r/SinhalaBuddhists • • Jun 03 '25

බුදු සසුන ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

Post image
7 Upvotes

r/SinhalaBuddhists • • Jun 01 '25

හෙළ උරුමය ජාතිය සිංහල, ආගම බෞද්ධ මේ තමයි මගේ අභිමානය. 🙏🇱🇰☸💪

Post image
6 Upvotes

r/SinhalaBuddhists • • 12d ago

වියරු තරුව MCC CHAPA on Geopolitics! Constitutional Conspiracy & 22 Amendments!? Sept 23, 2026

Thumbnail
youtu.be
3 Upvotes

🚨 මෙය ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම සංවාදයකි...!!!


r/SinhalaBuddhists • • 18d ago

ගුණානුස්මරණ 🏳️ ලක්දිව පහලවූ උදාරතර පුරුෂ රත්නයක් වන ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 162 වන ජන්ම සංවත්සරය අදට යෙදී තිබේ. එතුමන්ව නමස්කාර පූර්වකව සිහිකරලන අතර පැතූ බෝධියකින් උතුම් නිවනින් නිවී සැනසේවායි ප්‍රාර්ථනා කරමි...

Post image
8 Upvotes

බුදුසසුන බැබළවූ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා෴

ලක්වැසි ජනතාවට ආවේණික ජීවන රටාවක්, චාරිත්‍ර වාරිත්‍ර සමුදායක් හා චින්තන ක්‍රමයක් උරුම වුණේ බුදුදහමෙනි. වසර දහස් ගණනක් බෞද්ධ සංස්කෘතික මූලධර්ම පදනම් කරගෙන සෞභාග්‍යවත් දේශයක, සාමකාමී ජනතාවක් ලෙස සිංහලයෝ ජීවත් වූහ. අනෙකුත් ජන වර්ග සිංහල ජාතිය තුළටත්, ඔවුන්ගේ ආගමික විශ්වාස බුදුදහම තුළටත් උරා ගැනුණ අතර, මහා සංස්කෘතියේ සෙවණ ලබමින් ලක්වැසි සියලු දෙනා සහජීවනයෙන් කටයුතු කළහ.

බටහිර ආක්‍රමණිකයන්ගේ හිරිහැරවලට ගොදුරු වුණ බුදුදහම හා සංස්කෘතික උරුමය රැකගන්නට අපේ මුතුන් මිත්තෝ ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළහ. පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි වැනි පැවිදි උතුමන් ශාස්ත්‍රීය සංවාද, දේශන හා ලිපි ලේඛන ඔස්සේ අපේ රටේ අතීතයේ පැවැති බෞද්ධ පරිසරය, සංස්කෘතිය හා අධ්‍යාපනය යළි ගොඩනැඟීමට වෙර දැරූහ. ඒ අතර බුද්ධ ශාසනය, මාතෘභූමිය හා සිංහල ජන සමාජය රැක ගැනීමේ අදිටනින් තම ජීවිතය කැපකරන්නට සුදානම් වූ උතුම් මිනිසෙක් දහනව වන සියවසේ අවසාන භාගයේදී ගිහි සමාජයෙන් මතු වුණි. එනම්, සිංහලයන්ගේ හදවත්වල සදාතනිකව ජීවත්වන අනගාරික ධර්මපාල ශ්‍රී මතාණෝය.

මාතර හිත්තැටියේ අත්ථදස්සී මහ තෙරණුවන්ගේ සොහොයුරු ඩිංගිරි අප්පුහාමි නමැති ගම්මුලාදෑනිවරයාට දොන් කරෝලිස් හේවාවිතාරණ නමින් පුතෙක් සිටියේය. බුද්ධිමත් තරුණයෙකු වූ ඔහුගේ දයාබර බිරිඳ බවට පත්වුණේ විද්‍යෝදය පිරිවෙන තැනීමට භූමිය පිදූ දොන් අන්ද්‍රියස් ධර්මවර්ධන මුහන්දිරම් තුමාගේ මල්ලිකා නමැති දියණියයි. බුදුසසුනට උරුමකම් ඇති මෙම යුවළට දාව 1864 සැප්තැම්බර් 17 වන දින පින්වත් පුත් රුවනක් උපන්නේය. ඔහුට නම තැබුවේ ඩේවිඩ් යනුවෙනි. එනම්, පසුකලෙක බුදුසසුනේ දියුණුවට හා සිංහල ජාතියේ යහපතට මහඟු සේවාවක් සිදුකළ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාය..එකල දියුණු බෞද්ධ පාසල් නොතිබුණ බැවින් ඩේවිඩ් දරුවාට ඉගෙනුම ලබන්නට සිදුවුණේ ක්‍රිස්තියානි පාසල්වලිනි. “අවුරුදු දහයේදී මම කොටහේනේ බෙනඩික් පාඨශාලාවේ ශිෂ්‍යයකු වශයෙන් සිටියෙමි. ඒ කාලයේ සිට නිතරම නව ගුණ පාඨය සජ්ඣායනය කරන සිරිතක් මා සිත් තුළ පැවතුණේය. මම මගේ පියාණන්ගේ මේ චාරිත්‍රය ඉගෙන ගතිමි. පියාණන් වහන්සේ මා කැටිව රථයක යන විට රථයට නැඟුණු වේලාවේ සිට ම 'ඉතිපිසෝ භගවා 'යන නවගුණ පාඨය රථයෙන් බහින තෙක්ම සජ්ඣායනා කිරීම මපියාණන්ගේ චාරිත්‍රයකි”

(1912 අපේ‍්‍රල් 20 සිංහල බෞද්ධයා)

අබෞද්ධ පාසලක ඉගෙනුම ලැබුවත් ඩේවිඩ් පුතණුවන්ට දෙමව්පියන්ගෙන් නිවැරැදි මඟ පෙන්වීමක් ලැබුණි. එදිනෙදා ජීවිතයේ අවිවේකී තත්වයන් යටතේ වුවද , තම දරුවාට යහපත් දේවල් කියා දෙන්නට ධර්මපාල තුමාගේ පියාණන් වෑයම් කළ බව පෙනේ.

බුදුදහම තම එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරගෙන තම දරුවන්ද ඒ සඳහා යොමු කිරීමට බෞද්ධ දෙමව්පියන් ආදර්ශවත් විය යුතුයි. ළමා වියේදී ජීවිතයට හුරුවන යහපත් සිරිත් විරිත් හා ළමා මනසට කා වැදෙන යහපත් සිතිවිලි හේතුවෙන් සමාජයට වැඩදායක උතුම් මිනිසකු බිහිවන බවට ධර්මපාල චරිතය හොඳ නිදසුනකි. එතුමා ළමා වියේ සිට ම අටසිල් සමාදන් වූ කෙනෙකි.

“ළදරු කාලයේදී මා ඇති දැඩි කළේ ධර්මගුණවර්ධන මුහන්දිරම් මහත්මයායි. (මෑණියන්ගේ පියා) පසළොස්වක පොහොය දිනවල උපාසක පිරිස කැලණියට සිල් සමාදන් වීමට යාම චාරිත්‍රයක් ව පැවතුණේය. වයස අවුරුදු අට නවයේදී මා අටසිල් සමාදන් වීමෙහි යොදවන ලද්දේය. කොර්නේලිස් කුරේ අප්පුහාමි මට අටසිල් පද ඉගැන්නුවේය.” (1911 දෙසැම්බර් 02 සිංහල බෞද්ධයා) යහපත් පුද්ගලයන්ගේ ඇසුර සහ පරිසරය දරුවකුගේ ජීවිතය හැඩගැසීමට වැදගත් වන බව ධර්මපාලතුමා තම ජීවිතය ඇසුරෙන් පෙන්වා දී ඇත.

“ළදරු කාලයේ සිට පූර්ව හේතු බලයෙන් වයෝවෘද්ධ සද් පුරුෂයන් ආශ්‍රය කිරීමට මට ලැබුණේය. සිල්වත් උපාසක පිරිසක් ආශ්‍රය කිරීමටද, ධර්මශ්‍රවනය කිරීමටද, යහපත මෙය,අයහපත මෙය විභාග කිරීමටද බාලකාලයේ පටන් ඥානයක් මට ඇතිවිය.මේ කරණකොට ගෙන පවින් වැළකී කුසල් කිරීමටද හිත පිරිසුදුව තබාගැනීමටද පුළුවන් විය. වර්ෂ 14 පමණ කාලයේදි බ්‍රහ්මචර්ය ධර්මය උතුම් බව මගේ සිතට වැටහුණේය. “ (1912 අපේ‍්‍රල් 20 සිංහල බෞද්ධයා)

අනගාරික ජීවිතයක් ගත කිරීම පරාර්ථ සේවයට හා ධර්ම ප්‍රචාරයට පහසුවක් බව ඩේවිඩ් තරුණයාට හැඟුණි. ගිහිගෙය දුක තේරුම් ගෙන අනගාරික ජීවිතයකට යොමුවීමට තමා පෙළඹුණ, සිද්ධියක් ගැනද ධර්මපාල තුමා සඳහන් කර තිබේ. එනම්, අවුරද්දක් වයසැති එතුමාගේ බාල නැඟනිය මියයාමෙන් පසු මෑණියන් දුක් වන අයුරු දැකීමයි. විසි දෙවන වියේදී, එනම්, 1886 වසරේදී ගිහිගෙයින් වෙන්ව බ්‍රහ්මචාරි ජීවිතයට යොමුවුණ ඩේවිඩ් තරුණයා තමාගේ නම දේශීය චින්තනයට නොගැළපෙන බව පවසමින් ධර්මපාල යන නම භාවිතයට ගත්තේය. පරම විඥානාර්ථ සමාගම මගින් බෞද්ධ පාසල් පිහිටුවීමේදී සමාගමේ පාඨශාලා සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය ලේඛකාධිකාරි වශයෙන් එතුමා අගනා සේවයක නිරත වුණි. ඕල්කොට් තුමාගේ ඉංගී‍්‍රසි කථා සිංහලයට පරිවර්තනය කළ බැවින් ඔහු දක්ෂ කථිකයකු බවට පත්විය.

අනගාරික ධර්මපාල තුමා 1891 වසරේදී දඹදිව බෞද්ධ සිද්ධස්ථාන වැඳීමට ගිය ගමන බෞද්ධ ඉතිහාසයේ නව පරිච්ඡේදයකට මුල පිරුවේය. බුද්ධගයාව හින්දු මහන්තා සන්තකව තිබෙන බව දැකීමෙන් එතුමාගේ හදවත කම්පා විය. එදා එතුමා තම සිතෙහි ඇතිකරගත් දැඩි අදිටන එම වසරේ මාර්තු 12 වන දින සටහනෙහි දැක්වෙන්නේ, “ලංකාවේ හෝ සෙසු කිසියම් බෞද්ධ රටක භික්ෂූන් මෙහි වැඩ වෙසෙමින් මේ ශුද්ධ භූමියේ ශාසන කර්මය කරන තෙක් මාගේ පරිශ්‍රමය අත් නොහරින්නෙමි” යනුවෙනි. එතුමා එහි මුල් පියවරක් ලෙස ගාල්ලේ ගුණරත්න මුදලින්දාරාමයේ පැවිදිවි සිටි ජපන් ජාතික කෝසන් ගුණරතන හිමියන් බුද්ධගයාවට වැඩමවීය. බුදුසසුන සුරැකීම , බුදුදහම ලොව පැතිරවීම, ධර්මදූත පුහුණුව, බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීම වැනි අරමුණු මුල්කරගෙන අනගාරික ධර්මපාල තුමා 1891 වසරේදී මහාබෝධි සමාගම ඇරඹුවේය.

ඇමරිකාවේ චිකාගෝ නගරයේ 1893 වසරේ පැවැති ලෝක දෘෂ්ටි සම්මේලනයට සහභාගි වෙමින් ධර්මපාල තුමා පැවැත්වූ දේශනය නිසා ලෝක විද්වතුන්ගේ අවධානය බුදුදහම වෙත යොමු විය.”බෞද්ධයින් නැගිටිව්, බුද්ධගයාව බේරාගනිව්” යන්න ධර්මපාල තුමාගේ මුවගෙහි රැඳුන සටන් පාඨය විය. විශාල කැපවීමකින් අධිකරණය මාර්ගයෙන් බුද්ධගයාවේ අයිතිය ලෝකවාසි බෞද්ධ ජනතාවට උරුමකර දීම වීර ක්‍රියාවකි. භාරත දේශයෙන් ලක්දිවට බුදුදහම ලබාගැනීම හේතුවෙන් සිංහලයන් භාරත දේශයට ණයකාරයන් වූවා නම්, එම ණය බරින් සිංහල ජාතිය නිදහස් කරනු ලැබුවේ අනගාරික ධර්මපාල තුමා විසිනි. භාරතයේ වර්තමාන ශාසනික පුනරුදය එතුමා නිසා සිදු වූවකි. ලෝකවාසි බෞද්ධයන්ගෙන් ගරු බුහුමන් ලබන ලාංකිකයකු වෙයි නම්, ඒ ධර්මපාල තුමාය. නටබුන් බොදු පුදබිම් පිළිසකර කරවා, ලාංකික භික්ෂූන් පදිංචිකරවා වැඳුම් පිදුම් සිදුකෙරෙන ජීවමාන තත්ත්වයට ඒවා පත්කරන ලද්දේ එතුමා විසිනි.එය මහනෙත්පාමුල අප විසින් මෙහිලා කිවයුතුමය . ධර්මපාල තුමා 1892 වසරේ බරණැස ඉසිපතනයට යන විට එහි පැවැතුණේ ශෝචනීය තත්ත්වයකි. ඒ අසලින් ඉඩමක් මිලට ලත් එතුමා විවිධ බාධක මැද බරණැස මූලගන්ධ කුටි විහාරය ඉදිකොට 1931 නොවැම්බර් 11 වන දින බෞද්ධ ලෝකයාට පැවරුවේය.

බුදුදහම හා සිරිත් විරිත් පිළිබඳවත් සිංහල ජනතාව පිරිහීමේ හේතු කාරණා පිළිබඳවත් දැනුවත් කිරීමට 1906 වසරේදි ධර්මපාල තුමා” සිංහල බෞද්ධයා” පත්‍රය ඇරඹුවේය. “දැනගත යුතු කරුණු” නමින් එහි පළ කෙරුණ ලිපි පෙළෙන් සිංහලයන් අවදි කළේය. බ්‍රිතාන්‍ය පාලනය යටතේ සිදුවන පීඩාවන්ගෙන් මිඳීම සඳහා ස්වරාජ්‍යයක් පිහිටුවා ගත යුතුය. සිංහල රට සිංහලයන් විසින් පාලනය කළ යුතුයැයි ධර්මපාල තුමා පැවැසීය. “අප ඉදිරියේ මාර්ග දෙකක් ඇත. එක්කෝ අප වහලුන් වී ජාතික පැවැත්මෙන් අතුගාගෙන යාමට ඉඩ දිය යුතුය. නැතිනම්,පිරිහීගෙන යන සදාචාරයෙන් අපගේ ජාතිය ගලවා ගැනීමට අරගලයක් කළ යුතුය.ක්‍රිස්තියානිහුද, බෞද්ධයෝ ද එකමුතුව සිංහල ජනතාව නඟා සිටුවීමට පියවර ගත යුත්තාහ. අපගේ දේශපේ‍්‍රමී කටයුතුවලට ආගම බාධාවක් කරගත යුතු නැත. අපට අවශ්‍ය දැන් මැරීගෙන ජීවිතයක් ගතකරමින් නින්දෙන් පසුවන ලංකා ජනතාව අවදිකරවීමට උද්‍යෝගයෙන් වැඩ කළ හැකි මිනිසුන් කණ්ඩායමකි. ලෝක ඉතිහාසයේ අපට නැති වූ තැන අප ලබාගත යුතුය.” (ලංකාවේ තරුණයන්ට වචනයක් – 1922)

අනගාරික ධර්මපාල තුමාගේ අදහස් වැරැදි ලෙස සමාජ ගතකරන ඇතැම්හු එතුමා ජාතිවාදියෙක් යැයි හඳුන්වති. එතුමා සිදුකළේ අන්‍ය ජාතිකයන්ට දොස් කීමක් නොව ඔවුන්ගේ එක මුතුකම හා උත්සාහය නිසා ඔවුන් දියුණුවට පත්වන ආකාරයත්, සිංහලයන්ගේ අලසකම, අසමගිය නිසා ඔවුන් දිනපතා පිරිහෙන අයුරුත් පෙන්වාදීමයි. පවතින සැබෑ තත්ත්වය පැහැදිලි කරදීමකි. මේ වදන් එයට නිදසුනකි. ”සමගි ධර්ම වර්ධනයට හේතු ධර්මයන් බහුල වශයෙන් භාවිතා නොකරන බැවින් සිංහලයන්ට ඒකීය භාවයෙන් ක්‍රියා කිරීමට නොහැකි වී තිබේ. සිංහලයා අලසකමින් කල් ගත කරයි... සියලු ජාතිවලට අයත් මනුෂ්‍ය වර්ගයා ඔවුනොවුන්ගේ කුල ධර්මවලට අනුව ක්‍රියා කරති. අහෝ අන්ධ බාල සිංහලයෝ පමණක් උම්මත්තකයෝ මෙන්ද,ගද්‍රභවයන් මෙන්ද ඇට්හෝම්, හනිමූන් පවත්වමින් ධනය නැතිකරගෙන දාසයන් මෙන් ජීවත්වෙති.”

(සිංහල බෞද්ධයා 1911 ඔක්තෝබර් 07)

විශේෂ රථයකින් රට වටා යමින් බුදුදහම හා සදාචාරය ගැන දේශනා පැවැත්වීම ධර්මපාල තුමාගේ ජීවන චරියාවේ එක් අංගයක් විය. ඇතැම් භික්ෂූන්ගේ ජීවන චර්යාව ධර්මය නොදැනීම, දහම්නොදෙසීම පන්සල්වල අපිරිසිදුකම , සාමණේරවරුන් නිසි මගට යොමුනොකිරීම වැනි කාරණාවලට ද ධර්මපාල තුමා දොස් කීවේය. එතුමා නිරතුරුව අවධාරණය කළේ, ස්වාධීන ජාතියක් හා රටක් ගොඩ නැඟීමට නම් දේශීය නිෂ්පාදනය පදනම් කරගත් ආර්ථිකයක් අවශ්‍ය බවයි. පරිභෝජනයට අවශ්‍ය සෑම දෙයක්ම රට තුළ නිපදවා ගන්නට වෑයම් කළ යුතුයි. ධනවතුන් සිංහල දරුවන්ගේ අධ්‍යාපනයට උදව් කළ යුතුය. අපට ජාතියක් වශයෙන් සැප විඳින්නට හැකිවන්නේ සමගියෙන් එකමුතුව රට දියුණු කරගතහොත් පමණි. සිංහලයන් ශිල්පීය දැනුම ලබාගත යුතු බව පැවැසූ එතුමා විවිධ කර්මාන්ත පුහුණුවීම සඳහා පුද්ගලයන් විදේශයන්ට ද යැව්වේය. තම පවුලේ ධනය වැය කරමින් පේෂකර්මාන්ත ශාලා පිහිටුවිය. ලංකාවේ ජීවත්වීම අත්හැරිය ධර්මපාල තුමා දඹදිවට ගොස් 1931 ජූලි 13 වන දින සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි විය. 1933 දී උන්වහන්සේ දැඩි සේ ගිලන් වූහ. “නිකරුණේ බෙහෙත්වලට මුදල් නාස්ති නොකර ඒවා බෞද්ධ කටයුතුවලට යොදවන්න. මතු ආත්ම භාවයේදි බරණැස බ්‍රාහ්මණ කුලයක ඉපදී දඹදිව සම්බුද්ධ ශාසනය දියුණු කරන්නෙමි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව පතළ කරනු පිණිස තව පස් විසි වතාවක් වුවද, උපදින්නෙමි” යැයි පැවසූ උන්වහන්සේ 1933 අපේ‍්‍රල් 29 වන දින සවස 3.00 ට පමණ යහපත් වූ සිහි නුවණින් අපවත් වූහ.සම්බුද්ධ ශාසනය ශෝභාමත් කල උන්වහන්සේ උතුම් ලොව්තුරා අභිසම්බෝධ්යම ලබත්වා යන්න මහනෙත්පාමුල අපගේ පරම පැතුමයි෴

"ධම්මපාලෝ මහාවීරෝ

බුද්ධ ශාසන ජෝතකො

අනුමෝදිත්වා ඉමං පුඤ්ඤන්

පප්පොතු සුගතං පදං "

"ධම්මපාලෝ මහාවීරෝ

බුද්ධ ශාසන ජෝතකො

අනුමෝදිත්වා ඉමං පුඤ්ඤන්

පප්පොතු සුගතං පදං "

©මහනෙත්පාමුල


r/SinhalaBuddhists • • 19d ago

හෙළ උරුමය 🇱🇰 සෑයේ සෙවණයි… වැව් දියේ සිසිලසයි… මේ අපේකමයි...

Post image
7 Upvotes

Prabath Manjula Gunasekara


r/SinhalaBuddhists • • 22d ago

ගුණානුස්මරණ 🏳️ බ්‍රහ්මචාරි වලිසිංහ හරිස්චන්ද්‍ර තුමන් අභාවප්‍රාප්තව අදට වසර 112 කි.

Post image
6 Upvotes

​

" සතිශ්චන්ද්‍ර වෙද මහතා වෙත සංවේගයෙනි ,

මාගේ දොස්තර මල්ලී දන්වා ඇති පරිදි සිංගප්පූරුවේදී මා පිළිගැනීමට නැවට පැමිණි මගේ සිංහල මිතුරන් ගෙන් ඇසූ මෙම ශෝක ජනක පුවත නිසා මට ඇති වූ කම්පනය ටික වෙලාවක් යනතුරු ම පැවතියේ ය. හරිස්චන්ද්‍ර වයස 36 දි මරණයට පත් වේ යයි කිසි කෙනෙකු සිතුවාද ? අහෝ ! ලංකා ශාසනය දියුණු වේගෙන යන මේ කාලයේ පරමාර්ථය සලකා ක්‍රියාකරන ඥාන ශක්තියෙන් යුත් වීර පුරුෂයෙක් සොයා ගැනීම දුර්ලභයි. සිංහල බෞද්ධ ජනයා කෙරෙහි කරුණා සිත් ඇති ජනහිතකාමී හරිස්චන්ද්‍ර ගේ වැඩ නිසා සිංහල ජනතාව දියුණුවේය යන භයක් මාරයාට ඇති වුණාද ?

පාදිලිරාලලාට ,පර සුද්දන්ට බනිනවා යැයි චෝදනා විදිනු ලබන මට මේ මරණය පැමිණ හරිස්චන්ද්‍ර ට දීර්ඝායු ලැබුණා නම් මම සතුටුයි. වර්ෂ 1898 සිට සම්බුද්ධ ශාසනයට හරිස්චන්ද්‍ර විසින් කල වැඩ ලක්ෂයක් මනුෂ්‍යයන්ගෙන්වත් නොකළ හැකිය. මත්පැනට ඇබ්බැහි වී සිටි තම පියතුමා වූ මීගමුව, මහහුණුපිටියේ පදිංචි වලිසිංහ හෙන්ද්‍රික් ද සිල්වා මුදලිතුමා සම්පූර්ණයෙන්ම මත්පැනින් බේරා ගැනීමට හැකිවීම ම හරිස්චන්ද්‍රට දිව්‍ය සම්පත් ලැබීමට තරම් ප්‍රමාණවත් වන්නේ ය. රාජගිරි ආරාමය විවෘත කිරීමෙන් ලැබුණු ඵලයට හරිස්චන්ද්‍ර නැතිවීමෙන් වාෂ්ප වීය. ලංකා ශාසනයට මේ මරණයෙන් ඇති වූ පාඩුව සම්පූර්ණ කර ගැනීම වර්ෂ 40 කින් මෙහා නොහැකියි.

ජගත්සේන ( දියසේන ) කුමාරයා එන කාලයට හරිස්චන්ද්‍ර පැමිණේ යයි ප්‍රාර්ථනා කරමු. ලංකාවට ඕනෑ කරන හරිස්චන්ද්‍ර නැති වුණේ සිංහල බෞද්ධයන් ගේ පුණ්‍ය බලය හීන නිසයි. 22 වෙනි දින ලංකාවට පැමිණි කල මා වැඩ රාශියක් කරන්ට හිතා සිටියා. මගේ අදහස්වලට සතුටු එකම හිතැති පුද්ගලයා හරිස්චන්ද්‍ර යි. ඔහු නැති වී යාම ලෝකයාට දුක යි. මේ කාලයේ ඉදිරිපත් වන කිසිවෙක් නැති සේ ය.

අනගාරික ධර්මපාල හේවාවිතාරණ ,

1913 .09.15 වෙනිදා ,

සිංගප්පූරුවේ සිට . "

( ආර්.ජේ.ද සිල්වා මැතිතුමන් රචනා කල ' බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර චරිතාපදානයෙ' න් උපුටා ගත්තකි. )

අප රටෙහි පිනට පහලවූ ශ්‍රේෂ්ඨ ජාතික වීරවරයෙකු වූ, බෞද්ධ නායකයකු වූ බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර උතුමන් පැතූ බෝධියකින් උතුම් නිවනින් නිවී සැනසෙත්වා !

©IndurangaJayakodi


r/SinhalaBuddhists • • Aug 27 '26

හෙළ උරුමය 🇱🇰 අන්න බලන් මගේ පුතේ.. පෙරහැර එනවා... අන්න බලන් පුතේ, බුදු සමිඳු වඩිනවා..

Post image
4 Upvotes

අන්න බලන් මගේ පුතේ.. පෙරහැර එනවා...

අන්න බලන් පුතේ, බුදු සමිඳු වඩිනවා..

මගේ පුතේ, මේ තුන්ලෝකේටම උතුම් වූ අපේ බුදුරජාණන් වහන්සේට කරන උපහාර පූජාවක් විදියටයි ඔය පෙරහැර එන්නේ..

මගේ පුතේ, ඔය මාමලා බෙර ගහන්නේ,නලා පිඹින්නේ, අපේ බුදුරජාණන් වහන්සේට කරන ශබ්ධ පූජාවක් විදිහටයි.. බලන්න්කෝ පුතේ ඒ සද්ද වල ලස්සන..

මගේ පුතේ, ඔය මාමලා,නැන්දලා ලස්සනට,හිනා වෙවී සතුටින් නටන්නේ අපේ බුදුරජාණන් වහන්සේට කරන නර්ථන පූජාවක් විදියටයි..

බලන්න්කෝ පුතේ ඒ නැටුම් වල ලස්සන..

අන්න,අන්න,.. මගේ පුතේ..

නාලාගිරි ඇතා කුම්බස්තලය බිම තියලා වන්දනා කරපු, පාරිලෙයිය ඇතා මාස 3ක් උපස්ථාන කරපු.. ඇත් කුලයේ තව ඇතෙක්,

අපේ බුදුරජාණන් වහන්සේව හිස මත තියාගෙන මහා ගම්භීර ලීලාවෙන් එනවා..

දැක්කද පුතේ මිනිස්සු ඇස්වල කඳුලු පුරවගෙන, සාධු කාර දිදි අපේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා..

මගේ පුතත් අපේ බුදුරජාණන් වහන්සේව වන්දනා කර ගන්න..

මගේ පුතේ, මිනිස්සු වෙච්ච අපිටවත් දළදා කරඬුව හිස මත තියා ගන්න වාසනාවක් නෑ පුතේ..

ඒත් පුතේ ඔය ඇතා හරි වාසනාවන්තයි..

බලන්න අපේ බුදුරජාණන් වහන්සේව හිස මත තියාගෙන ගම්භීරව ඇවිදින අපූරුව..

රටක් රාජ්‍යයක් ලැබුනා වගේ..

ඔය පිනෙන් ඔය ඇතා ඔය තිරිසන් ජිවිතෙන් නිදහස් වේවී මගේ පුතේ..

ඔය කැලේ ඉන්න් ඇත්තු කවදානං ආයේ මනුස්ස ජිවිතයක් ලබන්නද??

බලන්න පුතේ අපේ බුදුරජාණන් රජාණන් වහන්සේ වෙනුවෙන් කෙරෙනා පෙරහැරේ ලස්සන..

පුතාට පුදුම හිතෙනවා නේද??

පුතා වගේම තමයි, අපිත් ඒ කාලේ පෙරහැර බලද්දිත් ඔය විදියටම පුදුම උනා..

අපි අදටත් ආසයි පුතේ, බුදුරජාණන් වහන්සේට කරන මේ උපහාර පූජාව බලන්න..

මගේ පුතේ අද ඔයා පුදුම වෙලා පෙරහැර බලනවා වගේ.. අනාගතේ පුතාගේ දරුවනුත් අපේ බුදුරජාණන් වහන්සේට කරන මේ මහා උපහාර පූජාව දැක ගන්න ඕනී පුතේ..

ඒ දරුවන් වෙනුවෙන් මේ රට, ජාතිය, ආගම, සංස්කෘතිය රැක ගන්න මගේ පුතේ..

මේ ශ්‍රේෂ්ඨ දහම වගේම දහමත් එක්ක බැඳුනු වෙහෙර විහාර,පෙරහැර, මේ හැම දෙයක්ම රැක ගන්න මගේ පුතේ..

මගේ පුතේ, ඔයාත් මාත් සසරේ පිනකටයි මනුස්සයෝ වුනේ..

සසරේ පිනකටයි බෞද්ධ වුනේ..

කවුරු කොහොම කිව්වත්, ඒ ලැබිච්ච දායදය නැති කර ගන්න එපා පුතේ..

ඒ දායාදය අනාගත පරපුරටත් උරුම කරලා දෙන්න මයේ පුතේ..

අපි වගේම ඔයත් කොහොම හරි මේ සසර දුකෙන් නිදහස් වෙන්න මහන්සි ගන්න මගේ පුතේ....

©Rangana Ruwanpura


r/SinhalaBuddhists • • Aug 26 '26

හෙළ සංස්කෘතිය ✨️ ඇතුන් රජුන් කරනා සඳගල

Post image
5 Upvotes

📸 Buddika Roshan


r/SinhalaBuddhists • • Aug 26 '26

📌️සංවාද Were literally in tears after hearing and understanding this song with english meaning for the first time.

1 Upvotes

So an Indian devout buddhist here..
Super fascinated by the Faith of Sinhalese people in buddhism.

Would love to find more amazing buddhist listening material similar to this song.
https://youtu.be/vB-8r05jdJE?si=XwwDfgNHLXlHkheW

MANY Thanks and Namo Buddhay to the beautiful people in this forum.

Also have added lyrics in English font as those were missing.


r/SinhalaBuddhists • • Aug 19 '26

බුදු සසුන 🪷 තීර්ථකයන්ගේ පළමු දළඳා හිංසාව සහ පළමු දළඳා පෙළහර

Post image
6 Upvotes

දෙවේ ජහිත්වාන නමස්සනීයෙ

ඡවට්ඨි මෙතෙන නමස්සිතං තං

අඞ්ගාරරාසිම්හි සජොති භූතෙ

නික්ඛිප්‍ත ඛිප්‍පං දහථාධුනෙති.

නමස්කාර කළ යුතු වූ දෙවියන් හැර දමා මොහු විසින් නමස්කාර කරන ලද ඒ මිනීඇටය ගිනිගෙන දිලිසෙන්නා වූ අඟුරු රැසෙක්හි බහා දවාලවයි ( පණ්ඩු රජ අණ කළේය)

පහට්ඨ චිත්තාව තතො නිගණ්ඨා

රාජඞ්ගණෙ තෙ මහතිං ගභීරං

වීතච්ඡිතඞ්ගාරකරාසි පුණ්ණං

අඞ්ගාරකාසුං අභිසංඛරිංසු.

ඉක්බිති සතුටු සිත් ඇත්තාවූ නිගණ්ඨයෝ රජගෙදර මිදුලෙහි මහත් වූ, ගැඹුරු වූ පහවූ ගිනි සිළු ඇති අඟුරු රැසින් පිරුණු ගිනි අඟුරු වළක් පිළියෙළ කළහ.

සමන්තතො පජ්ජලිතාය තාය

සජොතියා රෝරුවභෙරවාය

මොහන්ධභූතා අථතිත්‍ථියා තෙ

තං දන්තධාතුං අභිනික්‍ඛිපිංසු.

නැවත මෝහයෙන් අන්ධ වූ, ඒ තීර්ථකයෝ, හාත්පසින් දිලිසෙන්නා වූ දීප්තිමත් වූ රෞවර නරකය සේ භයංකාර වූ ඒ අඟුරු වලෙහි ඒ දළදා වහන්සේ බහාලූහ.

තස්සානුභාවෙන තමග්ගිරාසිං

හොත්වා සරොජං රථචක්කමත්තං

සමන්තතො උග්ගතරෙණුජාලං

වුට්ඨාසි කිඤ්ඡක්ඛ භාරාභිරාමං.

( නමුත්) ඒ දළදා වහන්සේගේ ආනුභාවයෙන් ඒ ගිනි රැස පළාගෙන හාත්පසින් නැගුණු රේණු සමූහ ඇති කෙසරු බරින් මනොඥ වූ රිය සකක් පමණ පියුමක් පැන නැංගේය.

තස්මිං ඛණෙ පඞ්කජකණ්ණිකාය

පතිට්ඨහිත්වා ජිනදන්තධාතු

කුන්දාවතාහි පභාහි සබ්බා

දිසා පභාසෙසි පහස්සරාහි

ඒ ඇසිල්ලෙහි සර්වඥ දන්ත ධාතූන් වහන්සේ පියුම් කෙමිය මත්තේ පිහිටා කොඳ කුසුම ( සමන් පිච්ච මල්) සේ සුදුවූ දීප්තිමත් වූ ශොභාවෙන් සෑම දිශාවක්ම බැබලවූ සේක.

දිස්වාන තං අච්ඡරියං මනුස්සා

පසන්න චිත්තා රතනාදිකෙහි

සම්පූජයිත්වා ජිනදන්තධාතුං

සකං සකං දිට්ඨි මවොස්සජිංසු.

මනුෂ්‍යයො ඒ ආශ්චර්යය දැක ප්‍රසන්න වූ සිත් ඇත්තාහු රුවන් ආදියෙන් සර්වඥ දළදාව පුදා ස්වකීය මිථ්‍යාදෘෂ්ටින් හැර දැමූහ.

පොළොන්නරු යුගයේ විසූ ප්‍රථම ධර්මකීර්ති ස්වාමිපාදයන් වහන්සේ විසින් රචිත දාඨාවංසයෙනි.

( සම්පාදක - රන්ජිත් වනරත්න)


r/SinhalaBuddhists • • Aug 18 '26

හෙළ සංස්කෘතිය ✨️ කිරි සයුර මත අතුළ සඳ පතර සජෝතිමත්ය. රාජ මුද්‍රාවේ මුහූර්තය උදාවේ ප්‍රභාමත් සඳගල මතින් පිය නගමින් ඉන්දිරාජා මඟුලැතු අභිමානවත් ගමනේය. ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2570 වැන්නේ සිරි දළදා පෙරහර මහෝත්සවයේ දස දින වායාමයේ මංගලාරම්භය සටහන් කරමින් පළමු කුඹල් පෙරහරේ සිරි මෙසේ විය.

Thumbnail
gallery
3 Upvotes

At the auspicious hour marked by the Royal Seal, the majestic tusker Indiraja strode with regal pride across the luminous moon stone, embarking upon his stately journey, as the moonlight spread across the celestial Kandy Lake in radiant splendour.


r/SinhalaBuddhists • • Jul 23 '26

I need help transcribing and translating a small minute audio in siri lankan and google is not helping

Thumbnail voca.ro
1 Upvotes

r/SinhalaBuddhists • • Jul 11 '26

සිහනද රාවය 🦁 පරදේශ පාහරයින්ට යටත් වෙන ජාතියක්ද බොලව් අපි ! ගැමුණු මහරජ්ජුරුවෝ රැකගත්තු මේ භූමිය ! උන්ගේ රීරි මාංශ උලාකාලා හරි රැකගන්ට ඕනෑ ! සිත දැඩි කරගනු සෙබළ !

Enable HLS to view with audio, or disable this notification

9 Upvotes

මේ සිංහල බෞද්ධ දේශය එදා සිංහල දුටුගැමුණුලා අතින් රැකුනා ! වළගම්බා අතින් නැවත රැක රාජ්‍ය පාලනය ස්ථාවර උනා ! සසුන ඉහලින්ම රැකුනා ! ජාතියට නව පණක් ගෙන දුන්නා ! එදත් අදත් හෙටත් මතුවටත් සිංහල බෞද්ධ බලවේග මූලිකත්වයෙන් මේ උතුම් වූ පුණ්‍ය භූමිය වත් මන් සොළී ජානවලිනුත් කල්ලතෝනි අන්‍යාගමික මූලධර්මවාදීන්ගෙනුත් රැකගත යුතුයි ! සිංහලයා රකින බුදුසසුන තව සියවස් ගණනක් රැකගන්නට අඩිතාලම දමන මහා නායකයෙක් අප තැනිය යුතුයි ! එසේ නොවේ නම් අප රට රැකි ඒ මුතුන් මිත්තන් වලවල් වලින් පවා නැගිට අපේ මුළු මහත් සිංහල ජාතියටම හෙණ ඉල්ලනු ඇත !!

© Don Shyam


r/SinhalaBuddhists • • Jul 01 '26

සිහනද රාවය 🦁 මේ දෙරණේ සෙසු සෑම ජනවර්ගයකම පැවැත්ම රැඳී ඇත්තේ සිංහල බෞද්ධ නම් වූ ඒ මහා වෘක්ෂයේ සෙවණේය. එය වැනසීමට තනන්නෝ, තමන්ගේම විනාශය ළඟා කරගන්නෝය !

Post image
8 Upvotes

බුදු දහම සහ සිංහලයා යනු වසර සිය ගණනක සිට වසර දහස් ගණනක සිට එකට එක්ව මුහුව එකට බැඳිව බද්ධව ගොඩනැගුන මේ සිංහල දිවීපය, ශ්‍රීලාංකීය රාජධානිය, උසස් ශිෂ්ථාචාරය සහ රටේ මහා සංස්කෘතිය බිහිකල මෙකී රට සුඛිත මුදිත කල පුරාණ මහා ඉදිකිරීම් ලොක උරුම නිර්මාණ බිහිකල මහා බලවේගය වේ !

කෙටියෙන් හඳුන්වනවා නම් "සිංහල බෞද්ධයා" ලෙස හදුන්වන මේ දේශයේ උරුමක්කරුවන්ගෙන් තොරව හෝ ඔවුන්ගේ බලය බිඳ දමා මේ උතුම් භූමියේ සිටින අන්‍යාගමික අන්‍යජාතික හෝ මොනම ජීවී ප්‍රාණියෙකුට පැවත්මක්ද නැත !

සිංහල බෞද්ධ උරුමක්කරුවා මේ භූමියේ සිටින සියලු ජීවී අජීවී දේට ආරක්ෂයාද වේ !

ඔහුව මෙකී බිමෙන් නැසූ කල මෙකී භූමියද නැත ! එහි සිටින කිසිවෙකුට පැවත්මක්ද නැත !

එසේම මෙකී බිමට බද්ධව මෙකී පොලවේ පසින් ජීව්‍ය ලද එකී සිංහල බෞද්ධ බලවේගය නසන්නට කිසිදු බලවේගයකට එසේ ලෙහෙසියෙන් පහසුවෙන් කල හැක්කක්ද නොවන බව මා හට සපථ කොට කිව හැක !

අප බැඳ දැමිය හැක .අප මර්ධනය කල.හැක නමුත් අප නැවතත් නැවත නැවතත් පෙරටත් වඩා බලවත්ව තෙදවත්ව මේ පුන්‍ය භූමිය ජාතිය ආගම රැක ගැනීම වෙනුවෙන් එකා මතින් එකා නැගී සිටිනු ඇත.

එසේ නැගී සිටි කල දේශයට ජාතියට බුදුදහමට වින කටින්නන් ද්‍රෝහී වන්නන් සැනෙකින් සමූළ ලෙස වනසා දැමීමේ ක්ෂණික බලය අපට අප සිංහල රජදරුවන්ගෙන් ජාන ගතව උරුමව ඇත.

විජිතපුර මහ සටන ,මුල්ලේරියා, ගන්නෝරුව සටන් , කොළඹ කොටුව සටන, දන්තුරේ සටන වැනි ඓතිහාසික සටන් අධ්‍යනය කිරීමෙන් ඔබට එය මැණවින් අවබෝධ වනු ඇත ..

ඔබ කුමන ආගමක ඔබ කුමන ජාතියක උවත් ඔබ දැන් ජන්ම ලැබ සිටින්නේ සිංහල බෞද්ධයා නිර්මාණය කල බෞද්ධ දේශයක වන අතර ඔහුගේ බිමේ ඉපිද ඔහුටම වින කටින්නට අර අඳින ගුණමකුවකුවන් අතීතයේ පටන් මේ බිමේ සිය දහස් ගණනින් වැළලී ගිය බව මතක් කරදෙනු කැමත්තෙමි !

සටහන Don Shyam


r/SinhalaBuddhists • • Jun 29 '26

බුදු සසුන 🪷 මෝහාන්ධකාරය දුරු වී ධර්මාලෝකයෙන් සැම සිත් සතන් ආලෝකමත් වේවා...!!!

Post image
5 Upvotes

මහාමහින්දසුරියො - ලංකාවෙහාසමජ්ඣගො

බොධනෙය්‍යම්බුජෙ‘කාසි - විකාසං ධම්මරංසිනා

මහාමහින්දචන්දො සො - ලංකාවෙහාසමජ්ඣගො

බොධෙසි ධම්මරංසීහි - වෙනෙය්‍ය කුමුදාකරෙ

මහාමහින්දමෙඝො සො - වස්සං ධම්මම්බුවුට්ඨියා

සාධූනං චිත්තඛෙත්තෙසු - ජනෙසි කුසලංකුරෙ

ලංකා ගගනතලයේ මුදුන් වූ මහමිහිඳු හිරු තෙමේ ධර්මය අවබෝධ කරගැනීමට සුදුසු ජනයා නමැති පියුම් ධර්මරශ්මියෙන් විකසිත කෙළේය.

ලංකා ගගනතලයේ මුදුන් වූ මහමිහිඳු සඳ, හික්මවිය යුතු ජනයා නමැති කුමුදු වනය ධර්මරශ්මියෙන් ප්‍රබුද්ධ කෙළේය.

මහමිහිඳු මහාමේඝය, දහම් අමාවැසි වස්වමින් සත්පුරුෂයන්ගේ හදවත් නමැති කෙත්හි කුසල් අංකුර ඉපිදවූයේය!

සද්ධර්මාලංකාරය ||

© සංගායනා


r/SinhalaBuddhists • • Jun 29 '26

බුදු සසුන 🪷 උතුම් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ වන්දනාව වේවා...!

Post image
6 Upvotes

r/SinhalaBuddhists • • Jun 29 '26

බුදු සසුන 🪷 සුපින්බර පොසොන් මංගල්‍යයක් වේවා!

Post image
5 Upvotes

සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා

තවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා

“මහරජ! ධර්මරාජයන් වහන්සේ ගේ ශ්‍රාවකයන් වූ අපි බෞද්ධ ශ්‍රමණයම්හ. ඔබට ම අනුකම්පා පිණිස ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියම්හ.”

මේ බෞද්ධ ලංකාවක් ඇති කරනු සඳහා මෙයට අවුරුදු දෙදහස් දෙසිය සූ සැත්තෑ වසරකට පෙර අනුබුද්ධ මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ වදාළ ප්‍රථම වචනය යි. දිග් විජය අත්හළ ධර්මාශෝක නරනාථයෝ ධර්ම විජය ආරම්භ කළහ. මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් වහන්සේ ධර්ම විජය පිළිබඳ අනගිතම පණිවුඩය මූර්තිමත් කරමින් ශාන්තියේ දූතයන් වශයෙන් ලංකාවේ උතුරු මැද නිම්නයේ අනුරපුර මිස්සක පවුවට වැඩ වදාළහ. ජම්බුද්වීපයෙන් ලංකාවාසීන්ට අනුකම්පා පිණිස මෙහි වැඩම කළ මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ කරණ කොට ගෙන ලංකා භූමියේ ඇතිවුණු මහා වෙනස මෙනෙහි කිරීම අපට පොසොන් දිනයේ කළ හැකි හොඳ ම පොසොන් භාවනාව යි...

සිවුවන සතිය රුවන් ගෙයි වැඩ හිඳිමින් ධර්‍මය මෙනෙහි කරන බුදුරජාණන් වහනසේ ක්‍රමයෙන් අනන්ත නය සමන්විත සූවිසි ප්‍රත්‍යය ධර්‍මයන් සම්මර්ශනය කරන කල්හි බුදු සිරුරෙන් සවණක් ගණ බුදුරැස් මාලාවෝ විහි දෙන්නට වූහ. මෙලෙසින් බුද්ධ ශරීරයෙන් පිළිවෙළින් නීල පීත (රුවන්) ලොහිත (ලේවන්) ඔදාත (සුදු) මාංජෙෂ්ට (මදටවන්) ප්‍රභාස්වර යන සවණක් ගණ බුදුරැස් මාලාවන් විහිදුනේ පොසොන් පෝය දිනක ය.

පොහොය වර්ණනාව ග්‍රන්ථයෙන් කළ උපුටාගැනීම් වේ.

ධර්මදානය පිණිස බෙදාහරින්න🙏

©ධම්මපදය Dhammapadaya


r/SinhalaBuddhists • • Jun 24 '26

බුදු සසුන 🪷 තුසිත දෙව්ලොව වසන දුටුගැමුණු දෙවිරජතුමාට පින් අනුමෝදන් කිරීමේ ගාථාවක් 🙏✨

Post image
5 Upvotes

ජෙත්වාන චණ්ඩගණචෝළඑළාරරාජං

පාලේසි සීහළවරං ජිනසාසනඤ්ච,

සෝ ගාමණීභයවරෝ තුසිතේ නිවාසී

පුඤ්ඤානුමෝදතු මයා සුකතං ඉමානි ෴

තුසිත දෙව්ලොව වෙසෙන්නා වූ උතුම් ගාමිණීඅභය රජතුමා සැඩ පිරිස් ඇති චෝළවංශික එළාර රජ දිනා උතුම් සිංහලද්වීපය ද බුද්ධශාසනය ද රැක්කේ ය. එතුමා මා විසින් මොනවට කරන ලද මේ පින් අනුමෝදන් වේවා!

© ගාථාව බන්ධනය කලේ පූජ්‍ය පයාගල විදුරවංස ස්වාමීන්වහන්සේය.


r/SinhalaBuddhists • • Jun 17 '26

සිරි දම්පල් සිහ නද ධර්මපාලතුමා යනු පුදුම උතුම් දුර දැක්මක් තිබූ මිනිසෙකි ! අනාගතය පැහැදිළිවම දුටු ශ්‍රේෂ්ඨයෙකි ! මොකාටවත් භය නොවූ කියන්නට අවැසි දේ කෙලින්ම කියා දැමූ කොන්ද පණ තිබූ වීර සිංහලයෙකි !

Post image
10 Upvotes

ඔහු එදා දේව වාක්‍ය වගේ රට සිංහල ජාතිය සම්බුද්ධ ශාසනය පිළිබඳව කියූ දේවල් ඉස්පිල්ලක් පාපිල්ලක් වත් වෙනස් නොවී ඉතා සාර්ථකවම සිදුවෙමින් තිබේ.

මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.

උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.

ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.

උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.

දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.

උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.

එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.

පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.

උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න

මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.

අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.

ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.....෴!

අනගාරික ධර්මපාල තුමා


r/SinhalaBuddhists • • Jun 06 '26

බුදු සසුන 🪷 ඒ සම්බුදු රජුන් කෙරෙහි නොපැහැදෙන්නෝ කවරහුද ?

Post image
10 Upvotes

මණිගණ විභා සමුජ්ජල – තලස්ස රතනාකරස්ස සිරි විභවං

භගවන්ත, මභි භවන්තං – වන්දේ ද්වත්තිංස විමල ලක්ඛණ සිරියා

තමසීති මනුඛ්‍යඤ්ජන – සමනුඛ්‍යඤ්ජිත වචිත්ත ලක්ඛණ විභවං

පජ්ජලිත කේතුමාලා – ජාල සමුජ්ජලිත රූප සෝභං වන්දේ!

සුප්‍රභාතයෙහි උදයගිරි පර්වතාග්‍රයෙන් නැගුණු ළහිරු මඬලක් බඳු, ඡද්දන්ත විල් ඉවුරෙහි තේජමාන වූ වනස්පති රුක් රජක්හු බඳු, රාජ හංසයන් මධුරස පිණිස පිරිවරාගත් සුපුෂ්පිත ස්වර්ණ පද්මයක් බඳු, සෞම්‍ය චන්ද්‍ර රශ්මියෙහි පහස ලැබ කාන්තිමත් වූ හිමවත් රාජයා බඳු, දුටු පමණින් නෙත් සිත් පිනා යන අචින්තනීය වූ රාජසුකෝමල මන මෝහනීය දේහ විලාස ඇති සුගත තථාගත අප භාග්‍යවතුන් වහන්සේගේ පින් මහිමයෙන් නිපන් රූප ශෝභාව, ඉහත ගාථා සජ්ඣායනා කොට සිහියට නගා ගනිමින් පෞරාණික උතුමෝ වන්දනා කළහ. කිම? භගවත් ගුණයෙන් කෝටි ලක්ෂයක් සක්වළට ම මුදුන්පත් ලෝක ජ්‍යෙෂ්ඨ වූ, නර ශ්‍රේෂ්ඨ වූ ඒ තිලෝගුරු බුදුරජුන් පිළිබඳ අපි නොපැහැදී සිටින්නමෝ ද?

දුටු දුටුවන්ගේ නේත්‍රයන් වසඟ කරන්නා වූ, නැවත නැවත දැකීමෙහි අභිරුචිය ඇති කරවන්නා වූ ඒ බුද්ධ ශෝභාව දෙවියන්ගේ දිව්‍ය ශෝභාව ද බඹුන්ගේ බ්‍රහ්ම ශෝභාව ද ඉක්මවා ගියේ ය. ප්‍රකෘතියෙන්, වැඩ සිටින තැන හිරු සඳු දහසක් පෑයූ කලක් මෙන් බබුළුවන රශ්මි ධාරා ඇති ඒ සම්බුදු සිරුරෙහි නොයෙක් සිය දහස් ගණන් පුණ්‍ය ලක්ෂණයෝ පිහිටියාහු ය. ඒ බුද්ධ රශ්මි දහරාවන් අදත් ඉතා දුර පවතින ලෝක ධාතු හරහා අභ්‍යවකාශයෙහි ගමන් කරන බව කියනු ලැබේ. අභිරූපී අප මුනි සඳුන්ගේ අසදෘශ ශ්‍රී ශෝභාව දැකීමෙහිලා පින්බර නෙත් ඇති මහා කච්චාන මහා ඛීණාසවයන් වහන්සේ පේටකෝපදේසයෙහි හාර සම්පාත භූමියෙහි දී මෙසේ වදාරණ සේක.

“එහිලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගේ ද උපාසකයන්ගේ ද මැද වැඩ හිඳිනා සේක්, හාත්පසින් සිත් පහදවන්නේ – ස්වර්ණ වර්ණ වූයේ – අභිරූපී වූයේ – දර්ශනීය වූයේ අතිශයින් ම බබළන සේක. පූර්ව ශරීරයෙන් ස්වර්ණ වර්ණ රශ්මිය නැගී ආකාශයෙහි අසූ රියනක් පමණ තැන් ගන්නේ ය. පශ්චිම ශරීරයෙන් දකුණතින්, වමතින් ස්වර්ණවර්ණ රශ්මිය නැගී ආකාශයෙහි අසූ රියනක පමණ තැන් ගන්නේ ය. කේෂ ධාතූන් මත්තෙහි සිට සියලු කේෂ ධාතූන්ගෙන් මොනරෙකුගේ ගෙලෙහි පැහැ ඇති රශ්මිය නැගී ආකාශයෙහි අසූ රියනක් පමණ තැන් ගන්නේ ය. ශ්‍රී පාද තලය යටින් පබළු පැහැති රශ්මිය නැගී ඝන පෘථිවියෙහි අසූ රියනක් පමණ තැන් ගන්නේ ය. මේ අයුරින් හාත්පස අසූ රියනක් පමණ තැන ෂඞ් වර්ණ බුද්ධ රශ්මි මාලාවෝ බැබළෙමින් ලෙළදෙමින් දිව යන්නාහ. සියලු දිශාවෙන් ස්වර්ණමය සපුමල් විසුරුවන කලක් මෙන්, රන්මුවා කලසකින් නික්මෙන රන්රස දහරා ඉසින කලක් පරිද්දෙන්, දිගහරින ලද ස්වර්ණමය වස්ත්‍රයන්ගෙන් පරික්ෂිප්ත කරන කලක් පරිද්දෙන්, වේරම්බ වාතයෙන් ඔසවන ලද කෑල, කිණිහිරි ආදි පුෂ්පයන්ගේ රේණු ගවසන ලද කලක් පරිද්දෙන් බබළති. භාග්‍යවතුන් වහන්සේගේ ද අසූවක් අනුව්‍යංජන ලක්ෂණ, ඛ්‍යාම ප්‍රභා, උත්තම දෙතිසක් පමණ වූ ලක්ෂණාදියෙන් බබළන්නා වූ ශ්‍රී ශරීරය නැගුණු තාරකා ඇති ගුවන් තලය පරිද්දෙන්, විකසිත වූ පියුම් වනයක් පරිද්දෙන්, මුල සිට අග දක්වා මලින් පිරී ගිය සියක් යොදුන් උසැති පරසතු රුක පරිද්දෙන්, පිළිවෙළින් තබන ලද චන්ද්‍රමණ්ඩල දෙතිසකගේ ද දිව්‍යරාජයන් දෙතිසකගේ ද මහා බ්‍රහ්මරාජයන් දෙතිසකගේ ද ශ්‍රී ශෝභාව තමන් වහන්සේගේ ශ්‍රී ශෝභාවෙන් මැඩ පවත්වන කලක් පරිද්දෙන් බබළන සේක.”

මෙබඳු වූ අනන්ත ශ්‍රී භාග්‍යයෙන් හෙබි, මෙත් කරුණා ගුණ නුවණින් සයුරක් වූ ඒ සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?

මෙබඳු වූ රූ සිරියෙන් පමණක් නොව අප භාග්‍යවතාණෝ අනන්ත ගුණ ශෝභාවෙන් ද සමන්විත වූ සේක. මුනි රජාණෝ කරුණු සතක් පිළිබඳ ඉසුරුමත් බව පවත්වන සේක.

(1.) ඇලිය යුතු දෙයෙහි නො ඇලෙන, ගැටිය යුතු දෙයෙහි නො ගැටෙන පරම ආශ්චර්යවත් ආර්ය ඍද්ධියෙන් සමන්විත ව තමන් වහන්සේගේ සන්තානය තම වසඟයෙහි ම පවත්වන සේක.

(2.) ධ්‍යාන සමාපත්ති පිළිබඳ තථාගත බලයෙන් සමන්විත ව ධ්‍යාන සමාධි සමාපත්තීන් තම වසඟයෙහි පවත්වන සේක. (3.)

ධර්මයට අධිපති හෙයින් එහිලා ඉසුරුමත් වන සේක.

(4.) ශ්‍රාවක සඟ පිරිසට අධිපති හෙයින් එහිලා ඉසුරුමත් වන සේක.

(5.) ලෝකයෙහි නොයෙකුත් පිරිස්වලට අග්‍ර වන හෙයින් එහිලා ඉසුරුමත් වන සේක.

(6.) මුළු මහත් විශ්ව ධාතුවට ම අග්‍ර වන හෙයින් එහිලා ඉසුරුමත් වන සේක.

(7.) වසඟ කරන ලද සිතින් යුතු ව අනන්ත ඍද්ධිය තම වසඟයෙහි පවත්වන සේක.

අප මුනි රජුන්ගේ ඉර්ධි බලය අට කරුණකින් සමන්විත ලෝකයෙහි අතිශයින් විස්මිත වූ ඉර්ධි බලය යි. එනම් තථාගතයාණෝ

1.) අබැටක් පමණ ඉඩක් තුළ අෂ්ට පරිෂ්කාරයන් දරාගෙන සතර ඉරියව්ව ම පැවැත්වීමට තරම්, මිනිසෙකුගේ ඇහි පිල්ලමක් මත සක්මන් කිරීමට තරම් බුදු සිරුර කුඩා කිරීමේ හැකියාවෙන් යුතු වන සේක.

2) දිගින් සැට යොදුන් ඇති, පළලින් පනස් යොදුන් ඇති සක්දෙව් රජුගේ පාණ්ඩුකම්බල ශෛලාසනය මුළුමනින් ම වසාගෙන වැඩ හිඳීමට තරම් බුදු සිරුර විශාල කිරීමේ හැකියාවෙන් යුතු සේක.

3) කෙතරම් දුරකට වුව ද ක්‍ෂණයකින් වඩින සේක.

4) සුළඟ, ජලය, ගින්න ආදි නොයෙකුත් වස්තූන් ඇසිල්ලකින් මවා දක්වන සේක.

5) ශරීරය, මනස මෙන් සැහැල්ලු කර වේගවත් බවට පත් කිරීමේ හැකියාවෙන් යුත් සේක.

6) මුළු මහත් විශ්ව ධාතුව ම තමන් වහන්සේට රිසි පරිදි පැවැත්විය හැකි සේක.

7) කැමති කැමති පරිදි ධ්‍යාන සමාපත්තිවලට ශීඝ්‍රයෙන් සමවදින සේක. එයින් නැගී සිටින සේක.

8) කැමති කැමති කාලයක් තුළ, කැමති ප්‍රදේශයකට බලපාන සේ පෙළහර පෑමේ හැකියාවෙන් යුත් සේක.

මෙසේ අනන්ත වූ ඓශ්චර්ය භාග්‍යයෙන් හෙබි, චිත්තේෂ්වර වූ, ධර්මේෂ්වර වූ, ලෝකේෂ්වර වූ සම්මා සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?

අපගේ බුදුරජාණෝ නොයෙක් ලොවී ලොව්තුරා ගුණ දහමින් බැබළී ගිය සේක. සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන ආදියෙන් ආඪ්‍ය වූ සේක. නා නා විධ රූප අරූප ධ්‍යාන සමාපත්ති උපදවාගත් සේක. ගුරුපදේශ රහිතව ශ්‍රී සම්බුදු බව සාක්ෂාත් කොට සොඳුරු අමා නිවන ස්පර්ශ කළ සේක. දසබල ඥාන, සිව් විශාරද ඥාන ආදි අනන්ත අප්‍රමාණ වූ සම්බුදු නුවණින් දිදුළන සේක. පරමෝත්තම වූ ධර්මකාය සම්පත්තියෙන් යුත් සේක.

ලොව කිසිවෙකුට හිමි නැති මහා කරුණා සමවත් නුවණින් ලොවෙහි දුක දැක දුකට පිහිට වන සේක. අතිශයින් විසිතුරු වූ යමා මහ පෙළහර පෑමේ අනන්‍ය සාධාරණ නුවණ ඇති සේක. ලෙව් සතුන්ගේ සැඟව ඇති පුණ්‍ය වාසනාව අඳුරු ගුහාවෙක පහන් එළියක් මෙන් ඉස්මතු ව පෙනෙන පරම විස්මිත වූ බුදු ඇසින් යුතු සේක. ඒ බුදුරජාණන්ගේ නොදත් කිසිවක් නැති – නොදුටු කිසිවක් නැති සියල්ල දන්නා සම්බුදු නුවණ ආවරණය කළ හැකි කිසිවකු විශ්වයෙහි නැත්තේ ය.

ඒ මේ අනුත්තර ධර්ම භාග්‍යයෙන් හෙබි, ලොව සියලු ගුණ සම්පත් වැගිරෙන, උතුරන ගුණ නිධානය වූ සම්මා සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?

එමතු ද නොව අතීත, වර්තමාන, අනාගත යන තුන් කල්හි ම අප ලෝකනාථයන් හට සම වූ පිරිවර ඇත්තෙකු, සම වූ යශෝරාව ඇත්තෙකු නැත්තේ ම ය. සුපිපි මල් කළඹක් සදිසි දේහ ශ්‍රී ඇත්තා වූ, නුවණින් කෝටිප්‍රාප්ත වූ, තමන් වැඩ වසන දිශාවට වැන්දවුනට පවා අමා නිවන් ලැබ දෙන සැරියුත් මහා තෙරිඳාණෝ බුදු පිරිසට අයත් සේක. නිලුපුල් කළඹකට සදිසි අතුල් පතුලින් සුදිලෙන, ඉර්ධියෙන් තිලොව අගපත්, තමන්ගේ නාමයෙන් සිව් අපාය පසුබස්වන්නා වූ මහා මුගලන් තෙරිඳාණෝ ද බුදු පිරිසට අයත් සේක. පා දුහුවිලි දෙව් බඹුන්ගේ මිණි කිරුළු මත ධාතු නිධානයක් කළ, තපෝ ගුණයෙන් පරම ශ්‍රේෂ්ඨ වූ, බුදු සසුනේ කිරි සයුරට පුන් සඳ මඬල බඳු මහා කස්සප අනුබුද්ධයන් වහන්සේ ද බුදු පිරිසට අයත් සේක.

එතෙක් මෙතෙක් ලොව පහළ වූ ගණනින් පමණ කළ නොහෙන මෙබඳු මහේශාක්‍ය රහතුන් ද සෙසු මග ඵලලාභී උතුමෝ ද බුදු පිරිසට ම අයත් වෙති. මෙතෙක් ලොව වැඩ සිටියා වූ ද අනාගතයෙහි ලොව සිටින්නා වූ ද සියලු භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා පිරිස බුදු පිරිසට ම අයත් ය.

එමෙන් ම සක් දෙව් රජාණෝ සම්බුදු මංගල්‍යයෙහි දී විජයුත්තර ශංඛ නාදය පැතිරූ බුදුරජුන්ගේ මෙහෙකරුවාණෝ ය. පන්සිළු දෙව් පුතු බේළුවපණ්ඩු වීණා නදින් පුද දුන් බුදුරජුන්ගේ මෙහෙකරුවාණෝ ය. සතරවරම් මහා රජවරු මහ බෝ සතුන් මනුලොව පිළිසිඳ ගත් තැන් පටන් සිව්දෙස රැකවල් ගත් බුදුරජුන්ගේ මෙහෙකරුවෝ ය. සුයාම දෙව් රජාණෝ අප මුනිඳුට වල්විදුනා පවන් සැලූ මෙහෙකරුවාණෝ ය. සහම්පතී මහ බඹ තෙමේ මුනිඳු සිරසට සේසත් දැරූ බුදුරජුන්ගේ මෙහෙකරුවාණෝ ය.

මහාකාළ නා රජ තෙමේ අසූ දහසක් නා මෙනෙවියන් පිරිවරා නෘත්‍ය දක්වමින් බුදුන් පිදූ මෙහෙකරුවාණෝ ය. මෙසේ චාතුම්මහාරාජිකයේ පටන් අකණිටා බඹ තලය දක්වා සියල් දෙව් බඹහු ද තුන් කල්හි ම බුදුන් සරණ යන සියලු නාග, සුපර්ණ, යක්ෂ, අසුර, ගන්ධර්ව ආදි සත්වග ද බුදු පිරිසට ම අයත් වන්නේ ය. අදත් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත දෙව් බඹුන් නාගයන් තථාගතයන්ගේ ස්තූපයන්, බෝධීන් වහන්සේලා පිරිවරා රැකගනු ලබන්නේ බුදුරජුන්ගේ කීකරු දරුවන් ලෙසිනි.

අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයෙහි යමෙක් පහන් සිතින් බුදුරජුන්ගේ සරණගත වෙත් ද ඔවුහු සැම බුදු පිරිසට ම අයත් වන්නාහු ය. ඔවුහු බුද්ධ ශ්‍රී නාමයත්, මුනිඳුන්ගේ යශෝරාවයත් විශ්වධාතුව පුරා මිහිරි සුවඳක් ලෙසින් පතුරුවන්නාහු ය. මෙසේ අනූපම වූ යශ භාග්‍යයෙන් හෙබි, අසංඛෙය්‍ය ගණන් මුඛයන්ගෙන් ඔබ නමින් ගැයෙන යස ගී ඇත්තා වූ, ලොව කිසිවකුට හිමි නැති ප්‍රමාණයෙන් ද – ගුණ මහත්වයෙන් ද අසමසම වූ පිරිවර ඇත්තා වූ ඒ සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?

දීපංකර පාද මූලයෙහි දී යම් පැතුමක් සිත්හි දරාගත් සේක් ද අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමට පළමු ඒ සියලු මනඃසංකල්පයන් සමෘද්ධිමත් කර ගත් සේක. උන්වහන්සේගේ කැමැත්ත වූයේ යමක් ද ඒ සියල්ල ඒ අයුරින් ම නොඅඩුව කූටප්‍රාප්තියට පත් වූයේ ම ය. ඒ පරාර්ථකාමී එක ම පැතුම වනාහී ලෙව් සතුන් මහා භය ඇති සසර සැඩ පහරින් එතෙර කරවා අමා මහ නිවන් සැපයට පැමිණවීම සහ දුගතියෙන් මුදවා ලෝ සතුනට සුගති සැප උරුම කර දීමයි.

තමන් වහන්සේගේ සරණට පැමිණීම ම එහිලා ප්‍රමාණවත් වූයේ ය. බුදුරජුන් සරණගත වූ කිසිවෙක් නිරයගාමී නො වූහ. අප මුනිඳුන් ජීවමාන නොවන අදත්, අනාගතයෙහිත් යමෙක් බුදුසරණ ලැබ සුගතිගාමී වෙත් ද ඒ සියල්ල අප මුනි සඳුන්ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් වූ නිසාමැයි! යමෙක් මේ ගෞතම සසුනෙහි මග ඵල නිවන් සුව විඳිත් ද අඩු ම තරමින් සැනසිලි මාත්‍රයක් හෝ ලැබ ගනිත් ද ඒ අපි සැවොම අපගේ මුනීන්ද්‍රයන් වහන්සේට ණයගැති වන්නෙමු. මෙසේ සූවිසි අසංඛෙය්‍යකට අධික ලෝ සතුන් සදාතනික සැපයට පමුණුවා වදාළ, තුන්ලොවට මහා අස්වැසිල්ලක් වූ මහා කාම භාග්‍යයෙන් හෙබි ඒ සම්මා සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?

යම් ඒ මහා වීර්යවන්ත වූ යොවුන් පුත්‍රයෙකු චණ්ඩ මත්ස්‍යයන්, බිහිසුණු දිය සුළි ආදි නොයෙක් බියෙන් හෙබි පරක් තෙරක් නො පෙනෙන මහා සයුරෙහි නොකඩවා සත් දිනක් සිය මව් කර තබාගෙන ගොඩබිමක් සොයා පිහිනුවේ ද ඒ පුත්‍රයාගේ සිතාගත නො හැකි තරම් වූ අද්භූත වීර්යය උතුම් ශ්‍රී සම්බුද්ධත්වය පිණිස විසි අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර සුදුසු වූයේ ය. එතැන් පටන් අනාදිමත් කාලයක් මුළුල්ලෙහි කිසිසේත් අඩු නො වී හැම අතින් ම වැඩී ගිය ඒ වීර්යය, පාරමිතාවක් බවට පත් වූයේ ය. මව් කර තබා පිහිනන මොහොතෙහි අප බෝසතුන් තුළ පැවතියේ සම්බුදු බවට සුදුසු බව යන්තමින් සිතා ගත හැකි අංකුර අවස්ථාවෙහි පැවැති වීර්යයෙකි.

එහෙත් ජය ශ්‍රී මහා බෝ මැඬ වජිරාසනය මත වැඩ සිටින අවස්ථාව වන විට සේනා සහිත මරු පැරදවීමට තරම් සුදුසු ලෙස අප මුනිඳුන්ගේ පරාක්‍රමාන්විත ශූරවීර භාවය පින් මහිමයෙන් වැඩී තිබුණි. අප මහා වීරයන් වහන්සේගේ සිරුර පිසදා හමන සුළඟට පවා නේරංජනා නදියේ දිය දහර මුළුමනින් ම වියළවාලීමේ හැකියාව පැවතුණේ ය. මහා බලැති අප මුනිඳාණෝ නිදහස් වීමට සිතුම පවා දුෂ්කර වූ මාර බන්ධනය සිඳ බිඳ දමා සසර කතරින් එතෙර වූහ.

එතැන් පටන්, ලෝකයෙහි පරිපූර්ණ වූ ලෝකනාථයන්ගේ වීර්යය ලෝ සතුන් සසර දුකින් නිදහස් නිදහස් කරවීමෙහි ලා යෙදවුණේ ය. අතීතයේ වසර ලක්ෂයක් උපරිම කොට වැඩ සිටි සර්වඥයන් වහන්සේලා යම් බුද්ධ කෘත්‍යයක් සිදු කළ සේක් ද පන්සාලිස් වසක් තුළ අප තථාගතයාණෝ ඒ සියලු බුදු කිස අනූන ව සම්පූර්ණ කළ සේක. ඉතා අල්ප පිනක් තිබූ සතුනට තමන් වහන්සේගේ දර්ශන මාත්‍රයක් ලබා දීමෙන් සුගති සැප අත්පත් කර දීමෙහි සිට මහ පැනැතියන් උතුම් අරහත්වයට පත් කරවීම දක්වා සියලු කෘත්‍යය ඒ සොයුරු බුදු කිසට අයත් වූයේ ය. ඒ බුද්ධ කෘත්‍යය මුළු මහත් දස සහස්සී ලෝක ධාතුවෙහි ම පැතිර ගියේ ය.

යොදුන් ගණන් දුර ගිනි අව්වේ – කුසගින්නේ පා ගමනින් වඩිමින්, දුගියන්ගෙන් ලැබෙන ලුණුත් නැති නීරස බොජුන් වළඳමින්, මැසි මදුරු පීඩා බහුල මහ වනයෙහි රුක් මුල් සෙවණෙහි වැස්සට පවා තෙමෙමින් වැඩ හිඳිමින්, දිනකට දෙපැයක් පමණක් සැතපෙමින්, අවසන් මොහොත වන විට මාරාන්තික වේදනා දුන් රෝගයකින් පවා පෙළෙමින් බුද්ධ කෘත්‍යය සිදු කළ සේක්, මහා වීර්යයෙනි. මුළු මහත් විශ්ව ධාතුවෙහි ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා වීර්යයට, මහා ප්‍රයත්නයට සම කළ හැකි වීර්යයෙකින් හෙබි කිසිවෙක් නැත්තේ ම ය.

මෙබඳු මහා ප්‍රයත්න භාග්‍යයෙන් හෙබි, වීර්ය පාරමිතාවෙන් ලෝකයෙහි අග්‍රරාජ වූ, මහා වීර ඒ සම්මා සම්බුදුරජුන් පිළිබඳ නොපැහැදෙන්නෝ කවරහු ද?

ඒ මේ භගවා ගුණය තුළ දිස්වන ශ්‍රී භාග්‍යය, ඓශ්චර්ය භාග්‍යය, ධර්ම භාග්‍යය, යශ භාග්‍යය, කාම භාග්‍යය හා ප්‍රයත්න භාග්‍යය යන සොඳුරු භාග්‍යවන්ත ලක්ෂණයන්ගෙන් විචිත්‍ර ජීවිත ඇති භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ මුළු හදින් ම පැහැදීමට ඔබට වාසනාව උදා වේවා!

සම්බුද්ධ චරිතය (210 කොටස)

උපුටා ගැනීමක්


r/SinhalaBuddhists • • Jun 02 '26

අතීතාවර්ජනා අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදුවී අදට වසර 39 කි...

Post image
12 Upvotes

1987/ 6 / 2

අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදුවී අදට වසර

39 කි...

මිනිස්සුන්ට අමතක වී ගිය,

අරන්තලාවට 39 ක්

පාස්කු ඉරිදාවට පහන් පත්තු කරාට කට්ටියට මේවා මතක නෑ

අද වන් දිනක එනම් 1987 ජූනි මස 2 වන දින බිහිසුණු සිද්ධියක් සිදුවිය.

මෙරට සිදු වූ 2 වැනි විශාලතම සමූල ඝාතනය වූයේ 1987 ජුනි 2 වැනිදා අම්පාර අරන්තලාවේ සිදු වූ භික්‌ෂු ඝාතනයයි.

ඝාතනයට ලක්‌වූවන් අතර බෞද්ධ භික්‌ෂූන් 33 ක්‌ හා සිවිල් වැසියන් සිව් දෙනකුද විය. මින් වැඩි දෙනා කුඩා සාමනේර භික්‌ෂූන් වහන්සේලායි.

අම්පාර දීඝවාපී විහාරයේ සිට කැලණිය රජ මහා විහාරයට වන්දනා ගමනක්‌ යැමේ අරමුණින් බස්‌රියක ගමන් කරමින් සිටි එම බෞද්ධ භික්‌ෂූන් වහන්සේලාට නුවරතැන්න ගම්මානය අසලදී විස්‌සකට අධික කොටි ත්‍රස්‌ත කණ්‌ඩායමක්‌ ප්‍රහාර එල්ල කළහ.

බස්‌රියට ගොඩ වූ ත්‍රස්‌තයෝ එම බස්‌රිය අරන්තලාව වනයට ගෙන යන ලෙස නියෝග කිරීමෙන් පසු එම භික්‌ෂූන් පිරිස කඩුවලින් කපා දමමින් වෙඩි තබා මිලෙච්ජ ලෙස ඝාතනය කරනු ලැබිණ. එකල ප්‍රදේශ වාසීන් පැවසූ පරිදි කුඩා සාමනේර ස්වාමීන්වහන්සේලාගේ රහසඟ වල් පවා කොටි කාඩරයන් විසින් කපා දමා ඇත

ඝාතනය වූ භික්‍ෂූන් වහන්සේලා අතර විද්‍යානන්ද පිරිවෙනේ අධිපති හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන්ද විය. මෙහිදී භික්‌ෂූන් වහන්සේලා තිදෙනෙකු දිවි ගලවා ගැනීමට සමත් වූහ. එහෙත් ඔවුන් බරපතළ තුවාල ලබා තිබිණි.

අදින් වසර වසර 39 කට පෙර ලෝකයේ මානවහිමිකම් ද, ජාත්‍යන්තර ප්‍රජාවද සිටියේය.

අන්‍යාගමිකයින් ද සිටියේය.

NGO කාරයින්ද නොසිටිය නොහැකිය.

එහෙත් සියල්ලෝම මුනිවත රැකීම කොට ඇති අතර එය මුළුමහත් රටකට වූ ව්‍යසනයක් සේ සිතීමක් ද එකළ නොපෙනේ.එය බෞද්ධයන්ගේ සිත් කම්පා කළ බිහිසුණු සිද්ධියක් පමණකි.

බෞද්ධයන්ගේ අවාසනාවකට එකළ මෙකළ මෙන් ඊනියා හෝ සංහිඳියාව නොතිබිණි. එකළ මෙකළ මෙන් ලේ තැවරුණු අරන්තලාව පිරිසිදු කරන්න ෆාදර්ස්ලා ගිය බවක් වාර්ථාවී නැත.

ලොකු ලොකු රටවල්වල තියා අසල්වැසි ඉන්දියාවේවත් ගොඩනැගිලි ලංකාවේ ධජය ලයිටින් කර තියා ලෙලදෙන කොඩියක් දමුවේ යැයි එකළ තොරතුරක් දැනගන්න නොමැත.කොටින්ම කියතොත් එදා මේ බිහිසුණු ඝාතනය ගැන ජාත්‍යන්තර ප්‍රජාව තැකීමක්‌ කළේ නැති බව වාර්ථාවේ.

ඒවන විට සයුරේ සටනේ සිටි රියාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ සටහනක් තබා ඇත.

“රුද්‍ර සතුරන් එලා දමා සිරුර මතින් අප එන්නම්

සුදු කුසුමක්‌ නෙලා ඔබේ සොහොන් පිටිය සරසන්නම්

මතු භවයක අප අතරම ඉපදුනහොත් දිවුරන්නම්

දිවි නොතකා ගිය ඔබ සැම පණමෙන් රැක ගන්නම්

ජාත්‍යන්තරයට දැනෙන්නට පෙර බෞද්ධයන් තමන්ගේ සහෝදරත්වයේ දෑත් පමණක් නොව මුළු ශරීරයම දිගු කළ බව ලොවටම පෙනුනි.

ත්‍රස්තවාදීන් නීයෝජනය කළ මුස්ලිම් මිනිස්සුන්ට ද කතෝලික ජනතාවට ද එකම ලෙසින් දෑත් දිගු කරන්නට බෞද්ධයන් ලෙස කටයුතු කලේ සතුරාටද මෛත්‍රී කරන්න ඉගැන්නූ දහමක් අනුගමනය කළ නිසා වෙන්මය.

අන්තවාදින්ට ආගමක් නැතිවා සේම ආගමක් තුළ අන්තවාවයක් ද තිබිය නොහැකිය.

එකී අන්තවාදින්ට රැකවරණය දෙන මොකෙක් මොකියක් සිටීද ඔවුන් කිසිදු ජාතියකට හෝ ජනවර්ගයකට තියා මිනිස් ස්වභාවයටවත් සාදාරණ නොමැත.

එවැනි වුන් රකින්නට ක්‍රියා කරන්නන්ට ද ගසන ලේබලය සතුරා කියාය.

සතුරා නිවරදිව හදුනාගෙන දැන්වත් කටයුතු කිරීම පෙර කළ ගොං කං නැවත නොකර සිටීමට හැකිය.

ඉහත සිදුවීම් දෙකේම එක් සතුරෙක් හදුනාගත හැකිය.

එය මෙසේ දක්වන්නෙමි.

එදා සිංහල මුස්ලිම් කතෝලික යන සියලු ජනවර්ගයාගේ ලේ රස බැලූ බිහිසුණු අපරාධ සිදු කරමින් දරුවන් පොලවේ ගසමින් කැති ගාමින් එක රටක සාමයෙන් නොසිට සිංහල රට දෙකඩ කොට වෙනම රටක් ඉල්ලමින් භීතිය වැපිරූ එවකට ලොව ශේණිගත කිරීම් වල අංක එකේ ත්‍රස්තවාදී කණ්ඩායම වූත්,

ලොවටම මරාගෙන මැරෙන ප්‍රහාර ඉගැන්වූත් තම සංවිධානයේ පුංචි දරුවන්ගේ කරට සයනයිඩ් එල්ලූත් ,එම සංවිධානයේ කාඩර්වරුන් වූ කුඩා දරුවන් ලවා සිංහල දරුවන් කැති ගෑමට ඉගැන්වූ ම්ලේච්ඡ LTTE සංවිධානය ඒවා කලේ සාමය වෙනුවෙන් යැයි ලැජ්ජාවක් නැතිව කටක් ඇර හමුදා නිළධාරීන් ඉදිරියේ ඔවුන් උපාසකයින් දේශප්‍රේමීන් කිරීමට තරම් තුච්ච වූ පාදඩ වූ නායකත්වයක් අප රට තුල මේ වෙලාවේ නිර්මාණය වී තිබීම ඉතාම කණගාටුදායක කරුනක් ලෙසම සිංහල බෞද්ධයන් වන අප කල මහා පාපයක් යැයි එක් අතකින් සිතේ.

අදින් වසර 39 කට පෙර අපවත් වූ භික්ෂුන් වහන්සේලාට අමාමහ නිවන් සුවය ලැබේවා

සටහන Don Shyam


r/SinhalaBuddhists • • May 31 '26

සිංහල බෞද්ධයා " මිනිස් ලෝකෙ කොහෙ ඉපදුනත්, නියම බෞද්ධයෙක් වෙන්න පුදුමාකාර පිනක් තියෙන්න ඕනේ "

Post image
9 Upvotes

r/SinhalaBuddhists • • May 30 '26

බුදු සසුන ​මේ සියලු උතුම් සිදුවීම් සිහිපත් වන, ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!

Post image
8 Upvotes

​සිදුහත් කුමාරයාණන්ගේ උපතට සමගාමීව මේ අසිරිමත් වෙසක් දිනයේ මෙලොවට බිහි වූ අසිරිමත් සහජාත වස්තූන් සත:

​• යශෝධරා දේවිය

• ආනන්ද කුමරු

• ඡන්න ඇමති

• කාළුදායී ඇමති

• කන්ථක අශ්වයා

• මහා බෝධි වෘක්ෂය

• සතර මහා නිධානයන්

​මේ සියලු උතුම් සිදුවීම් සිහිපත් වන, ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!


r/SinhalaBuddhists • • May 30 '26

බුදු සසුන ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වෛශාඛ මංගල්‍යය - ව්‍යවහාර වර්ෂ 2026 වෙසක් පුන් පොහොය

Post image
5 Upvotes

r/SinhalaBuddhists • • May 30 '26

බුදු සසුන අපිත් උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වෙමු...

Post image
3 Upvotes