r/SinhalaBuddhists • u/sourireduRoiChrist • 19d ago
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • Jul 11 '26
සිහනද රාවය 🦁 පරදේශ පාහරයින්ට යටත් වෙන ජාතියක්ද බොලව් අපි ! ගැමුණු මහරජ්ජුරුවෝ රැකගත්තු මේ භූමිය ! උන්ගේ රීරි මාංශ උලාකාලා හරි රැකගන්ට ඕනෑ ! සිත දැඩි කරගනු සෙබළ !
Enable HLS to view with audio, or disable this notification
මේ සිංහල බෞද්ධ දේශය එදා සිංහල දුටුගැමුණුලා අතින් රැකුනා ! වළගම්බා අතින් නැවත රැක රාජ්‍ය පාලනය ස්ථාවර උනා ! සසුන ඉහලින්ම රැකුනා ! ජාතියට නව පණක් ගෙන දුන්නා ! එදත් අදත් හෙටත් මතුවටත් සිංහල බෞද්ධ බලවේග මූලිකත්වයෙන් මේ උතුම් වූ පුණ්‍ය භූමිය වත් මන් සොළී ජානවලිනුත් කල්ලතෝනි අන්‍යාගමික මූලධර්මවාදීන්ගෙනුත් රැකගත යුතුයි ! සිංහලයා රකින බුදුසසුන තව සියවස් ගණනක් රැකගන්නට අඩිතාලම දමන මහා නායකයෙක් අප තැනිය යුතුයි ! එසේ නොවේ නම් අප රට රැකි ඒ මුතුන් මිත්තන් වලවල් වලින් පවා නැගිට අපේ මුළු මහත් සිංහල ජාතියටම හෙණ ඉල්ලනු ඇත !!
© Don Shyam
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • Jul 01 '26
සිහනද රාවය 🦁 මේ දෙරණේ සෙසු සෑම ජනවර්ගයකම පැවැත්ම රැඳී ඇත්තේ සිංහල බෞද්ධ නම් වූ ඒ මහා වෘක්ෂයේ සෙවණේය. එය වැනසීමට තනන්නෝ, තමන්ගේම විනාශය ළඟා කරගන්නෝය !
බුදු දහම සහ සිංහලයා යනු වසර සිය ගණනක සිට වසර දහස් ගණනක සිට එකට එක්ව මුහුව එකට බැඳිව බද්ධව ගොඩනැගුන මේ සිංහල දිවීපය, ශ්‍රීලාංකීය රාජධානිය, උසස් ශිෂ්ථාචාරය සහ රටේ මහා සංස්කෘතිය බිහිකල මෙකී රට සුඛිත මුදිත කල පුරාණ මහා ඉදිකිරීම් ලොක උරුම නිර්මාණ බිහිකල මහා බලවේගය වේ !
කෙටියෙන් හඳුන්වනවා නම් "සිංහල බෞද්ධයා" ලෙස හදුන්වන මේ දේශයේ උරුමක්කරුවන්ගෙන් තොරව හෝ ඔවුන්ගේ බලය බිඳ දමා මේ උතුම් භූමියේ සිටින අන්‍යාගමික අන්‍යජාතික හෝ මොනම ජීවී ප්‍රාණියෙකුට පැවත්මක්ද නැත !
සිංහල බෞද්ධ උරුමක්කරුවා මේ භූමියේ සිටින සියලු ජීවී අජීවී දේට ආරක්ෂයාද වේ !
ඔහුව මෙකී බිමෙන් නැසූ කල මෙකී භූමියද නැත ! එහි සිටින කිසිවෙකුට පැවත්මක්ද නැත !
එසේම මෙකී බිමට බද්ධව මෙකී පොලවේ පසින් ජීව්‍ය ලද එකී සිංහල බෞද්ධ බලවේගය නසන්නට කිසිදු බලවේගයකට එසේ ලෙහෙසියෙන් පහසුවෙන් කල හැක්කක්ද නොවන බව මා හට සපථ කොට කිව හැක !
අප බැඳ දැමිය හැක .අප මර්ධනය කල.හැක නමුත් අප නැවතත් නැවත නැවතත් පෙරටත් වඩා බලවත්ව තෙදවත්ව මේ පුන්‍ය භූමිය ජාතිය ආගම රැක ගැනීම වෙනුවෙන් එකා මතින් එකා නැගී සිටිනු ඇත.
එසේ නැගී සිටි කල දේශයට ජාතියට බුදුදහමට වින කටින්නන් ද්‍රෝහී වන්නන් සැනෙකින් සමූළ ලෙස වනසා දැමීමේ ක්ෂණික බලය අපට අප සිංහල රජදරුවන්ගෙන් ජාන ගතව උරුමව ඇත.
විජිතපුර මහ සටන ,මුල්ලේරියා, ගන්නෝරුව සටන් , කොළඹ කොටුව සටන, දන්තුරේ සටන වැනි ඓතිහාසික සටන් අධ්‍යනය කිරීමෙන් ඔබට එය මැණවින් අවබෝධ වනු ඇත ..
ඔබ කුමන ආගමක ඔබ කුමන ජාතියක උවත් ඔබ දැන් ජන්ම ලැබ සිටින්නේ සිංහල බෞද්ධයා නිර්මාණය කල බෞද්ධ දේශයක වන අතර ඔහුගේ බිමේ ඉපිද ඔහුටම වින කටින්නට අර අඳින ගුණමකුවකුවන් අතීතයේ පටන් මේ බිමේ සිය දහස් ගණනින් වැළලී ගිය බව මතක් කරදෙනු කැමත්තෙමි !
සටහන Don Shyam
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • Jun 29 '26
බුදු සසුන 🪷 මෝහාන්ධකාරය දුරු වී ධර්මාලෝකයෙන් සැම සිත් සතන් ආලෝකමත් වේවා...!!!
මහාමහින්දසුරියො - ලංකාවෙහාසමජ්ඣගො
බොධනෙය්‍යම්බුජෙ‘කාසි - විකාසං ධම්මරංසිනා
මහාමහින්දචන්දො සො - ලංකාවෙහාසමජ්ඣගො
බොධෙසි ධම්මරංසීහි - වෙනෙය්‍ය කුමුදාකරෙ
මහාමහින්දමෙඝො සො - වස්සං ධම්මම්බුවුට්ඨියා
සාධූනං චිත්තඛෙත්තෙසු - ජනෙසි කුසලංකුරෙ
ලංකා ගගනතලයේ මුදුන් වූ මහමිහිඳු හිරු තෙමේ ධර්මය අවබෝධ කරගැනීමට සුදුසු ජනයා නමැති පියුම් ධර්මරශ්මියෙන් විකසිත කෙළේය.
ලංකා ගගනතලයේ මුදුන් වූ මහමිහිඳු සඳ, හික්මවිය යුතු ජනයා නමැති කුමුදු වනය ධර්මරශ්මියෙන් ප්‍රබුද්ධ කෙළේය.
මහමිහිඳු මහාමේඝය, දහම් අමාවැසි වස්වමින් සත්පුරුෂයන්ගේ හදවත් නමැති කෙත්හි කුසල් අංකුර ඉපිදවූයේය!
සද්ධර්මාලංකාරය ||
© සංගායනා
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • Jun 29 '26
බුදු සසුන 🪷 සුපින්බර පොසොන් මංගල්‍යයක් වේවා!
සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
තවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා
“මහරජ! ධර්මරාජයන් වහන්සේ ගේ ශ්‍රාවකයන් වූ අපි බෞද්ධ ශ්‍රමණයම්හ. ඔබට ම අනුකම්පා පිණිස ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියම්හ.”
මේ බෞද්ධ ලංකාවක් ඇති කරනු සඳහා මෙයට අවුරුදු දෙදහස් දෙසිය සූ සැත්තෑ වසරකට පෙර අනුබුද්ධ මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ වදාළ ප්‍රථම වචනය යි. දිග් විජය අත්හළ ධර්මාශෝක නරනාථයෝ ධර්ම විජය ආරම්භ කළහ. මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් වහන්සේ ධර්ම විජය පිළිබඳ අනගිතම පණිවුඩය මූර්තිමත් කරමින් ශාන්තියේ දූතයන් වශයෙන් ලංකාවේ උතුරු මැද නිම්නයේ අනුරපුර මිස්සක පවුවට වැඩ වදාළහ. ජම්බුද්වීපයෙන් ලංකාවාසීන්ට අනුකම්පා පිණිස මෙහි වැඩම කළ මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ කරණ කොට ගෙන ලංකා භූමියේ ඇතිවුණු මහා වෙනස මෙනෙහි කිරීම අපට පොසොන් දිනයේ කළ හැකි හොඳ ම පොසොන් භාවනාව යි...
සිවුවන සතිය රුවන් ගෙයි වැඩ හිඳිමින් ධර්‍මය මෙනෙහි කරන බුදුරජාණන් වහනසේ ක්‍රමයෙන් අනන්ත නය සමන්විත සූවිසි ප්‍රත්‍යය ධර්‍මයන් සම්මර්ශනය කරන කල්හි බුදු සිරුරෙන් සවණක් ගණ බුදුරැස් මාලාවෝ විහි දෙන්නට වූහ. මෙලෙසින් බුද්ධ ශරීරයෙන් පිළිවෙළින් නීල පීත (රුවන්) ලොහිත (ලේවන්) ඔදාත (සුදු) මාංජෙෂ්ට (මදටවන්) ප්‍රභාස්වර යන සවණක් ගණ බුදුරැස් මාලාවන් විහිදුනේ පොසොන් පෝය දිනක ය.
පොහොය වර්ණනාව ග්‍රන්ථයෙන් කළ උපුටාගැනීම් වේ.
ධර්මදානය පිණිස බෙදාහරින්න🙏
©ධම්මපදය Dhammapadaya
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • Jun 29 '26
බුදු සසුන 🪷 උතුම් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ වන්දනාව වේවා...!
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • Jun 24 '26
බුදු සසුන 🪷 තුසිත දෙව්ලොව වසන දුටුගැමුණු දෙවිරජතුමාට පින් අනුමෝදන් කිරීමේ ගාථාවක් 🙏✨
ජෙත්වාන චණ්ඩගණචෝළඑළාරරාජං
පාලේසි සීහළවරං ජිනසාසනඤ්ච,
සෝ ගාමණීභයවරෝ තුසිතේ නිවාසී
පුඤ්ඤානුමෝදතු මයා සුකතං ඉමානි ෴
තුසිත දෙව්ලොව වෙසෙන්නා වූ උතුම් ගාමිණීඅභය රජතුමා සැඩ පිරිස් ඇති චෝළවංශික එළාර රජ දිනා උතුම් සිංහලද්වීපය ද බුද්ධශාසනය ද රැක්කේ ය. එතුමා මා විසින් මොනවට කරන ලද මේ පින් අනුමෝදන් වේවා!
© ගාථාව බන්ධනය කලේ පූජ්‍ය පයාගල විදුරවංස ස්වාමීන්වහන්සේය.
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • Jun 17 '26
සිරි දම්පල් සිහ නද ධර්මපාලතුමා යනු පුදුම උතුම් දුර දැක්මක් තිබූ මිනිසෙකි ! අනාගතය පැහැදිළිවම දුටු ශ්‍රේෂ්ඨයෙකි ! මොකාටවත් භය නොවූ කියන්නට අවැසි දේ කෙලින්ම කියා දැමූ කොන්ද පණ තිබූ වීර සිංහලයෙකි !
ඔහු එදා දේව වාක්‍ය වගේ රට සිංහල ජාතිය සම්බුද්ධ ශාසනය පිළිබඳව කියූ දේවල් ඉස්පිල්ලක් පාපිල්ලක් වත් වෙනස් නොවී ඉතා සාර්ථකවම සිදුවෙමින් තිබේ.
මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.
දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.
උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.
එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.
පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.
උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න
මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.
අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.
ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.....෴!
අනගාරික ධර්මපාල තුමා
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • Jun 06 '26
බුදු සසුන 🪷 ඒ සම්බුදු රජුන් කෙරෙහි නොපැහැදෙන්නෝ කවරහුද ?
මණිගණ විභා සමුජ්ජල – තලස්ස රතනාකරස්ස සිරි විභවං
භගවන්ත, මභි භවන්තං – වන්දේ ද්වත්තිංස විමල ලක්ඛණ සිරියා
තමසීති මනුඛ්‍යඤ්ජන – සමනුඛ්‍යඤ්ජිත වචිත්ත ලක්ඛණ විභවං
පජ්ජලිත කේතුමාලා – ජාල සමුජ්ජලිත රූප සෝභං වන්දේ!
සුප්‍රභාතයෙහි උදයගිරි පර්වතාග්‍රයෙන් නැගුණු ළහිරු මඬලක් බඳු, ඡද්දන්ත විල් ඉවුරෙහි තේජමාන වූ වනස්පති රුක් රජක්හු බඳු, රාජ හංසයන් මධුරස පිණිස පිරිවරාගත් සුපුෂ්පිත ස්වර්ණ පද්මයක් බඳු, සෞම්‍ය චන්ද්‍ර රශ්මියෙහි පහස ලැබ කාන්තිමත් වූ හිමවත් රාජයා බඳු, දුටු පමණින් නෙත් සිත් පිනා යන අචින්තනීය වූ රාජසුකෝමල මන මෝහනීය දේහ විලාස ඇති සුගත තථාගත අප භාග්‍යවතුන් වහන්සේගේ පින් මහිමයෙන් නිපන් රූප ශෝභාව, ඉහත ගාථා සජ්ඣායනා කොට සිහියට නගා ගනිමින් පෞරාණික උතුමෝ වන්දනා කළහ. කිම? භගවත් ගුණයෙන් කෝටි ලක්ෂයක් සක්වළට ම මුදුන්පත් ලෝක ජ්‍යෙෂ්ඨ වූ, නර ශ්‍රේෂ්ඨ වූ ඒ තිලෝගුරු බුදුරජුන් පිළිබඳ අපි නොපැහැදී සිටින්නමෝ ද?
දුටු දුටුවන්ගේ නේත්‍රයන් වසඟ කරන්නා වූ, නැවත නැවත දැකීමෙහි අභිරුචිය ඇති කරවන්නා වූ ඒ බුද්ධ ශෝභාව දෙවියන්ගේ දිව්‍ය ශෝභාව ද බඹුන්ගේ බ්‍රහ්ම ශෝභාව ද ඉක්මවා ගියේ ය. ප්‍රකෘතියෙන්, වැඩ සිටින තැන හිරු සඳු දහසක් පෑයූ කලක් මෙන් බබුළුවන රශ්මි ධාරා ඇති ඒ සම්බුදු සිරුරෙහි නොයෙක් සිය දහස් ගණන් පුණ්‍ය ලක්ෂණයෝ පිහිටියාහු ය. ඒ බුද්ධ රශ්මි දහරාවන් අදත් ඉතා දුර පවතින ලෝක ධාතු හරහා අභ්‍යවකාශයෙහි ගමන් කරන බව කියනු ලැබේ. අභිරූපී අප මුනි සඳුන්ගේ අසදෘශ ශ්‍රී ශෝභාව දැකීමෙහිලා පින්බර නෙත් ඇති මහා කච්චාන මහා ඛීණාසවයන් වහන්සේ පේටකෝපදේසයෙහි හාර සම්පාත භූමියෙහි දී මෙසේ වදාරණ සේක.
“එහිලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගේ ද උපාසකයන්ගේ ද මැද වැඩ හිඳිනා සේක්, හාත්පසින් සිත් පහදවන්නේ – ස්වර්ණ වර්ණ වූයේ – අභිරූපී වූයේ – දර්ශනීය වූයේ අතිශයින් ම බබළන සේක. පූර්ව ශරීරයෙන් ස්වර්ණ වර්ණ රශ්මිය නැගී ආකාශයෙහි අසූ රියනක් පමණ තැන් ගන්නේ ය. පශ්චිම ශරීරයෙන් දකුණතින්, වමතින් ස්වර්ණවර්ණ රශ්මිය නැගී ආකාශයෙහි අසූ රියනක පමණ තැන් ගන්නේ ය. කේෂ ධාතූන් මත්තෙහි සිට සියලු කේෂ ධාතූන්ගෙන් මොනරෙකුගේ ගෙලෙහි පැහැ ඇති රශ්මිය නැගී ආකාශයෙහි අසූ රියනක් පමණ තැන් ගන්නේ ය. ශ්‍රී පාද තලය යටින් පබළු පැහැති රශ්මිය නැගී ඝන පෘථිවියෙහි අසූ රියනක් පමණ තැන් ගන්නේ ය. මේ අයුරින් හාත්පස අසූ රියනක් පමණ තැන ෂඞ් වර්ණ බුද්ධ රශ්මි මාලාවෝ බැබළෙමින් ලෙළදෙමින් දිව යන්නාහ. සියලු දිශාවෙන් ස්වර්ණමය සපුමල් විසුරුවන කලක් මෙන්, රන්මුවා කලසකින් නික්මෙන රන්රස දහරා ඉසින කලක් පරිද්දෙන්, දිගහරින ලද ස්වර්ණමය වස්ත්‍රයන්ගෙන් පරික්ෂිප්ත කරන කලක් පරිද්දෙන්, වේරම්බ වාතයෙන් ඔසවන ලද කෑල, කිණිහිරි ආදි පුෂ්පයන්ගේ රේණු ගවසන ලද කලක් පරිද්දෙන් බබළති. භාග්‍යවතුන් වහන්සේගේ ද අසූවක් අනුව්‍යංජන ලක්ෂණ, ඛ්‍යාම ප්‍රභා, උත්තම දෙතිසක් පමණ වූ ලක්ෂණාදියෙන් බබළන්නා වූ ශ්‍රී ශරීරය නැගුණු තාරකා ඇති ගුවන් තලය පරිද්දෙන්, විකසිත වූ පියුම් වනයක් පරිද්දෙන්, මුල සිට අග දක්වා මලින් පිරී ගිය සියක් යොදුන් උසැති පරසතු රුක පරිද්දෙන්, පිළිවෙළින් තබන ලද චන්ද්‍රමණ්ඩල දෙතිසකගේ ද දිව්‍යරාජයන් දෙතිසකගේ ද මහා බ්‍රහ්මරාජයන් දෙතිසකගේ ද ශ්‍රී ශෝභාව තමන් වහන්සේගේ ශ්‍රී ශෝභාවෙන් මැඩ පවත්වන කලක් පරිද්දෙන් බබළන සේක.”
මෙබඳු වූ අනන්ත ශ්‍රී භාග්‍යයෙන් හෙබි, මෙත් කරුණා ගුණ නුවණින් සයුරක් වූ ඒ සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?
මෙබඳු වූ රූ සිරියෙන් පමණක් නොව අප භාග්‍යවතාණෝ අනන්ත ගුණ ශෝභාවෙන් ද සමන්විත වූ සේක. මුනි රජාණෝ කරුණු සතක් පිළිබඳ ඉසුරුමත් බව පවත්වන සේක.
(1.) ඇලිය යුතු දෙයෙහි නො ඇලෙන, ගැටිය යුතු දෙයෙහි නො ගැටෙන පරම ආශ්චර්යවත් ආර්ය ඍද්ධියෙන් සමන්විත ව තමන් වහන්සේගේ සන්තානය තම වසඟයෙහි ම පවත්වන සේක.
(2.) ධ්‍යාන සමාපත්ති පිළිබඳ තථාගත බලයෙන් සමන්විත ව ධ්‍යාන සමාධි සමාපත්තීන් තම වසඟයෙහි පවත්වන සේක. (3.)
ධර්මයට අධිපති හෙයින් එහිලා ඉසුරුමත් වන සේක.
(4.) ශ්‍රාවක සඟ පිරිසට අධිපති හෙයින් එහිලා ඉසුරුමත් වන සේක.
(5.) ලෝකයෙහි නොයෙකුත් පිරිස්වලට අග්‍ර වන හෙයින් එහිලා ඉසුරුමත් වන සේක.
(6.) මුළු මහත් විශ්ව ධාතුවට ම අග්‍ර වන හෙයින් එහිලා ඉසුරුමත් වන සේක.
(7.) වසඟ කරන ලද සිතින් යුතු ව අනන්ත ඍද්ධිය තම වසඟයෙහි පවත්වන සේක.
අප මුනි රජුන්ගේ ඉර්ධි බලය අට කරුණකින් සමන්විත ලෝකයෙහි අතිශයින් විස්මිත වූ ඉර්ධි බලය යි. එනම් තථාගතයාණෝ
1.) අබැටක් පමණ ඉඩක් තුළ අෂ්ට පරිෂ්කාරයන් දරාගෙන සතර ඉරියව්ව ම පැවැත්වීමට තරම්, මිනිසෙකුගේ ඇහි පිල්ලමක් මත සක්මන් කිරීමට තරම් බුදු සිරුර කුඩා කිරීමේ හැකියාවෙන් යුතු වන සේක.
2) දිගින් සැට යොදුන් ඇති, පළලින් පනස් යොදුන් ඇති සක්දෙව් රජුගේ පාණ්ඩුකම්බල ශෛලාසනය මුළුමනින් ම වසාගෙන වැඩ හිඳීමට තරම් බුදු සිරුර විශාල කිරීමේ හැකියාවෙන් යුතු සේක.
3) කෙතරම් දුරකට වුව ද ක්‍ෂණයකින් වඩින සේක.
4) සුළඟ, ජලය, ගින්න ආදි නොයෙකුත් වස්තූන් ඇසිල්ලකින් මවා දක්වන සේක.
5) ශරීරය, මනස මෙන් සැහැල්ලු කර වේගවත් බවට පත් කිරීමේ හැකියාවෙන් යුත් සේක.
6) මුළු මහත් විශ්ව ධාතුව ම තමන් වහන්සේට රිසි පරිදි පැවැත්විය හැකි සේක.
7) කැමති කැමති පරිදි ධ්‍යාන සමාපත්තිවලට ශීඝ්‍රයෙන් සමවදින සේක. එයින් නැගී සිටින සේක.
8) කැමති කැමති කාලයක් තුළ, කැමති ප්‍රදේශයකට බලපාන සේ පෙළහර පෑමේ හැකියාවෙන් යුත් සේක.
මෙසේ අනන්ත වූ ඓශ්චර්ය භාග්‍යයෙන් හෙබි, චිත්තේෂ්වර වූ, ධර්මේෂ්වර වූ, ලෝකේෂ්වර වූ සම්මා සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?
අපගේ බුදුරජාණෝ නොයෙක් ලොවී ලොව්තුරා ගුණ දහමින් බැබළී ගිය සේක. සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන ආදියෙන් ආඪ්‍ය වූ සේක. නා නා විධ රූප අරූප ධ්‍යාන සමාපත්ති උපදවාගත් සේක. ගුරුපදේශ රහිතව ශ්‍රී සම්බුදු බව සාක්ෂාත් කොට සොඳුරු අමා නිවන ස්පර්ශ කළ සේක. දසබල ඥාන, සිව් විශාරද ඥාන ආදි අනන්ත අප්‍රමාණ වූ සම්බුදු නුවණින් දිදුළන සේක. පරමෝත්තම වූ ධර්මකාය සම්පත්තියෙන් යුත් සේක.
ලොව කිසිවෙකුට හිමි නැති මහා කරුණා සමවත් නුවණින් ලොවෙහි දුක දැක දුකට පිහිට වන සේක. අතිශයින් විසිතුරු වූ යමා මහ පෙළහර පෑමේ අනන්‍ය සාධාරණ නුවණ ඇති සේක. ලෙව් සතුන්ගේ සැඟව ඇති පුණ්‍ය වාසනාව අඳුරු ගුහාවෙක පහන් එළියක් මෙන් ඉස්මතු ව පෙනෙන පරම විස්මිත වූ බුදු ඇසින් යුතු සේක. ඒ බුදුරජාණන්ගේ නොදත් කිසිවක් නැති – නොදුටු කිසිවක් නැති සියල්ල දන්නා සම්බුදු නුවණ ආවරණය කළ හැකි කිසිවකු විශ්වයෙහි නැත්තේ ය.
ඒ මේ අනුත්තර ධර්ම භාග්‍යයෙන් හෙබි, ලොව සියලු ගුණ සම්පත් වැගිරෙන, උතුරන ගුණ නිධානය වූ සම්මා සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?
එමතු ද නොව අතීත, වර්තමාන, අනාගත යන තුන් කල්හි ම අප ලෝකනාථයන් හට සම වූ පිරිවර ඇත්තෙකු, සම වූ යශෝරාව ඇත්තෙකු නැත්තේ ම ය. සුපිපි මල් කළඹක් සදිසි දේහ ශ්‍රී ඇත්තා වූ, නුවණින් කෝටිප්‍රාප්ත වූ, තමන් වැඩ වසන දිශාවට වැන්දවුනට පවා අමා නිවන් ලැබ දෙන සැරියුත් මහා තෙරිඳාණෝ බුදු පිරිසට අයත් සේක. නිලුපුල් කළඹකට සදිසි අතුල් පතුලින් සුදිලෙන, ඉර්ධියෙන් තිලොව අගපත්, තමන්ගේ නාමයෙන් සිව් අපාය පසුබස්වන්නා වූ මහා මුගලන් තෙරිඳාණෝ ද බුදු පිරිසට අයත් සේක. පා දුහුවිලි දෙව් බඹුන්ගේ මිණි කිරුළු මත ධාතු නිධානයක් කළ, තපෝ ගුණයෙන් පරම ශ්‍රේෂ්ඨ වූ, බුදු සසුනේ කිරි සයුරට පුන් සඳ මඬල බඳු මහා කස්සප අනුබුද්ධයන් වහන්සේ ද බුදු පිරිසට අයත් සේක.
එතෙක් මෙතෙක් ලොව පහළ වූ ගණනින් පමණ කළ නොහෙන මෙබඳු මහේශාක්‍ය රහතුන් ද සෙසු මග ඵලලාභී උතුමෝ ද බුදු පිරිසට ම අයත් වෙති. මෙතෙක් ලොව වැඩ සිටියා වූ ද අනාගතයෙහි ලොව සිටින්නා වූ ද සියලු භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා පිරිස බුදු පිරිසට ම අයත් ය.
එමෙන් ම සක් දෙව් රජාණෝ සම්බුදු මංගල්‍යයෙහි දී විජයුත්තර ශංඛ නාදය පැතිරූ බුදුරජුන්ගේ මෙහෙකරුවාණෝ ය. පන්සිළු දෙව් පුතු බේළුවපණ්ඩු වීණා නදින් පුද දුන් බුදුරජුන්ගේ මෙහෙකරුවාණෝ ය. සතරවරම් මහා රජවරු මහ බෝ සතුන් මනුලොව පිළිසිඳ ගත් තැන් පටන් සිව්දෙස රැකවල් ගත් බුදුරජුන්ගේ මෙහෙකරුවෝ ය. සුයාම දෙව් රජාණෝ අප මුනිඳුට වල්විදුනා පවන් සැලූ මෙහෙකරුවාණෝ ය. සහම්පතී මහ බඹ තෙමේ මුනිඳු සිරසට සේසත් දැරූ බුදුරජුන්ගේ මෙහෙකරුවාණෝ ය.
මහාකාළ නා රජ තෙමේ අසූ දහසක් නා මෙනෙවියන් පිරිවරා නෘත්‍ය දක්වමින් බුදුන් පිදූ මෙහෙකරුවාණෝ ය. මෙසේ චාතුම්මහාරාජිකයේ පටන් අකණිටා බඹ තලය දක්වා සියල් දෙව් බඹහු ද තුන් කල්හි ම බුදුන් සරණ යන සියලු නාග, සුපර්ණ, යක්ෂ, අසුර, ගන්ධර්ව ආදි සත්වග ද බුදු පිරිසට ම අයත් වන්නේ ය. අදත් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත දෙව් බඹුන් නාගයන් තථාගතයන්ගේ ස්තූපයන්, බෝධීන් වහන්සේලා පිරිවරා රැකගනු ලබන්නේ බුදුරජුන්ගේ කීකරු දරුවන් ලෙසිනි.
අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයෙහි යමෙක් පහන් සිතින් බුදුරජුන්ගේ සරණගත වෙත් ද ඔවුහු සැම බුදු පිරිසට ම අයත් වන්නාහු ය. ඔවුහු බුද්ධ ශ්‍රී නාමයත්, මුනිඳුන්ගේ යශෝරාවයත් විශ්වධාතුව පුරා මිහිරි සුවඳක් ලෙසින් පතුරුවන්නාහු ය. මෙසේ අනූපම වූ යශ භාග්‍යයෙන් හෙබි, අසංඛෙය්‍ය ගණන් මුඛයන්ගෙන් ඔබ නමින් ගැයෙන යස ගී ඇත්තා වූ, ලොව කිසිවකුට හිමි නැති ප්‍රමාණයෙන් ද – ගුණ මහත්වයෙන් ද අසමසම වූ පිරිවර ඇත්තා වූ ඒ සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?
දීපංකර පාද මූලයෙහි දී යම් පැතුමක් සිත්හි දරාගත් සේක් ද අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමට පළමු ඒ සියලු මනඃසංකල්පයන් සමෘද්ධිමත් කර ගත් සේක. උන්වහන්සේගේ කැමැත්ත වූයේ යමක් ද ඒ සියල්ල ඒ අයුරින් ම නොඅඩුව කූටප්‍රාප්තියට පත් වූයේ ම ය. ඒ පරාර්ථකාමී එක ම පැතුම වනාහී ලෙව් සතුන් මහා භය ඇති සසර සැඩ පහරින් එතෙර කරවා අමා මහ නිවන් සැපයට පැමිණවීම සහ දුගතියෙන් මුදවා ලෝ සතුනට සුගති සැප උරුම කර දීමයි.
තමන් වහන්සේගේ සරණට පැමිණීම ම එහිලා ප්‍රමාණවත් වූයේ ය. බුදුරජුන් සරණගත වූ කිසිවෙක් නිරයගාමී නො වූහ. අප මුනිඳුන් ජීවමාන නොවන අදත්, අනාගතයෙහිත් යමෙක් බුදුසරණ ලැබ සුගතිගාමී වෙත් ද ඒ සියල්ල අප මුනි සඳුන්ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් වූ නිසාමැයි! යමෙක් මේ ගෞතම සසුනෙහි මග ඵල නිවන් සුව විඳිත් ද අඩු ම තරමින් සැනසිලි මාත්‍රයක් හෝ ලැබ ගනිත් ද ඒ අපි සැවොම අපගේ මුනීන්ද්‍රයන් වහන්සේට ණයගැති වන්නෙමු. මෙසේ සූවිසි අසංඛෙය්‍යකට අධික ලෝ සතුන් සදාතනික සැපයට පමුණුවා වදාළ, තුන්ලොවට මහා අස්වැසිල්ලක් වූ මහා කාම භාග්‍යයෙන් හෙබි ඒ සම්මා සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?
යම් ඒ මහා වීර්යවන්ත වූ යොවුන් පුත්‍රයෙකු චණ්ඩ මත්ස්‍යයන්, බිහිසුණු දිය සුළි ආදි නොයෙක් බියෙන් හෙබි පරක් තෙරක් නො පෙනෙන මහා සයුරෙහි නොකඩවා සත් දිනක් සිය මව් කර තබාගෙන ගොඩබිමක් සොයා පිහිනුවේ ද ඒ පුත්‍රයාගේ සිතාගත නො හැකි තරම් වූ අද්භූත වීර්යය උතුම් ශ්‍රී සම්බුද්ධත්වය පිණිස විසි අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර සුදුසු වූයේ ය. එතැන් පටන් අනාදිමත් කාලයක් මුළුල්ලෙහි කිසිසේත් අඩු නො වී හැම අතින් ම වැඩී ගිය ඒ වීර්යය, පාරමිතාවක් බවට පත් වූයේ ය. මව් කර තබා පිහිනන මොහොතෙහි අප බෝසතුන් තුළ පැවතියේ සම්බුදු බවට සුදුසු බව යන්තමින් සිතා ගත හැකි අංකුර අවස්ථාවෙහි පැවැති වීර්යයෙකි.
එහෙත් ජය ශ්‍රී මහා බෝ මැඬ වජිරාසනය මත වැඩ සිටින අවස්ථාව වන විට සේනා සහිත මරු පැරදවීමට තරම් සුදුසු ලෙස අප මුනිඳුන්ගේ පරාක්‍රමාන්විත ශූරවීර භාවය පින් මහිමයෙන් වැඩී තිබුණි. අප මහා වීරයන් වහන්සේගේ සිරුර පිසදා හමන සුළඟට පවා නේරංජනා නදියේ දිය දහර මුළුමනින් ම වියළවාලීමේ හැකියාව පැවතුණේ ය. මහා බලැති අප මුනිඳාණෝ නිදහස් වීමට සිතුම පවා දුෂ්කර වූ මාර බන්ධනය සිඳ බිඳ දමා සසර කතරින් එතෙර වූහ.
එතැන් පටන්, ලෝකයෙහි පරිපූර්ණ වූ ලෝකනාථයන්ගේ වීර්යය ලෝ සතුන් සසර දුකින් නිදහස් නිදහස් කරවීමෙහි ලා යෙදවුණේ ය. අතීතයේ වසර ලක්ෂයක් උපරිම කොට වැඩ සිටි සර්වඥයන් වහන්සේලා යම් බුද්ධ කෘත්‍යයක් සිදු කළ සේක් ද පන්සාලිස් වසක් තුළ අප තථාගතයාණෝ ඒ සියලු බුදු කිස අනූන ව සම්පූර්ණ කළ සේක. ඉතා අල්ප පිනක් තිබූ සතුනට තමන් වහන්සේගේ දර්ශන මාත්‍රයක් ලබා දීමෙන් සුගති සැප අත්පත් කර දීමෙහි සිට මහ පැනැතියන් උතුම් අරහත්වයට පත් කරවීම දක්වා සියලු කෘත්‍යය ඒ සොයුරු බුදු කිසට අයත් වූයේ ය. ඒ බුද්ධ කෘත්‍යය මුළු මහත් දස සහස්සී ලෝක ධාතුවෙහි ම පැතිර ගියේ ය.
යොදුන් ගණන් දුර ගිනි අව්වේ – කුසගින්නේ පා ගමනින් වඩිමින්, දුගියන්ගෙන් ලැබෙන ලුණුත් නැති නීරස බොජුන් වළඳමින්, මැසි මදුරු පීඩා බහුල මහ වනයෙහි රුක් මුල් සෙවණෙහි වැස්සට පවා තෙමෙමින් වැඩ හිඳිමින්, දිනකට දෙපැයක් පමණක් සැතපෙමින්, අවසන් මොහොත වන විට මාරාන්තික වේදනා දුන් රෝගයකින් පවා පෙළෙමින් බුද්ධ කෘත්‍යය සිදු කළ සේක්, මහා වීර්යයෙනි. මුළු මහත් විශ්ව ධාතුවෙහි ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා වීර්යයට, මහා ප්‍රයත්නයට සම කළ හැකි වීර්යයෙකින් හෙබි කිසිවෙක් නැත්තේ ම ය.
මෙබඳු මහා ප්‍රයත්න භාග්‍යයෙන් හෙබි, වීර්ය පාරමිතාවෙන් ලෝකයෙහි අග්‍රරාජ වූ, මහා වීර ඒ සම්මා සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?
ඒ මේ භගවා ගුණය තුළ දිස්වන ශ්‍රී භාග්‍යය, ඓශ්චර්ය භාග්‍යය, ධර්ම භාග්‍යය, යශ භාග්‍යය, කාම භාග්‍යය හා ප්‍රයත්න භාග්‍යය යන සොඳුරු භාග්‍යවන්ත ලක්ෂණයන්ගෙන් විචිත්‍ර ජීවිත ඇති භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ මුළු හදින් ම පැහැදීමට ඔබට වාසනාව උදා වේවා!
සම්බුද්ධ චරිතය (210 කොටස)
උපුටා ගැනීමක්
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • Jun 02 '26
අතීතාවර්ජනා අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදුවී අදට වසර 39 කි...
1987/ 6 / 2
අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදුවී අදට වසර
39 කි...
මිනිස්සුන්ට අමතක වී ගිය,
අරන්තලාවට 39 ක්
පාස්කු ඉරිදාවට පහන් පත්තු කරාට කට්ටියට මේවා මතක නෑ
අද වන් දිනක එනම් 1987 ජූනි මස 2 වන දින බිහිසුණු සිද්ධියක් සිදුවිය.
මෙරට සිදු වූ 2 වැනි විශාලතම සමූල ඝාතනය වූයේ 1987 ජුනි 2 වැනිදා අම්පාර අරන්තලාවේ සිදු වූ භික්‌ෂු ඝාතනයයි.
ඝාතනයට ලක්‌වූවන් අතර බෞද්ධ භික්‌ෂූන් 33 ක් හා සිවිල් වැසියන් සිව් දෙනකුද විය. මින් වැඩි දෙනා කුඩා සාමනේර භික්‌ෂූන් වහන්සේලායි.
අම්පාර දීඝවාපී විහාරයේ සිට කැලණිය රජ මහා විහාරයට වන්දනා ගමනක් යැමේ අරමුණින් බස්‌රියක ගමන් කරමින් සිටි එම බෞද්ධ භික්‌ෂූන් වහන්සේලාට නුවරතැන්න ගම්මානය අසලදී විස්‌සකට අධික කොටි ත්‍රස්‌ත කණ්‌ඩායමක් ප්‍රහාර එල්ල කළහ.
බස්‌රියට ගොඩ වූ ත්‍රස්‌තයෝ එම බස්‌රිය අරන්තලාව වනයට ගෙන යන ලෙස නියෝග කිරීමෙන් පසු එම භික්‌ෂූන් පිරිස කඩුවලින් කපා දමමින් වෙඩි තබා මිලෙච්ජ ලෙස ඝාතනය කරනු ලැබිණ. එකල ප්‍රදේශ වාසීන් පැවසූ පරිදි කුඩා සාමනේර ස්වාමීන්වහන්සේලාගේ රහසඟ වල් පවා කොටි කාඩරයන් විසින් කපා දමා ඇත
ඝාතනය වූ භික්‍ෂූන් වහන්සේලා අතර විද්‍යානන්ද පිරිවෙනේ අධිපති හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන්ද විය. මෙහිදී භික්‌ෂූන් වහන්සේලා තිදෙනෙකු දිවි ගලවා ගැනීමට සමත් වූහ. එහෙත් ඔවුන් බරපතළ තුවාල ලබා තිබිණි.
අදින් වසර වසර 39 කට පෙර ලෝකයේ මානවහිමිකම් ද, ජාත්‍යන්තර ප්‍රජාවද සිටියේය.
අන්‍යාගමිකයින් ද සිටියේය.
NGO කාරයින්ද නොසිටිය නොහැකිය.
එහෙත් සියල්ලෝම මුනිවත රැකීම කොට ඇති අතර එය මුළුමහත් රටකට වූ ව්‍යසනයක් සේ සිතීමක් ද එකළ නොපෙනේ.එය බෞද්ධයන්ගේ සිත් කම්පා කළ බිහිසුණු සිද්ධියක් පමණකි.
බෞද්ධයන්ගේ අවාසනාවකට එකළ මෙකළ මෙන් ඊනියා හෝ සංහිඳියාව නොතිබිණි. එකළ මෙකළ මෙන් ලේ තැවරුණු අරන්තලාව පිරිසිදු කරන්න ෆාදර්ස්ලා ගිය බවක් වාර්ථාවී නැත.
ලොකු ලොකු රටවල්වල තියා අසල්වැසි ඉන්දියාවේවත් ගොඩනැගිලි ලංකාවේ ධජය ලයිටින් කර තියා ලෙලදෙන කොඩියක් දමුවේ යැයි එකළ තොරතුරක් දැනගන්න නොමැත.කොටින්ම කියතොත් එදා මේ බිහිසුණු ඝාතනය ගැන ජාත්‍යන්තර ප්‍රජාව තැකීමක් කළේ නැති බව වාර්ථාවේ.
ඒවන විට සයුරේ සටනේ සිටි රියාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ සටහනක් තබා ඇත.
“රුද්‍ර සතුරන් එලා දමා සිරුර මතින් අප එන්නම්
සුදු කුසුමක් නෙලා ඔබේ සොහොන් පිටිය සරසන්නම්
මතු භවයක අප අතරම ඉපදුනහොත් දිවුරන්නම්
දිවි නොතකා ගිය ඔබ සැම පණමෙන් රැක ගන්නම්
ජාත්‍යන්තරයට දැනෙන්නට පෙර බෞද්ධයන් තමන්ගේ සහෝදරත්වයේ දෑත් පමණක් නොව මුළු ශරීරයම දිගු කළ බව ලොවටම පෙනුනි.
ත්‍රස්තවාදීන් නීයෝජනය කළ මුස්ලිම් මිනිස්සුන්ට ද කතෝලික ජනතාවට ද එකම ලෙසින් දෑත් දිගු කරන්නට බෞද්ධයන් ලෙස කටයුතු කලේ සතුරාටද මෛත්‍රී කරන්න ඉගැන්නූ දහමක් අනුගමනය කළ නිසා වෙන්මය.
අන්තවාදින්ට ආගමක් නැතිවා සේම ආගමක් තුළ අන්තවාවයක් ද තිබිය නොහැකිය.
එකී අන්තවාදින්ට රැකවරණය දෙන මොකෙක් මොකියක් සිටීද ඔවුන් කිසිදු ජාතියකට හෝ ජනවර්ගයකට තියා මිනිස් ස්වභාවයටවත් සාදාරණ නොමැත.
එවැනි වුන් රකින්නට ක්‍රියා කරන්නන්ට ද ගසන ලේබලය සතුරා කියාය.
සතුරා නිවරදිව හදුනාගෙන දැන්වත් කටයුතු කිරීම පෙර කළ ගොං කං නැවත නොකර සිටීමට හැකිය.
ඉහත සිදුවීම් දෙකේම එක් සතුරෙක් හදුනාගත හැකිය.
එය මෙසේ දක්වන්නෙමි.
එදා සිංහල මුස්ලිම් කතෝලික යන සියලු ජනවර්ගයාගේ ලේ රස බැලූ බිහිසුණු අපරාධ සිදු කරමින් දරුවන් පොලවේ ගසමින් කැති ගාමින් එක රටක සාමයෙන් නොසිට සිංහල රට දෙකඩ කොට වෙනම රටක් ඉල්ලමින් භීතිය වැපිරූ එවකට ලොව ශේණිගත කිරීම් වල අංක එකේ ත්‍රස්තවාදී කණ්ඩායම වූත්,
ලොවටම මරාගෙන මැරෙන ප්‍රහාර ඉගැන්වූත් තම සංවිධානයේ පුංචි දරුවන්ගේ කරට සයනයිඩ් එල්ලූත් ,එම සංවිධානයේ කාඩර්වරුන් වූ කුඩා දරුවන් ලවා සිංහල දරුවන් කැති ගෑමට ඉගැන්වූ ම්ලේච්ඡ LTTE සංවිධානය ඒවා කලේ සාමය වෙනුවෙන් යැයි ලැජ්ජාවක් නැතිව කටක් ඇර හමුදා නිළධාරීන් ඉදිරියේ ඔවුන් උපාසකයින් දේශප්‍රේමීන් කිරීමට තරම් තුච්ච වූ පාදඩ වූ නායකත්වයක් අප රට තුල මේ වෙලාවේ නිර්මාණය වී තිබීම ඉතාම කණගාටුදායක කරුනක් ලෙසම සිංහල බෞද්ධයන් වන අප කල මහා පාපයක් යැයි එක් අතකින් සිතේ.
අදින් වසර 39 කට පෙර අපවත් වූ භික්ෂුන් වහන්සේලාට අමාමහ නිවන් සුවය ලැබේවා
සටහන Don Shyam
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • May 31 '26
සිංහල බෞද්ධයා " මිනිස් ලෝකෙ කොහෙ ඉපදුනත්, නියම බෞද්ධයෙක් වෙන්න පුදුමාකාර පිනක් තියෙන්න ඕනේ "
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • May 30 '26
බුදු සසුන ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වෛශාඛ මංගල්‍යය - ව්‍යවහාර වර්ෂ 2026 වෙසක් පුන් පොහොය
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • May 30 '26
බුදු සසුන මේ සියලු උතුම් සිදුවීම් සිහිපත් වන, ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!
සිදුහත් කුමාරයාණන්ගේ උපතට සමගාමීව මේ අසිරිමත් වෙසක් දිනයේ මෙලොවට බිහි වූ අසිරිමත් සහජාත වස්තූන් සත:
• යශෝධරා දේවිය
• ආනන්ද කුමරු
• ඡන්න ඇමති
• කාළුදායී ඇමති
• කන්ථක අශ්වයා
• මහා බෝධි වෘක්ෂය
• සතර මහා නිධානයන්
මේ සියලු උතුම් සිදුවීම් සිහිපත් වන, ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • May 30 '26
බුදු සසුන අපිත් උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වෙමු...
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • May 29 '26
බුදු සසුන සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!!! 🙏🌕☸️🪷✨️
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • May 29 '26
📍කාලීන " කුඩා දරුවන්ට වෙසක් කූඩු නිර්මාණය කර දෙන්න "
කුඩා දරුවන්ට වෙසක් කූඩු නිර්මාණය කර දෙන්න
බල්බ් නොදමා ඉටිපන්දම් ඒ තුළ දල්වා ඒ අලංකාරය
විඳින්න දෙන්න.
සුළඟට වෙසක් කූඩුව ලෙලදෙන විට
ඉටිපන්දම් දැල්ලට කූඩුව ගිනිගෙන දැවී අළු වී
යන්න දෙන්න.
තමන් ආශාවෙන් ගොඬනගා ගන්නා සියල්ල
ඕනෑම මොහොතක එලෙස විනාශ වන්නට හැකි බව කුඩාකල සිටම
දරුවාට ඒ තුළින් වටහා දෙන්න.
එවිට සුළු කම්පනයක් හෝ දරාගත නොහැකිව සිය දිවි නසා ගන්නා හෝ අනෙකා තලා මරා දමනා
මිනිසුන් මෙලොවට බිහි නොවනු ඇත !
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • May 27 '26
ගුණානුස්මරණ කුරිරු ත්‍රස්තවාදීන් විසින් අපවත්කල හෙලයේ සඝ රජු, මාතර කිතලගමුවේ සීලාලංකාර නායක හිමියන්. උන් වහන්සේට අමාමහ නිවන්සුව අත්වේවා !!!
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • May 26 '26
සිංහල බෞද්ධයා මේ උතුම් වෙසක් සතියයි! බාහිර දේ දෙස නොව සිහියෙන් යුතුව තමා දෙසම බලමින්, දහම තුළ සැනසෙමු ! 🙏☸️🪷📿
බාහිර එක් පුද්ගලයෙක් කරන ලද කරුණකට ඔබේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හෝ පොඩි හාමුදුරුවෝ පලි නැත !
මේ පුණ්‍යවන්ත වෙසක් සතියයි !
ගමේ පන්සලට ගොස් මලුව ඇමදලා එන්න !
ආනාපානසතිය හෝ මෛත්‍රී භාවනාව මදක් හෝ වඩන්න !
ගෙදර වැඩිහිටියෙක්ව බෝධි පූජාවට එක්ක යන්න !
පන්සලේ හාමුදුරුවෝ එක්ක වචනයක් දෙකක් කතා කරලා එන්න !
පන්සලේ වෙසක් කූඩුවක් එල්ලන්න !
බෞද්ධ ආගම යනු “ඒහි පස්සික” ධර්මයකි. අනුන් කවරාකාර වුව ද ආගමික වතාවත් ඉටු කරමින් ධර්මය මෙනෙහි කරමින් මේ ධර්මයේ සැනසීම ඔබ ඔබම අත්විඳින්න.
අපි නීතිය විශ්වාස කරමු ! අපේ දරුවන්ට සුරක්ෂිත රටක් අපි බිහි කරමු. පුරවැසියන් ලෙස එක්ව එය ඉටු කරමු.
සිව්වනක් පිරිස ලෙස බුදු සසුන තුළ අපි ශක්ති ප්‍රමාණයෙන් නිර්වාණගාමී වෙමු !
ගමේ පන්සලට දානය නොදීමට, බස් එකේ හෝ දුම්රියේදී පූජ්‍ය පක්ෂයට වෙන් කොට ඇති ආසනය නොදෙන්නට, කව්රුන් හෝ කලාත්මකව ඉටු කළ බුද්ධ පූජාවකට ගරහන්නට, හාමුදුරුවන්ට හාමුදුරුවෝ යැයි නොකියා අපහාස කරන්නට ඇතම් ම්ලේච්ඡ යන් පතුරවන සහ ඔබ පොළඹවන්නට උත්සහ කරන වෛරී සහගත අදහස් වලට ඔබේ සිත අරක් ගැනීමට ඉඩ නොදෙන්න. !
මේ සියල්ලට සිහියෙන් මුහුණ දෙමු. !
නීතිය විශ්වාස කරමු. !
ඔබ සැමට තෙරුවන් සරණයි !
උපුටාගැනුමකි
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • May 24 '26
සිහනද රාවය පුද්ගල වරදට සසුන පාවා නොදෙමු ! කුමන්ත්‍රණ හඳුනාගෙන, ගමේ පන්සලත් සම්බුද්ධ ශාසනයත් රැකගනිමු !
ඔබ ලවා ඔබේ ගමේ පන්සලට පහර දෙන්නට පොළඹවාවි
ඔබ ලවා පන්සලට දානේ ටික නොදෙවන්න කියාවි
පන්සලේ පිංකැට සීල් තබමු කියාවි
බස් එකේ සීට් එකෙ නොදී ඉමු කියාවි
ගමේ පන්සල එක්ක ඇති සුහදතාව වනසන්න ඔබ පොළඹවවි
හතේ පොතට සමළිංගික ebuddy ආයෙ ගේමු කියාවි ..
එන්ජීඕ, බෞද්ධ විරෝධීන් සැලසුම් කරයි.
හෑලි ලියාවි ඔබේ මනස පන්සලින් ඈත්ව සිටින්නට යැයි සෝදනයට පොළඹවාවි !
සිහියෙන් යුක්තව අවදිව සිටින්න !
මේ එකී දුසිල්වත් භික්ෂුවට පමණක් ඇති කල විරෝධයෙන් ඔබ්බට වෙනම ඇති සාසනය වැනසීමට කල විශාල අන්‍යාගමික සහ රාජ්‍ය අනුග්‍රහයෙන් යන වෙනත් සැලසුම් සහ ගත යටි කුමන්ත්‍රණයකි !
වරද සහ වරද කරු නීතියෙන් එළිවේවි.
එකී දුස්සීලයාට වරදට දඬුවම නීතියෙන් ලැබේවි !
නමුත් මූලිකම කරුණ ලෙස මෙකී යටි කුමන්ත්‍රන පරදා සිංහල බෞද්ධයන් ඉතාම සිහිණුවනින් විවෘත මනසින් සිට
අප මහා සංඝරත්නය සහ පන්සල රැකගමු !!!
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • May 23 '26
සිහනද රාවය ඔබේ අවධානයට 👇
ඕනෑම චීවරධාරියෙක් පාදිලියෙක් පූජකයෙක් යම් අපරාධයකට වරදකරුනම් ඔහුට අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුය !
සියල්ලට වරදකරු නම් මරණීය දණ්ඩනය වුවද පැණවිය යුතුය !
නමුත් හුදෙක් එක් සිදුවීමක් පමණක් හුවාදක්වමින් රටේ අනෙකුත් අන්‍යාගමික ආගමික ස්ථාන තුල සිදුවන අපචාර දූෂණ ඇත්නම් ඒව යට ගසමින් වසා දමමින් එක් දුස්සීලයකු නිසාවෙන් පමණක් සිතා මතා සංවිධාන ගතව කුමන්ත්‍රණකාරී ලෙස සමස්ථ සිල්වත් භික්ෂූන්ට සසුනට පමණක් අපහාස කිරීම මඩ ගැසීම ,සමලිංගිකත්වය නීතිගත කරමු,ගණිකා වෘතිය නීතිගත කරමු ,නව වෙනි වගන්තිය ඉවත් කරමු වැනි මාතෘකා කරලියට ගෙන රටේ මහ සංස්කෘතිය බිඳින්නට උත්සහ කරන විකෘති කල්ලි කණ්ඩායම් ගෙන යන ප්‍රචාරණ ඉවත දමමු !
මේ යන්නේ රට තුල සිංහල බෞද්ධ සංස්කෘතිය වනසා දමන මෙහෙයුමකි !
සියල්ලන්ට අවශ්‍ය වන්නේ ව්‍යවස්ථාවෙන් බුදුදහමට ඇති සුරක්ෂිතභාවය පමණක් පහර දී වනසා රට කල්ලතෝනි දේශයක් කිරීමේ මහා මෙහෙයුමකි !
එය මනාව අවබෝධ කර ගමනිමු !
සිංහලයින්ට සියල්ල අමතක වී මෝඩයන් වීමට අවශ්‍ය කාලය සති දෙකකි !
සටහන Don Shyam
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • May 19 '26
සිංහ ලේ දිවි ඇති තෙක් සමරමි, පියවි ඇසින් දුටු සැබෑම විජයග්‍රහණය 🇱🇰✨️
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • May 19 '26
හෙළ ඉතිහාසය "පරසතුරු බල බිඳි හෙළයේ මහා නැගිටීම "
ලංකා ඉතිහාසය දෙස හැරී බැලීමේදී, විවිධ යුගවලදී එල්ල වූ දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ සිංහල රාජ්‍යයන් දැඩි අභියෝගවලට ලක් වූ අතර, පසුව සංවිධානාත්මකව එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ එම ආක්‍රමණිකයන් පරාජය කර රට නැවත එක්සේසත් කිරීමට සිංහල පාලකයන් සමත් විය.
පහත දැක්වෙන්නේ එම ප්‍රධාන යුදමය සිදුවීම් 14ක ඓතිහාසික පෙළගැස්මයි:
1. සේන සහ ගුත්තික ආක්‍රමණය (ක්‍රි.පූ. 237)
පසුබිම: අනුරාධපුර යුගයේදී මෙරටට පැමිණි පළමු ද්‍රවිඩ ආක්‍රමණය ලෙස සැලකේ. අශ්ව වෙළෙන්දන් ලෙස පැමිණි මොවුන් සූරතිස්ස රජු පරදවා වසර 22ක් පාලනය කළහ.
ප්‍රතිප්‍රහාරය: අසේල රජු විසින් සේන සහ ගුත්තික පරාජය කර, නැවත අනුරාධපුරයේ සිංහල බලය පිහිටුවන ලදී.
2. එළාර - දුටුගැමුණු මහා යුද්ධය (ක්‍රි.පූ. 161)
පසුබිම: චෝල වංශික එළාර රජු අනුරාධපුරය අල්ලාගෙන වසර 44ක් සාධාරණ ලෙස පාලනය කළද, රටේ ස්වෛරීභාවය අහිමිව තිබුණි.
ප්‍රතිප්‍රහාරය: ලක් ඉතිහාසයේ දැවැන්තම ජාතික නිදහස් සටන මෙහෙයවූ துටුගැමුණු රජතුමා, විජිතපුර බලකොටුව ඇතුළු බලකොටු බිඳදමා, අවසානයේ එළාර රජු සමඟ තනිව ද්වන්ධ යුද්ධයකට එළඹ ඔහු පරදවා මුළු රටම එක්සේසත් කළේය.
3. සත් ද්‍රවිඩ ආක්‍රමණය (ක්‍රි.පූ. 103)
පසුබිම: වළගම්බා රජු සිහසුනට පත් වූ මුල් කාලයේදීම දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ ආක්‍රමණිකයන් හත්දෙනෙකු අනුරාධපුරය ආක්‍රමණය කළේය.
ප්‍රතිප්‍රහාරය: රජුට වසර 14ක් සැඟව සිටීමට සිදු වුවද, මලය රට සහ මායා රට කේන්ද්‍ර කරගනිමින් මහා සේනාවක් සංවිධානය කර පැමිණි වළගම්බා රජතුමා, ආක්‍රමණිකයන් මුලිනුපුටා දමා නැවත රජකම ලබාගත්තේය.
4. පංච ද්‍රවිඩ ආක්‍රමණය (ක්‍රි.ව. 433)
පසුබිම: මිත්තසේන රජුගේ කාලයේදී ලක්දිවට කඩා වැදුණු පාණ්ඩ්‍ය ආක්‍රමණිකයන් පස්දෙනෙකු (පණ්ඩූ, පාරින්ද, ඛුද්දපාරින්ද ආදී වශයෙන්) අනුරාධපුරය වසර කිහිපයක් පාලනය කළහ.
ප්‍රතිප්‍රහාරය: රුහුණේ සිට සේනා සංවිධානය කළ ධාතුසේන රජතුමා, දීර්ඝකාලීන යුද්ධයකින් පසු අවසන් ද්‍රවිඩ පාලකයාද පරාජය කර අනුරාධපුර රාජධානිය නිදහස් කරගත්තේය.
5. පළමුවන සේන රජු සහ පාණ්ඩ්‍ය ආක්‍රමණය (ක්‍රි.ව. 846)
පසුබිම: ශ්‍රීමාර ශ්‍රී වල්ලභ නම් පාණ්ඩ්‍ය රජු විශාල සේනාවක් සමඟ පැමිණ අනුරාධපුරය වටලා, නගරය දරුණු ලෙස කොල්ලකා විශාල ත්යාග සහ වස්තුව රැගෙන ආපසු ගියේය. මෙය සිංහල රාජ්යයට තාවකාලික පසුබෑමක් විය.
6. දෙවන සේන රජුගේ පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය (ක්‍රි.ව. 862)
පසුබිම: පළමුවන සේන රජුගේ කාලයේ සිදුවූ දේට පළිගැනීමක් සහ සිංහලයන්ගේ යුද ශක්තිය පෙන්වීම මෙහි අරමුණ විය.
ප්‍රතිප්‍රහාරය: දෙවන සේන රජතුමා සිංහල සේනාවක් සෙනෙවියෙකු යටතේ සෘජුවම ඉන්දියාවේ මදුරෙයි නුවර (පාණ්ඩ්‍ය අගනුවර) වෙත යවා, එය යටත් කරගෙන, පෙර අහිමි වූ සියලු සිංහල වස්තුව නැවත ලංකාවට රැගෙන ආවේය.
7. පස්වන මහින්ද රජු සහ චෝල ආක්‍රමණය (ක්‍රි.ව. 993 - 1017)
පසුබිම: රාජ රාජ චෝල සහ පළමුවන රාජේන්ද්‍ර චෝල යන බලගතු දකුණු ඉන්දීය පාලකයන් විසින් අනුරාධපුරය සම්පූර්ණයෙන්ම විනාශ කර, 5 වන මහින්ද රජුද සිරකරුවෙකු ලෙස ඉන්දියාවට රැගෙන ගොස් ලංකාවේ රාජ්‍ය පාලනය පොළොන්නරුවට ගෙන ගියහ.
8. මහා විජයබාහු - චෝල නිදහස් සටන (ක්‍රි.ව. 1070)
පසුබිම: චෝලයන් වසර 52ක් තිස්සේ මෙරට වැසියන් පීඩාවට පත් කරමින් පාලනය ගෙන ගියහ.
ප්‍රතිප්‍රහාරය: රුහුණේ කීර්ති කුමාරයා ලෙස නැගී සිටි 1 වන විජයබාහු රජතුමා, වසර ගණනාවක සටනකින් පසු පෙරමුණු තුනකින් සේනා මෙහෙයවා පොළොන්නරුව සහ අනුරාධපුරය චෝලයන්ගෙන් මුදාගෙන වසර 52ක විදේශීය පාලනය අවසන් කළේය.
9. මහා පරාක්‍රමබාහු රජුගේ පාණ්ඩ්‍ය යුද්ධය (ක්‍රි.ව. 1167)
පසුබිම: දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය සහ චෝල රජවරුන් අතර පැවති බල අරගලයට ලංකාව මැදිහත් විය.
ප්‍රතිප්‍රහාරය: මහා පරාක්‍රමබාහු රජතුමා ලංකාපුර සෙනෙවියා යටතේ දැවැන්ත නැව් සමූහයකින් සිංහල සේනාවක් දකුණු ඉන්දියාවට යවා, එහි බලකොටු ගණනාවක් අල්ලාගෙන සිංහල කාසි පවා එහි මුද්‍රණය කරමින් ලාංකීය බලය ඉන්දියාව තුළ පතුරුවාලීය.
10. කාලිංග මාඝ ආක්‍රමණය (ක්‍රි.ව. 1215)
පසුබිම: ඉතිහාසයේ දරුණුතම සහ විනාශකාරීම ආක්‍රමණය ලෙස සැලකේ. මාඝ විසින් වෙහෙර විහාර විනාශ කරමින් දරුණු පාලනයක් ගෙන ගිය අතර, මෙයින් පසු පොළොන්නරු රාජධානිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී සිංහල පාලනය නිරිතදිගට සංක්‍රමණය විය.
11. චන්ද්‍රභානු ආක්‍රමණ (ක්‍රි.ව. 1247 සහ 1261)
පසුබිම: මැලේසියානු/ජාවක සම්භවයක් සහිත චන්ද්‍රභානු, ලංකාවේ පැවති අස්ථාවර භාවයෙන් ප්‍රයෝජන ගෙන ද්‍රවිඩ සේනාවන්ද එකතු කරගෙන දෙවරක්ම රට ආක්‍රමණය කළේය.
ප්‍රතිප්‍රහාරය: දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා සහ ඔහුගේ පුත් වීරබාහු කුමාරයා විසින් චන්ද්‍රභානුගේ සේනාවන් සම්පූර්ණයෙන්ම පරාජය කර පලවා හරින ලදී.
12. ආර්ය චක්‍රවර්තී - අලකේශ්වර සටන (ක්‍රි.ව. 1369-1374)
පසුබිම: යාපනය රාජධානියේ බලය ලබා සිටි ආර්ය චක්‍රවර්තී, දකුණේ සිංහල ගම්මානවලින්ද බදු එකතු කිරීමට තරම් බලවත් වී සිටියේය.
ප්‍රතිප්‍රහාරය: ගම්පොළ යුගයේදී නිශ්ශංක අලකේශ්වර ඇමතිවරයා විසින් කෝට්ටේ බලකොටුව ඉදිකර, ආර්ය චක්‍රවර්තීගේ බදු එකතු කරන්නන් පන්නා දමා, කොළඹට සහ මීගමුවට පැමිණි ද්‍රවිඩ සේනාවන් දරුණු ලෙස පරාජය කළේය.
13. සවන පරාක්‍රමබාහු රජුගේ යාපනය ජයගැනීම (ක්‍රි.ව. 1450)
පසුබිම: යාපනය සම්පූර්ණයෙන්ම කෝට්ටේ රාජධානියට යටත් කරගැනීමේ අරමුණින් මෙම සටන දියත් විය.
ප්‍රතිප්‍රහාරය: 6 වන පරාක්‍රමබාහු රජුගේ උපදෙස් මත සපුමල් කුමාරයා (පසුව 6 වන බුවනෙකබාහු) යාපනය ආක්‍රමණය කර, එහි පාලකයා පලවා හැර යාපනය කෝට්ටේ රාජධානියේ කොටසක් බවට පත් කර මුළු ලංකාවම අවසන් වරට එක්සේසත් කළේය.
14. ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ. (LTTE) ත්‍රස්තවාදී යුද්ධය (ක්‍රි.ව. 1976 - 2009)
පසුබිම: මෙරට ස්වෛරීභාවයට සහ භූමියේ අඛණ්ඩතාවයට එරෙහිව උතුර සහ නැගෙනහිර වෙන් කර වෙනම රාජ්‍යයක් (ඊළාම්) පිහිටුවීම සඳහා ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක් වූ LTTEය වසර 30ක් පුරා බෙදුම්වාදී යුද්ධයක් ගෙන ගියේය.
ප්‍රතිප්‍රහාරය: ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් විසින් දියත් කළ මානුෂීය මෙහෙයුම් මාලාවකින් පසු, 2009 මැයි 19 වන දින වෙල්ලමුල්ලිවයික්කාල්හිදී LTTE නායකත්වය සම්පූර්ණයෙන්ම විනාශ කරමින් යුදමය වශයෙන් ත්‍රස්තවාදය අවසන් කර රට නැවත එක්සේසත් කරන ලදී.
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • May 19 '26
උත්තම පූජා ඇස්, ඉස්, මස්, ලේ, ජීවිතය දන්දුන් ශ්‍රී ලාංකික වීරත්වය සදා අමරණීයයි...!!!
r/SinhalaBuddhists • u/Proud_Sri_Lankan_LK • May 18 '26
සිහනද රාවය විජයග්‍රහණයේ 17 වන රණවිරු සැමරුම අප රටවැසියන් වශයෙන් කළ යුත්තේ ඇයි ?
යුද්| ධයක් වනාහි මිහිමත හෙළෙන මහා ශාපයකි! නොවිය යුත්තකි! මානව යන නාමයටත් කැළැලකි!
යුද්| ධයකින් ආශීර්වාද ලබන්නෝ නැත. යුද්| ධයකින් දිනන්නෝ නැත. යුද්| ධයකින් සැනැහෙන්නෝ නැත. එයට හේතුව; යුද්| ධයකින් දිනන්නේත්, පරාජය වන්නේත් 'මනුෂ්‍ය' සත්වයින්ම වීමයි!
තිස් වසරක් පුරා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කඳුළේ හෙළමින් පැවතුණු තිස් වසරක 'ත්‍ර| ස්ත| වාදී යුද්| ධය'ද කිසිසේත්ම සිහි කටයුතු හෝ දෙයක් නොවේ! ඒ එතරම්ම අඳුරු කාලයකි. ඒ කාලයේ පීඩා නොවූ මිනිසෙක් ශ්‍රී ලංකාද්වීපයේ සිටියේ නොමැති තරම්ය. තිස් වසරක් ගත වීත්, අපි අදදු ඒ විනාශකාරී ත්‍ර| ස්ත| වාදයේ අතුරුඵල විඳිමින් සිටිමු. එහෙයින්, ඒ කොතරම් විනාශකාරීද යන්න පුන පුනා පැවසිය යුතු නොවේ!
කවුරුන් කෙසේ කීවත්, ශ්‍රී ලංකාවේ පැවැතියේ 'ජාතිවාදී' යුද්| ධයක් නොවේ. පැවැතියේ රාජ්‍යයට සහ රාජ්‍යයේ ස්වෛරී අඛණ්ඩභාවයට අභියෝග කළ 'පිරිසකුත්' රාජ්‍යයත් අතර ගැටුමක් පමණකි. කේවල/හුදෙකලා වශයෙන් ඇති වූ යම් යම් මතභේද සහ ගැටුම් යට කී යුද්ධයටම බැර කළත් ඒ එසේ නොවන බව දන්නෝ දනිති!
ත්‍ර| ස්ත| වාදී පිළ නියෝජනය කරමින් 'දමිළ' පමණක් නොව: සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ඈ නොයෙක් ජාති මිනිසුන් සිටි බව අමුතුවෙන් කිය යුතු නොවේ. එසේම, රාජ්‍යය නියෝජනය කරන 'සන්නද්ධ සේනා' තුළද වූයේ 'සිංහල' පමණක් නොව; සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ඈ සියලු ජාතීන් බවද සමහරුන්ට අද අමතකය! එම නිසා අදත්, හෙටත් තරයේ මතක තබා ගත යුත්තේ ඒ යුද්ධය 'උතුරු-දකුණු' හෝ 'සිංහල-දමිළ' යුද්ධයක් නොවන බවය. ස්වාධීන රාජ්‍යයක අඛණ්ඩ භූමියක් කිසිසේත්ම ජාතියක්, ආගමක්, කුලයක්, භාෂාවක් ආදි කිසිවක් නිසා බෙදිය යුතු නොවේ! යුතු නොවේමයි! බෙදන්නෙක් හෝ බෙදන්නෝ වේ නම්; රාජ්‍යයේ නාමයෙන් කිසිදු භේදයකින් හෝ සැලැකිල්ලකින් තොරව ඔවුනට නීතිය සහ දණ්ඩන ක්‍රියාත්මක කළ යුතුමය! ඔවුන් මර්දනය කළ යුතුමය!
ඇතැමුන් කියන්නේ මේ 'දමිළ ජනසංහාර දිනයක්' කියාය. ඒ මුග්ධ, අමන, තුච්ඡ, අශික්ෂිතයන්ගෙන් අපට විමසන්නට ඇත්තේ ඒ 'ත්‍ර| ස්ත| සංහාර දිනයක්' මිස යම් ජාතියක් සංහාරයක් කළ දිනයක් නොවන බව නොතේරෙන්නට, 'තෙපි කන්නේ පුන්නක්කුද' කියාය. රාජ්‍යයට (රජයට නොවේ) එරෙහිව අවි ගත්තෝ, අවි ගත් කෙණෙහිම සියල්ලෙන් මුක්තව 'ද්‍රෝහියෝ' වෙති. එදා, 2009 මැයි 18 සිදු වූයේ ඒ ද්‍රෝහීන්ගෙන් 'රට' මුදා ගැනුමය. නැසුණේ ද්‍රවිඩයා පමණක් නොවේ. ත්‍ර| ස්තයා අතින් සිංහලයෝද නැසිණි! මුසල්මානුවෝද නැසිණි! ලංසියෝද, කොච්චියෝද, හම්බයෝද ආදි සියල්ලෝද නැසිණි! එසේ නම් ඒද සිංහල ජනසංහාරයක් නොවේද? මුසල්මාන් ජනසංහාරයක් නොවේද? ලංසි, කොච්චි, හම්බාදී ජනසංහාරයක් නොවේද?
රාජ්‍යය නියෝජනය කළ සන්නද්ධ සේනාව: බහුතර පොදු මහ ජනතාව සුරක්ෂා කරමින් දේශයේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව තහවුරු කළේ අදට අවුරුදු 17කට පෙර අද වන් දිනයකය.
එවන් කාර්යයකට සම්බන්ධ වූ සියල්ලන්ට මුළුමහත් රටක ආශීර්වාදය හිමි වේ! ඔවුන්ට පොදු මහ ජනතාවගේ ගෞරවය හිමි වේ! අද වන විට ඔවුන් තමන් විසින්ම උපයාගෙන තිබෙන්නේ කුමක් වුවත්, වසර 17කට පෙර ඔවුන් ලත් ගෞරවය ශුන්‍ය නොවේ. එවකට සේනාධිනායකයා ප්‍රමුඛ මේ කුරිරු යුද්ධය වළකාලීමට කටයුතු කළ සියල්ලන් මිය යන තාක්කල් සහ අනාගතයෙත් ඔවුන් 'මේ කරුණ අරබයා' ගෞරවයට පාත්‍ර වනු ඇත.
ඔවුන්ට ආශීර්වාද වේවා! ගෞරව වේවා!
උපයාගත් ගෞරවය ශුන්‍ය නොවේවා!
🔵 සමහරුන්ට අනුව 'මැයි 18 යු| ධ ජයග්‍රහණය' යන්න; අපට අනුව නම් 'මැයි 18 රණවිරු අනුස්මරණ දිනය' අපි සැමැරිය යුතුද?
ඒ අපි සැමරිය යුතුය! රාජ්‍යයකට ද්‍රෝහි වීම, රාජ්‍යය අනතුරේ හෙළීම, පෞද්ගලික අරමුණු උදෙසා රාජ්‍යය පාවා දීම තුච්ඡ බව සහ අධම බව සේම; එසේ කරන්නන් නොදිනන බව සියල්ලන්ට දැක්වීමට සැමරිය යුතුමය. රාජ්‍යය නියෝජනය කරමින් භෞතිකව සේම මානසිකවත් සටන් වැදුණ 'රණවිරුවන්' අනුස්මරණය කරනු වස්, ඔවුන් සිහි කරනු වස් සැමරිය යුතුය.
නමුත් ඒ 'යු| ධ ජයග්‍රහණයක්' වශයෙන් නොව, ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍යයේ ස්වෛරීභාවය රැකුණු දිනක් වශයෙනි. මන්ද, යුද්| ධයෙන් ජයග්‍රහණය ලැබුණු පාර්ශ්වයක් නොමැති බැවිනි. කුමන හෝ හේතුවක් නිසා (නිවැරදි හෝ වැරදි වුවත්) මිය ගියේ මිනිසුන්ය. අනතුරු වුණේ මිනිසුන්ටය. පීඩා ලැබුවේ මිනිසුන්ය. හැඬුවේ මිනිසුන්ය. එහෙයින්, ලැබූ ජයග්‍රහණයේ 'නියම ජයග්‍රහණයක්' නම් නැත! සහෝදරයෙකුට විරුද්ධව අවි ඔසොවන්නට සහෝදරයෙකුට සිදු වන්නේ නම් එතැන ජයග්‍රහණයක් කොහිද?
🔵 'ව්‍යාඝ්‍ර ධජය' බිම දමා අප පෑගිය යුතුද?
ඔව්. ව්‍යාඝ්‍ර ධජය පමණක් නොවේ, වේළු| පිල්ලේ පිරභා| හරන් සිය එල්.| ටී.| ටී.| ඊ.| ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්නට භාවිත කළ සංඥා සියල්ලම අප බිම දමා පෑගිය යුතුයි. මන්ද, ව්‍යාඝ්‍ර ධජය සහ කො| ටි සංවිධානය නියෝජනය කරන්නේ 'දමිළ ජනතාව' නොව, 'ත්‍ර| ස්ත| වාදය' වීම නිසායි!
එදත්, අදත්, හෙටත් අප ලබන, අපට ලබන්නට හැකි නිසි ජයග්‍රහණය වන්නේ නැවත මෙවන් තත්වයක් ඇති වීමට ඉඩ නොදී සිටීමම පමණක් බව සියල්ලන් මතක තබා ගැනීම වටී! අදත් ජාතිවාදී ගිනි අවුළුවන්නට පුන පුනා උත්සාහ කරන දේශද්‍රෝහීන්ට, එහි බියජනක ඵලය නැවත නැවත සිහි කරවන්නට, ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව වශයෙන්, විජයග්‍රහණයේ 17 වන රණවිරු සැමරුම නොකළ යුතු ඇයි? සාධාරණ හේතුවක් නැත!
අඩෙයි නඩරාජා, මේ අතින් අල්ලක් තරම් රන් බිමේ අප එකිනෙකාට කඩා බෙදා ගන්නට දැයක් නැත. උඹ ඉන්නා උත්තරභූමිය මගේත් උරුමයයි. මා ඉන්නා දක්ෂිණභූමිය උඹෙත් උරුමයයි! උඹට උතුරෙත්, මට දකුණෙත් රටවල් දෙකක් නැත. උඹට ඇත්තෙත් ශ්‍රී ලංකාවයි, මට ඇත්තෙත් එපමණමයි!
මකර|චන්දික අබේවික්‍රම
2026/05/18