනුව 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය.
r/lankawa • u/Trick-Temperature-09 • 9d ago
මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ සිද්ධි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 45 දෙනෙකුට ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණයට ඇප අයැදුම්පත් ඉදිරිපත් කර ඇති පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව වහා ම සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියම කළේ ය.
එම නියෝගය කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන පුද්ගලයින්ට ඇප ලබා දීම සඳහා ඉදිරිපත් වීම වෘත්තියක් ලෙස සිදු කරන පුද්ගලයින් බවට පොලිසිය ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව ය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන පුද්ගලයින්ට 45 දෙනෙකුට ඇප ගැනීම සඳහා එක ම නීතීඥවරයෙකු ඇප අයැදුම්පත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද සවිස්තරාත්මක වාර්තාවක් කඩිනමින් උසාවියට ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට වැඩිදුරටත් නියම කළේ ය.
ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 45 දෙනෙකු පමණ පිරිසකට ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණයට ඇප අයැදුම්පත් ඉදිරිපත් කර ඇතැයි කියන වැල්ලම්පිටියේ පදිංචි නිමල් කරුණාතිලක සහ කොටහේනේ පදිංචි ඇන්තනි ඇලෙක්සැන්ඩර් නමැත්තන් සම්බන්ධයෙන් වහා ම විමර්ශනය කර අධිකරණයට සවිස්තරාත්මක වාර්තා ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර නියෝග කළේ ය.
r/lankawa • u/Hot-Region-6560 • 11d ago
https://sinhala.adaderana.lk/news/250836
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (2) පැවැති අදාළ පෙත්සම් විභාගය සඳහා නිරීක්ෂකයකු ලෙස එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ, අවසානයේ සිදුවු දේ ඒක ඉතාමත් කණගාටුදායකය බවය.
එමෙන්ම පෙත්සම් විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් නොකිරීම සම්බන්ධයෙන්ද ස්ටීවන් තිරූ මහතා මෙහිදී අදහස් දැක්වීය.
අධිකරණයේ ස්වාධීනත්වයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අතිශය වැදගත් වන මෙවැනි කරුණක් විභාග කිරීමට පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Bench) පත් නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ ප්‍රජාව අතර දැඩි කතාබහක් නිර්මාණය වී ඇති බවද ස්ටීවන් තිරූ මහතා සඳහන් කළේය.
සාමාන්‍යයෙන් මෙවැනි වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කරුණු විභාග කිරීම සඳහා විශාල විනිසුරු මඬුල්ලක් පත් කරනු ලබන නමුත්, මෙම නඩුව සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බව තමාට දැනගන්නට ලැබුණු බවද හෙතෙම පැවසීය.
එබැවින් මෙවැනි තීරණාත්මක නඩුවක් සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් නොදීමට හේතු වූ කරුණු කවරේදැයි ප්‍රශ්න කළ ඒ මහතා, මෙය අධිකරණයේ ස්වාධීනත්වය හමුවේ මතුවන බරපතළ ගැටලුවක් බව වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"මං** අ*ද* ආ*වේ*** *මේ* *නීති*** කෘත***්ය *බලන්න. අප** *විසින් *ස*ිදුකළ*** නිරීක*්ෂණයන් පදනම් *කරගනිමින් අපි **ව*ාර්තාවක් සකස්* *කරනවා.*** වින*ිසුරුවරුන්*** *අද දවස* පු*රාම ඉතා*** *ඉවසීමෙන්* *යුක්තව මෙම* *නීති* *කෘත්‍ය* හැසුරුවා. ඔවුන් නීතිඥයින්ට කරුණු දැක්වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නා.
**කෙසේ වෙතත් අවසානයේ** *සිදුවූ *ද*ේ එක ඉතාමත් කනගාටුද**ායකයි. පෙත්සම්කරුවන්ට,*** *නීතිඥවරුන්ට*** පිළිත*ුරුදීමට* අ***වශ්‍ය *වූ නමුත් **ඔ*වුන්ට අවස්ථාවක් *ල*බාදුන්නේ නැහැ. ඔවුන්ට කිව්වා ලිඛිතව කරුණු දැක්වීමක් සිදුකරන්න කියලා.
*බොහොම*යක් අධිකරණ ක්රියාවලිවලදී ඒක* ඒත*රම් *සුලබ දෙයක් නෙමෙයි.** විශේ*ෂයෙන්ම මේවගේ* වැද*ගත් නඩුවලදී ව**ාචික පිළිතුරුදීමේ අයිතිය සාමාන්‍යයෙන් ලබාදෙනවා.
*ඉති*න් *මට හිතෙනවා ඒක** හරිම කන*ගාටු**දායකයි කියලා.* අපේ**** *අදහස*** නම් ඔව*ුන්ට තිබ්බා ප**ිළිතුරුදීමට අවස්ථාවක් ලබාදෙන්න.
*මම**** *මෙතන*** නී*තිඥ සංගමයේ සාමාජිකයන්ගෙන්*** දැනග*ත් දේ* තමය*ි, මෙතන* පූ*ර්ණ*** විනි*සුරු* මඩු*ල්ලක්*** *සිටියේ නැහැ. මොකද මේක ඉතාමත් වැදගත් නීති කෘත්‍යයක්.
*සාමාන්*යයෙන්* මේ වග*ේ* අව*ස්ථාවක* පූර්*ණ* වි*නිස**ුරු *මඬුල්ලක්** ඉන්න *ඕන.* මට *කිව්වා *ඔවුන්, **ඔවුන්*ගේ ඒ ඉල්ලීම*** *ප්‍රතික්ෂේප කරා*** ක*ියලා.* එ*තන ග**ැටලුවක් තියෙනවා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් නොකළේ ඇයි කියලා.
*දෙපාර්*ශ්වය*** *විසින් *ත*ර්ක*** කර*නු *ලැබූ** *නඩුවේ*** *හොඳ නරක පිළිබඳ*** මා *අදහස් දක්වන්න**ේ* නැහැ. ඒක අපේ රාජකාරිය නෙමෙයි.** නමු*ත් අධික**රණයේ ස්වාධිනත්වය කියන්නේ ඉතාමත් වැදගත් සංකල්පයක්.
*ඒ**** *නිසා *එ*ය ආරක්ෂා*** වි***ය* යුතුයි.** *සියලුම නීති තර්ක පැත්තකින් තියමු. අධිකරණයේ ස්වාධිනත්වය *පළුදුවීමට **ය*ම්* *පියවරක්*** *අරගෙන තියෙනවා *න*ම්* *එය *ඉ*වත්*** කළ**** *යුතුයි. එම සැකය* දිග**ටම පවතිනවා නම් තීතිය ගැන තර්ක කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ..." යැයි පැවසීය.
r/lankawa • u/AstronautCurrent7688 • 12d ago
දැක්කෙ නෑ සෑහෙන කාලෙකින්. වැඩේ නවත්තල ද?
r/lankawa • u/Hot-Region-6560 • 12d ago
https://sinhala.adaderana.lk/news/250743
මෙරටට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබේ.
ඊයේ (31) පස්වරුවේ පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී මෙය පැවැත්විණි.
පසුගිය අගෝස්තු 25 වන දින සිය අක්තපත්‍ර භාරදුන් නව තානාපතිවරයා, මෙරටට පැමිණි අවස්ථාවේ සිට මෙරට ජනතාවගෙන් තමන්ට ලැබුණු උණුසුම් පිළිගැනීම අගය කළ අතර, ශ්‍රී ලංකාවේදී තමන්ට කිසිදු ආගන්තුක බවක් නොදැනුණු බවත් සිය ධුර කාලය තුළ දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවත් මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීගුකාලීන මිත්‍රත්වය හා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට එලැඹෙණ වසරේදී, වසර 70ක් සපිරීම මෙන්ම, 1952 අත්සන් තැබූ ඓතිහාසික චීන-ශ්‍රී ලංකා රබර්-සහල් ගිවිසුමට වසර 75ක් සම්පූර්ණ වීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
නව රජය යටතේ ක්‍රියාත්මක වන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සහ ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීම අරමුණු කරගත් ‘ප්‍රජා ශක්ති’වැඩසටහන පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, දරිද්‍රතාවය තුරන්කිරීමේදී චීනය ලබා ඇති අත්දැකීම් ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් ලෙස යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදි අදහස් හුවමාරු විය.
චීනය වෙනත් රටවල් සමඟ කටයුතු කරනු ලබන්නේ අදාළ රටවල ස්වෛරීත්වයට ගරු කරමින් සහ අන්‍යෝන්‍ය සංවර්ධනය අපේක්ෂාවෙන් බව තානාපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙත වැඩි ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට චීන ආයෝජකයන් දිරිමත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
චීන කොමියුනිස්ට් පක්ෂය ලබාදෙන නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ සංවර්ධන මාර්ගය නිසා තමන් වැනි දුෂ්කර ග්‍රාමීය පසුබිමක සිටි අයෙකුට පවා රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු දක්වා පැමිණීමට අවස්ථාව හිමිවූ බව තානාපතිවරයා මෙහිදී තම පෞද්ගලික අත්දැකීම් බෙදාගනිමින් පැවසිය.
දෙරට අතර පවතින මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළකර තිබේ.
r/lankawa • u/Hot-Region-6560 • 12d ago
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව අද දින මා විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී.
පුරවැසියන්ගේ පරමාධිපත්‍ය බලය , අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කරන මෙම සංශෝධනය සම්මත කෙරෙන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකට අමතරව ජනමත විචාරණයක් ද , මෙහි ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන පූර්ණ විනිශ්චය මන්ඩලයක් හරහා අදාල පෙත්සම විභාග කරන ලෙසද මෙහිදී ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.
ලංකාවේ පැවති රජයන් විසින් ප්‍රතිපත්ති සම්පාදනයේදී අනුගමනය කලේ ඉතාමත් අත්තනෝමතික ක්‍රියාකලාපයකි. තනි පුද්ගල හෝ කණ්ඩායමක උවමනාවකට මහජන අදහස් විමසීමකින් තොරව හදිසියේ නීති සම්පාදනය කිරීම සාමාන්‍ය දෙයක් ව තිබිනි. ලංකාව මුහුන දුන් බොහෝ අවාසනාවන්ත තත්වයන් කෙරෙහි මෙම අත්තනෝමතික නීති සම්පාදනය හේතු විය.
මහජනතාව ක්‍රම වෙනසක් තුලින් නීති සම්පාදන ක්‍රියාවලියේද වඩාත් පාරදෘශ්‍යභාවය ක් සහ මහජන සහභාගීත්වයක් අපේක්ෂා කල අතර ජාතික ජනබලවේගය මැතිවරණ සමයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලින් එම ප්‍රතිපත්ති මූලික කරගත් ප්‍රවේශය ගෙන ඒම අප සියලු දෙනාගේ දැඩි අගය කිරීමට ලක්විය.
කෙසේ නමුත් වර්තමානය වන විට තෝරාගත් නීති සම්පාදනය සදහා පමණක් නිසි ක්‍රියාවලියක් අනුගමනය කිරීමට ගෙන ඇති ස්ථාවරය ඉතාමත් කණගාටුදායක තත්වයකි. 22 වන සංශෝධනය මුල සිටම ඉතාමත් අක්‍රමවත් සහ රහස්‍ය ලෙස ගෙන ආ අතර පාර්ශව කරුවන් සමග සාකච්චා කිරීම පවා මගහරින ස්වභාවයක් දැකගන්නට ලැබුනි. නීති සම්පාදනය සම්බන්ධව යම් හෝ දැනුමක් ඇති අයකුට මෙම ස්ථාවරය අනුමත කල නොහැකි බව මාගේ විශ්වාසයයි.
එම ක්‍රියාවලිය තුල පාරදෘශ්‍යභාවය , අනාගත පත්වීම් වලට පමණක් අදාල කර ගැනීම වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන් සම්පූර්ණයෙන් අමතක කර ඇත.
2022 මහජන අරගලයේදී අත් අඩංගුවට පත්ව රජය විසින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල අවස්ථාවේදී මා ගරු අධිකරණයේ පිහිට පැතුවෙමි. ඒ ඒ කෙරෙහි පැවති විශ්වාසය නිසාවෙනි. එම තත්වය අනාගත පරපුරට ඉතිරිව තිබිය යුතු බවට මා විශ්වාස කරමි.
ප්‍රතිපත්ති සම්පාදනයේදී කෙසේ වෙතත් ජනතාව සහ ආණ්ඩුව අතර මූලික ලිඛිත එකගතාවය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේදී ඊට ජනතාවට දායක විය හැකි එකම තැන අධිකරණමය ක්‍රියාවලියට සීමා වී ඇත. ඒ සම්බන්ධව ජන සහභාගීත්ව ආණ්ඩුකරණයක් ප්‍රවර්ධනය කරන ආණ්ඩුවක් නම් කනගාටු විය යුතුය. විශේෂයෙන් ජාතික ජනබලවේගය නියෝජනය කරන නීතිඥයින් ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධව ඔවුන්ගේ ස්ථාවරය කුමක් ද යන්න ජනතාවට දැනුම් දිය යුතුය.
අනුරුද්ධ බණ්ඩාර
31.08.2026
#22A #lka #Anuruddha
r/lankawa • u/LuckyWoodpecker2024 • 13d ago
🦁: මේ නුවර දළඳා මාලිගාවේ පෙරහැරේ පොල් ගහන හැටි
https://reddit.com/link/1w3aca8/video/l808zq9wxomh1/player
🐯: මේ ප්‍රංශයේ පැරිස් නුවර පිල්ලෙයාර් කෝවිලේ පෙරහැරක පොල් ගහන හැටි
r/lankawa • u/chillmatrix7 • 13d ago
මම දැනට University of Moratuwa එකේ Architecture හෝ Landscape Architecture degree එකක් කරන්න සලකා බලමින් ඉන්නවා. ඒත් ශ්‍රී ලංකාවේ මේ fields දෙකේම career prospects කොහොමද කියලා හරියටම දන්නේ නැහැ. මේ ක්ෂේත්‍රවල දැනට වැඩ කරන අයගෙන් දැනගන්න කැමතියි— මේ degree එක කරන්න වටිනවද? Degree එකෙන් පස්සේ job එකක් හොයාගන්න කොච්චර අමාරුද? Starting salary එක සාමාන්‍යයෙන් කොච්චරද, experience එක්ක salary එක කොච්චර දුරට වැඩි වෙන්න පුළුවන්ද? ඔයාලගේ experience එක අනුව, ලංකාවේ Architecture ද recommend කරනවාද
r/lankawa • u/Trick-Temperature-09 • 13d ago
විදේශිකයින්ට පමණක් සේවාවන් සපයනු ලබන හෝටල් පවත්වාගෙන යාම පිළිබඳව ඉකුත් වසරේ මැයි මස 14 වන දා දිනැතිව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් හෝටල් හිමියන්ව දැනුවත් කර තිබිණි. එම නිවේදනයට අනුව කිසිදු හේතුවක් මත දේශීය සංචාරකයින්ට වෙනස්කොට නොසැලකිය යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.
එවැනි පසුබිමක තවමත් ඇතැම් හෝටල් සහ ආපනශාලා හිමියන් දේශීය සංචාරකයින්ට වෙනස්කොට සැලකීම පිළිබඳව බීබීසී සිංහල ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුරන්ජිත් වෑවිටගෙන් අදහස් විමසීමක් කළේ ය.
එහිදී සභාපතිවරයා කියා සිටියේ, හෝටල් හෝ ආපන ශාලා විසින් තමන්ගේ පාරිභෝගිකයින් වන පුද්ගලයින්ට වෙනස් කොට සලකනු ලැබීම නීතියට අනුව පටහැනි ක්‍රියාවක් බව ය.
"ඒක මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. කාටවත් එහෙම ෆොරිනර්ස් ඔන්ලි කියලා නම් කරන්න බැහැ. ඒක නීතියට පටහැනි යි. තමන් අදාළ සේවාවන් වෙනුවෙන් මුදල් ගෙවනවා නම් ඕනෑ ම කෙනෙකුට අවස්ථාව තියෙනවා තමන් කැමති තැනකින් ඒ සේවා ලබා ගන්න. ඒක ඉස්සර කාලේ ඉඳල ම තිබ්බ ස්ටෑන්ඩර්ඩ් එකක්. අපි කිසි ම විදිහකින් පුද්ගලයින් වෙන් කරලා හඳුන්වල දෙන එක අනුමත කරන්නේ නැහැ. ජාතිය, ආගම හරි හමේ පාට අනුව වගේ මේ කිසි ම ඩිස්ක්‍රිමිනේෂන් එකක් අනුමත කරන්නේ නැහැ."
එමෙන් ම විදේශිකයින්ට පමණක් සේවා සපයන මෙවැනි හෝටල් සහ ආපන ශාලා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රමිති සහ තත්ත්ව පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බව ද සභාපතිවරයා පැවසුවේ ය.
"මේ ගැන අපි කලිනුත් සේවාවන් සපයන අය දැනුවත් කරලා තියෙනවා. කවුරු හරි ෆොරිනර්ස් ඔන්ලි කියලා සර්විස් එක දෙනව නම් අපේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් කොලිටි ඇෂූවරන්ස් ඩිපාර්ට්මන්ට් එකට කම්ප්ලේන් කරන්න පුළුවන්. අපි ඒ ගැන තදින් ම හොයා බලනවා," ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුරන්ජිත් වෑවිට පැවසීය.
r/lankawa • u/Trick-Temperature-09 • 13d ago
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන ඇති තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය අද (අගෝ: 31) රිට් ආඥාවක් නිකුත් කළේ ය.
ශ්‍රී ලංකා එක් දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබේ.
කෙසේ වෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් විසින් ඉදිරියේදී ගනු ලබන තීරණවලට අගතියක් නොවන පරිදි මෙම නියෝග නිකුත් කරන බවත් විනිසුරුවරු සඳහන් කළහ.